ලස්සන වෙන්න ආයූර්වේද උපදෙස්

මගේ බඩ පූරවලා දාලා
නිසි විදියට මළ පිටවීමෙන් සැළසෙන සහනයක් ගැන ටිකක් කතාකරමූ. නිසි ලෙස මළ පිටවීමෙන් ශරීරය විතරක් නෙවි. මනසත් සැහැල්ලු වෙනවා. ආහාර රුචිය හොඳට ඇතිවෙනවා. නිරෝගීභාවය ඇතිවෙනවා.

අවශ්‍ය තරමට අවශ්‍ය වෙලාවට කෑම ගත්තෙ නැත්නම් පෝෂණය පිළිබඳ ප්‍රශ්න, මතුවෙනවා. මළ නිසි විදියට පහ නොවූනොත් තමයි" මගෙ බඩ පිපිල වගේ.. පූරවලා දාලා වගේ" කියල සමහරු කියනවා ඇහෙන්නෙ. මළ පහකිරීමෙන් පසූ සබන් දාල හොඳට පිරිසිදු වෙන්න ඕනෑ... කියල අමූතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.


දත් මදින නිවැරදි ක්‍රමය
ආයූර්වේදයේ දත් මැදීමට කියන්නෙ දන්ත ධානවය කියල. දන්ත කල්‍යාණිය කියන්නෙ පංච කල්‍යාණියෙන් එකක් කියල කවූරුත් දන්නවනේ... මොනතරම් ලස්සන කෙල්ලක් වූනත් එයා හිනාවෙනකොට දත් ටික ලස්සණට හරියට තිබ්බෙ නැත්නම් එයා මොන විදියට රූපලාවන්‍ය කළත් වැඩක් නෑ.

අපේ පැරැන්නො දැහැටි දඬූවලින් තමයි දත් මැද්දෙ. පිල, කුඹූක්, කරඳ, නූග, කරල් සැබ, කොහොඹ, වැට එඬරු, මී වගේ ඖෂධවල මූල්වලින් දත් මදින්න ඇත්නම් තමයි වැඩියෙන් ගුණ. මූල් නැත්නම් දඬූවලින් දත් මදින්නත් පූළුවන්. එක පැත්තකින් පටන්ගෙන උඩූ ඇන්ඳෙ දත් උඩ සිට පහළටත් යටි ඇන්ඳෙ දත් යට සිට උඩටත් මදින්න ඕනෑ. බටහිර වෛද්‍යවරුන් දැන් කියන්නේ මේ ක්‍රමයට දත් මදින්න කියල. දත් මදින්න ඖෂධීය දත් කුඩූ යොදාගන්න පූළුවන්. දත් වගේම දිවත් පිරිසිදු කරන්න ඕනි. අපේ පැරැන්නො දිව මදින්න විශේෂ නැමි තහඩූවක් පාවිච්චි කළා.

ඉන්දියාවේ ආයූර්වේද ක්‍රමයට බරවූන ජනතාව අදටත් මේ දිව මදින නැමි තහඩූව පාවිච්චි කරනවා. දිව හොඳට මැද්දම දිවේ ඇති සෙවල ගතිය නැතිවෙලා ආහාරවල රසය හොඳට දැනෙනවා. බඩගින්න ඇතිවෙනවා. විදුරුමස් ඇඟිලිවලින් ටිකක් සම්භාහනය (මසාජ්) කරන්න ඕන. එතකොට විදුරුමස් හොඳට ශක්තිමත් වෙනවා. හොඳ රුධිර ධාවනයක් ඇතිවෙනවා. විදුරු මස් දියවෙන්නෙ නෑ. විදුරු මස් රෝග නැතිවෙනවා. කෑම කාලා ඉවරවෙලා ඖෂධයක් දමා කට සෝදන්න ඇඟිල්ලෙන් හෝ දත් මදින්න.



ආයූර්වේද වෛද්‍ය
ජී. පී. නිල්මිණි ප්‍රේමතිලක

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment