බලාගෙනයි නාන තොටේ තොටයකා ඉන්න පූළුවන්

පැරණි සිංහල ගැමි සමාජය තුළ විවිධ යක්ෂයෝ පේ්‍රතයෝ, කුම්භාණ්ඩයෝ ජීවත් වූ බව රහසක් නොවෙයි. අදවන විටත් ඒ සමාජයෙන් පැවත ආ යම් යම් දේවල නෂ්ඨාවශේෂ අඩූවක් නැත. එල්බගත් විශ්වාසයන් තුළ මිනිස්සූ සිටිති. ඒවා මිත්‍යා මත කියා අපට එක එල්ලේ බැහැර කිරීමට හැකිවූවත් එක්තරා ප්‍රමාණයකට ඒවායින් සමාජ රක්ෂණය සිදුවූ බවක්ද පෙනෙන්නට තිබේ.

හැන්ඳෑකරේ තනිපංගලමේ ළමිස්සියන් ගඟට, වැවට, ඇලට, ළිඳට, දියනාන්නට යෑම ඒ තරම් ගුණදායක දෙයක් නොවන බව අපේ පැරන්නෝ විශ්වාස කළහ. එසේ නාන්නට ගියහොත් තොටයකාගේ ඇල්ම බැල්ම හේතුකොට ගෙන කාන්තාව රෝගී වන්නට හැකියැයි සිතූහ.
සැබවින්ම හැන්දෑකරේ තනි පංගලමේ කාන්තාවක් දියනාන්නට යෑම කොහොමත් අනතුරුදායකය. තොට යකාගේ ඇල්ම කෙසේ වෙතත් කාන්තාවට වෙනත් අතුරු අන්තරා සිදුවිය හැකිය.

සිංහල ගැමි සමාජය තුළ තිබූ මේ විශ්වාසය නිසා කාන්තාවගේ ආරක්ෂාව තහවූරු විය. හැන්දෑවට තනිපංගලමේ කාන්තාවකට දිය නාන්නට යන්නට ඉඩ දුන්නේ නැත. යම් හෙයකින් එසේ නාන්නට ගොස් තොටයකා වැහූණොත් එය කෙළවර වන්නේ රෝගී කාන්තාව සූවපත් කිරීම උදෙසා තොවිලයක් බලියක් නැටීමෙන්ය.
මෙයට පෙර කළු කුමාර දිෂ්ඨිය ගැන අදහස් දක්වන විට කීවාක් මෙන් මෙයද, මිනිසූන්ගේ චින්තනයේ ඇති යම් යම් ස්වභාවයන් හේතු කොටගෙන හටගන්නක් බව මම අදහස් කරමි.

තොට යකාගේ බාහිර ස්වරූපය මේ යැයි ස්ථිර වශයෙන් එල්ලවූ නිගමනයන් නැත. තොට යකාගේ ඇල්මට බැල්මට ලක්වූවා යයි සිතන කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ සංවාදයට ලක්වූණොත් විවිධ හැඩරුව ගණනාවක් කියනූ ඇත. ඒවා එකනෙකට පරස්පරය. ඒ නිසා විවිධ රූපයෙන් තොට යකා සමාජයට ප්‍රවේශවෙන බව මිනිසූන්ගේ විශ්වාසයයි.

කෙසේ වූවත් තොට යකාගේ උත්පත්ති කතාව සොයන්නෙකුට නිශ්චිත තොරතුරු සොයා ගැනීමට අමාරුය. නමූත් මේ යක්ෂයා දියෙන් උපන් අයෙකු ලෙස ඇතැම් අය තුළ විශ්වාසයක් පවතී.

ගැමි සමාජය සාමාන්‍යයෙන් සෙනඟ ගැවසෙනවා අඩූය. නාන තොටට යන්නට ඇති මගද බොහෝ විට පාළු පරිසරයෙන් යූක්තය. මේ පාළු පරිසරයේ තනි පංගලමේ කාන්තාවක් දියට යන්නට යන ගමන අනතුරුවලට අතවැනීමක් වැනිය. හිතුවක්කාර තරුණියන් පාලනය කරන්නට එදා සමාජයෙන්ම ඇති කරගත් තහංචියක් ලෙසත් ඇතැම් අය තොට යකා හඳුන්වා දීමට උත්සූක වෙති.

මානසික රෝගී තත්ත්වයකින් පෙලෙන අය නානතොටට පමණක් නොව වෙනත් ඕනෑම තැනකට තනියෙන් ගියොත් නැති ප්‍රශ්න ඇතිවෙන්නට පූළුවන. අලුත් අලුත් මිනිස් යක්ෂයන්ගෙන් ප්‍රශ්න ඇතිවිය හැක. ඒ නිසා ආත්ම විශ්වාසයෙන් යූතුව කටයූතු කිරීමට කාන්තාවන් වෙහෙස මහන්සි විය යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment