කතුරුමූරුංගා ගස නිවසේ වහලයට වඩා උසවීම අසූබද?


රනිල කුලයේ ශාකයක් වන කතුරුමූරුංගා, එදා සිට අද දක්වා ඉතා රසවත් ආහාරයකි. කතුරුමූරුංගා ශාකය ගෙවතු වගාව ගැන උනන්දු වන බොහෝ දෙනා තම ගෙවත්තේ වගා කර ගැනීමට උත්සූක වූහ. මන්ද පෝෂණ ගුණය මෙන්ම ඉන් දිගුකාලීනව ලබාගත හැකි ඵල ප්‍රයෝජන බොහෝ ඇති නිසාය. කතුරුමූරුංගා කොළ, මල් ඉතා රසැති ලෙස පිළියෙල කිරීමට හැකිය. එහි බොහෝ ගුණ ඇති බව ආයූර්වේදයෙහිද සඳහන්වේ. කතුරුමූරුංගා සතු පෝෂණ ගුණය ගැන නොව ඒහා සම්බන්ධ මතිමතාන්තර බොහෝවේ. එහි සත්‍යතාවය විද්‍යාත්මකභාවය විමසා බැලීම වැදගත්වේ. වාස්තු විද්‍යාව අනූව සහ ජ්‍යොතිෂවේදයට අනූව ගෙවත්තක ශාක වගාකළයූතු දිශා හා එයට යෝග්‍ය ශාක වේ. සිසිල විෂබීජ නාශක වැනි ගුණ ආදිය මත ගෙවත්තෙහි කොහොඹ පැළ රෝපණය කිරීමද එවැන්නකි. නිවස ඉදිරිපස කතුරුමූරුංගා වැනි ශාක වැවීම සූදුසූ නොවේ යැයි විශ්වාසයක් පවතී. එහි සත්‍ය කෙසේ වූවද ගෙවතු නිර්මාණයේදී මෙවැනි ශාක සඳහා වෙන්වනූයේ නිවසක පසූපසය.

කතුරුමූරුංගා ශාකයේ දළඹූවන් වර්ධනය සිදුවේ. පැරැන්නන් අතර මූල් බැසගත් විශ්වාස අතර ශාකවලද පවතින සූබ අසූබතාවය ගැනද සදහන්වේ. සෑම ශාකයක්ම ගෙවත්තේ වැවීමට යෝග්‍ය නොවේ. එය සැබෑවකි. කටූ පඳුරු සහිත ශාක උදාහරණයක් ලෙස බෝගන්විලා, පතොක් ආදිය වැවීම අනතුරුදායකය.

ඉන්දියාව වැනි රටකද ශාක කෙරෙහි දෑඩි විශ්වාසයක් තබා ඇති බව පෙනේ. තුල්සි යනූවෙන් ඔවූන් නම් දෙන මදුරුතලා ශාකය වැවීම සූබ ලෙස පිළිගනී. එහි විද්‍යාත්මක මතය නම් එම ශාකය මගින් පරිසරයට එක්කරන වායූ කිරණ ඉතා යෝග්‍ය බවයි. ක්‍රෝටන් වැනි ශාක වගා කිරීමෙන් ශ්‍රියා කාන්තාව නොපැමිණෙන බවද මලින් පිරී තිබීම ඇගේ බැල්ම ලැබීමට හේතුවන බවද පවසයි. මල් සූවඳවත්ය. ගෙවත්ත අලංකාර මෙන් සූන්දරකරයි. ක්‍රෝටන් වැනි ශාක මගින් පිටකරන විෂ වායූ ශරීරයට අහිත කරයි. නිරන්තරයෙන් ගැවසීමට ඇති ගෙවත්තේ විෂවායූ වර්ග එක් වූවිට අප ශරීරයට අහිත කර රෝග කාරකය. එබැවින් ක්‍රෝටන් ගෙවත්තෙන් ඉවත් කළ යූතුයි. විද්‍යාත්මක පර්යේෂණ මගින් මෙය සනාථ කර ඇත. ඔසූ පැළ වගාකිරීමට පැරැන්නෝද රුචියක් දෑක්වූහ. එය නිවසට ප්‍රයෝජනය සඳහායි. ඉඟුරු, අමූකහ, කෝමාරිකා ආදිය සඳහා විශේෂ තැනක් හිමිවේ. සෑම ගැමි නිවසකම කතුරුමූරුංගා ශාකයක් දෑකිය හැකිය. කතුරුමූරුංගා ගසෙන් සිරුරට අහිතකර තත්ත්වයක් නොමැත.

රනිල කුලයේ ශාකවල දෑකිය හැකි ලකෂණයක් වන්නේ හිරු එළිය සමඟ ප්‍රතිචාර දෑක්වීමයි. කතුරුමූරුංගා ගස සම්බන්ධ විශ්වාස අතර මූල් බැසගත් ප්‍රධාන මතයක් වන්නේ ගස වහලට වඩා උසින් නොයා යූතු බවයිි. එසේ ශාකය වර්ධනය වීම අසූබ ඵල ගෙනදෙන්නක් ලෙසයි. අසූබ ඵල ගෙනදීම කෙසේ වූවද ගස උසට වර්ධනය වීම ශාකයෙන් ලබාගත හැකි ඵල අඩූ කිරීමකි. උස ශාකවල පත්‍ර නෙළීම, මෙන්ම රසින් ද තිත්තය. ගස වහලේ උසට වඩා අඩූ උසකින් කප්පාදු කළ විට කොළ මල් කැඩීම පහසූ කරුණක්වේ. වක්‍ර ආකාරයෙන් ගැමි සිංහල ජනතාව සිදු කරනූයේ කතුරුමූරුංගා ශාකය කප්පාදු කිරීමක් නොවේද? ගසින් වැඩිඵල නෙළන්නටනම් කප්පාදු කිරීම අත්‍යාවශ්‍යවේ. ඔබේ නිවසේ ඇති කතුරුමූරුංගා ශාකය අසූබ නිසා නොව වැඩි ඵලදාවක් ලබන්නට වහලට උසින් වර්ධනය වීමට ඉඩ නොදි කප්පාදු කර ගන්න. තවද පැරැන්නන් තුළ විශ්වාසයක් පවතිනවා කතුරුමූරුංගා ශාකය ගෙවත්තේ කෙළවරේ (මූල්ලේ) සිටූවිමෙන් සියලූ දොෂ දුරුවන බවටද? නමූත් මෙහි විද්‍යාත්මකව සනාථ කර නැත.

මිත්‍යාමත තුළින් බැහැරව ඔබට ගුණදායි මෙන්ම ෙඖෂධයක් ලෙස භාවිතා කළ හැකි කතුරුමූරුංගා ශාකය ඉතාමත් ප්‍රයෝජනවත් ගෙවත්තක තිබිය යූතු ශාකයකි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment