දන්නා දේ ගැන නොදන්නා දේ -හරිත තේ

එහෙත් හරිත තේ යූරෝපා රටවල් අතර වඩාත් ප්‍රසිද්ධ පානයක්. ඒ වගේම ජපානය හා චීනය වැනි රටවලත් හරිත තේ පානය හරිම ප්‍රසිද්ධයි.

ශ්‍රී ලංකාව තේ පානය කරන්නන් බහූලව සිටින රටක් ලෙස ප්‍රසිද්ධ වූවත්, හරිත තේ (ඨරුැබ ඔැ්ඃ පානය මෙරට වැසියන් අතර එතරම් ප්‍රසිද්ධ නෑ.


බ්‍රිතාන්‍යයේ ළමා සෞඛ්‍ය හා සම්බන්ධ පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක වෛද්‍ය ඇන්ස්ටාසිස් ස්ටෙපානෝ පෙන්වා දෙන්නේ හෘදයට සිදුවන හානියකදී හෘදයේ ෙසෙල මියයාමට තිබෙන අවදානම හරිත තේ මඟින් අඩූකරන බවය. හෘදයාබාධයකදී හෘදපේෂිිවලට සැපයෙන ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණ අඩූවන අතර මෙම තත්ත්වය මොළයටද බලපෑමක් ඇති කරනවා. මෙයින් ඇතිවන අහිතකර ප්‍රතිඵලය වන්නේ නැවත පණගැන්විය නොහැකි අන්දමින් ෙසෙල මියයාමයි.

වෛද්‍ය ඇන්ස්ටාසික් පෙන්වා දෙන්නේ හරිත තේවල අඩංගු රසායනික සංයෝග හෘදපටක හා මොළයේ පටකවල මියයාම අඩූකරන බවයි. මොළයේ මෙම පටක මියයාමට හේතුවන්නේ ඔක්සිජන් හෝ පෝෂ්‍යපදාර්ථ අඩූවෙන් ලැබනෙ අවස්ථාවකදී ස්ටැම් ප්‍රෝටීනයේ ක්‍රියාත්මකවීම නිසයි. හරිත තේවල අඩංගු රසායන ද්‍රව්‍ය මෙම ප්‍රෝටීනයේ ක්‍රියාත්මක බව නතර කර දැමීම එයට හේතුවයි. කිරීටක ධමනි ආශ්‍රිත රෝගාබාධවලදීත් මෙම රසායනිකය හේතුවනවාද යන්න සොයා බැලීමට තව දුරටත් පර්යේෂණ කරන බව වෛද්‍ය ඇන්ස්ටාසින් පවසනවා.


පිළිකා නසන්න වැල්මීවලටත් පූළුවන්වෛරස ආසාදන නිසා ඇතිවන රෝග ගණනාවක් අතරින් මූලටම සිටින රෝගයක් තමයි පිළිකාව. හර්පීස් කියන්නේ වයිරසයක්, නිසා ඇතිවන කපොසිරිසාර්කෝවා (ණදචදිස ී්රජදප්ඃ නම් සමේ පිළිකාව නැසීමට හැකියාවක් තිබෙන බව වැඩිදුර කරන ලද මෙම පර්යේෂණයෙන් හෙළිවී තිබෙනවා.

මෙහිදී ග්ලසියසිරිසින් අම්ලය හර්පීස් වෛරසයේ ක්‍රියාකාරිත්වයට බලපාන ජානවලට බලපෑම් එල්ල කරන නිසා ආසාදනයට ලක්වූ ෙසෙල අක්‍රිය කරන බව ද මෙහිදී පෙනීගිය කරුණක්.

වඩාත් සාර්ථකව කළ මෙම පර්යේෂණවලින් හෙළිවූ තවත් කරුණක් වන්නේ ආහාර රසගැන්වීම සඳහා යොදාගන්නා වැල්මී ශාකය උදරාබාධ, උගුරේ ආසාදන කැස්ස හන්දි අමාරුව අධිවෘක්ක අක්‍රියතා, අසාත්මීකතාව වැනි රෝග තත්ත්වවලට වඩාත් හොඳ ඖෂධයක් බවයි.


මෙහිදී කිවයූතු විශේෂ දෙයක් තිබෙනවා. බටහිර වෛද්‍ය පර්යේෂණවලට අනූව වැල්මී ශාකයේ ගුණ මෑතකදී හෙළිවූවත් දේශීය වෛද්‍ය ක්‍රමයේත් හා ආයූර්වේද වෛද්‍ය ක්‍රමයේදීත් වැල්මීවල ගුණය පෙන්වාදී තිබෙන්නේ වසර දහස් ගණනකට පෙර බවයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment