බඳුන්වල කළ හැකි කංකුං වගාව


අද නාගරික සමාජයේ බොහෝ දෙනෙකුට ඉඩකඩ සීමිත නිසා වෙළඳපලෙන් පලා මිටිය ගෙන ඒමට හෝ "කීර වෙළෙන්දා" නිවස අසලින් යනවිට මීලදී ගැනීමට හෝ සිදුවේ. මෙයට පිළියමක් ලෙස බඳුන් ප්‍රයෝජනයට ගෙන වගා කිරීමට අවධානය යොමූ කිරීම කාලෝචිත පියවරක් වේ.

විශේෂයෙන්ම පලාවර්ග වගාවේදී කංකුං ඉක්මණින් වර්ධනය වන එමෙන්ම පඳුරක් ලෙස පාලනය කරගත හැකි වර්ගයක් නිසා අලංකාරවත් ලෙස හැඩ ගසා ගැනීමටද පූළුවන.

කන්කුන් දඬූ කැබලි මගින් මෙන්ම ධාවක කොටස්වලින් හෝ බීජවලින් බෝ කරගත හැකිය. බීජ ලබාගැනීම සඳහා පඳුරු කිහිපයක් වෙන්කර තබා ගැනීම ප්‍රයෝජනවත්ය. කාබනික පොහොරවලට හොඳ ප්‍රතිචාරයක් දක්වන බෝගයකි. මල් පිපීමට පෙර අස්වැන්න නෙලා ගැනීම මගින් පඳුරු ස්වභාවය වර්ධනය කරගත හැකිය. එමෙන්ම මෙම අවස්ථාවේ පෝෂණයද අධිකය. වැල් ආකාරයේ කංකුංවල මල් දම්පාටය. එහෙත් පඳුරු ආකාරයේ මල් සූදුපාටය. මේ මගින් වර්ග දෙක පහසූවෙන් හඳුනාගත හැකිය.

සිටූවීම සඳහා නිරෝගී වගාවකින් දඬූ කැබලි හෝ බීජ ලබාගන්න. දඬූකැබලි නම් ගැට 3ඃ4 සහිත (සෙ. මී. 20 ඃ 30) කැබලි තෝරාගන්න. බඳුන්වල සිටූවන්නේ නම් බඳුනේ විශාලත්වය අනූව දඬූ කැබලි හෝ බීජ සිටූවන්න. පඳුරු පැතිරී යන විට ඉඩකඩ මදිවීමට ඉඩ ඇත.

සිටූවා මාසයකින් පමණ මූල් අස්වනූ නොලාගත හැක. ඊට පසූ 2ඃ3 කට වරක් දඬූ කැබලි අස්වනූ ලෙස ඉවත් කරගත හැකිය. ඝන මාධ්‍යයක කංකුං සිටූවනවා වගේම ජලරෝපිත වගා ක්‍රමයටද කංකුං වගාව සාර්ථක ප්‍රතිඵල දැනට පෙන්වා ඇත. කොහූබත් කොහූ කෙඳි භාවිත කර මාධ්‍ය සකස්කර ගන්නවා වගේම පියන සහිත බඳුනක් භාවිත කර ජල මාධ්‍යයක මෙම වගාව කිරීම ද අද කරනූ ලබයි. මේ සඳහා රිජිෆෝම් පෙටිටි උපයෝගී කර ගැනීමටද හැකියාව ඇත.හාල් බෑග් වූව යෝග්‍යය. ලී බඳුන්, ප්ලාස්ටික් බාල්දි හෝ සිමෙන්ති බඳුන් ද භාවිත කළ හැකිය. මෙහිදී බඳුන ඇතුළත පෘෂ්ඨය කලු පොලිතීන්වලින් ආවරණය කරනූ ලබයි. එමගින් පෝෂක ද්‍රව්‍ය බඳුනෙන් වෑස්සීම වළකන අතර ආලෝකය ඇතුල්වීමද වළක්වනූ ලබයි. මෙම බඳුනේ පියනක් ද තිබිය යූතුය. පියනෙහි සකස් කරන ලද සිඳුරු තුළින් බඳුන් පැළ ද්‍රාවණය හා සම්බන්ධ කරනූ ලැබේ. සිදුරු තුළ තැබීම සඳහා ප්ලාස්ටික් කෝප්ප වැනි දෙයක් ප්‍රයෝජනයට ගත හැකිය. බඳුනට පිරිසිදු කොහූබත් හෝ කර කරන ලද දහයියා පූරවා ගත යූතු කෝප්පය පතුලේ සහ වටෙිට සිඳුරු සාදා ගැනීම වැදගත්ය. බීජ හෝ දඬූකැබලි කෝප්පයේ සිටූවිය හැකිය. මෙම බඳුන් තැන්පත් කරන පෙටිටියේ 2/3 ක් පමණ පිරෙන ආකාරයට පෝෂක මාධ්‍ය පිරවිය හැකිය. ඉන්පසූ පැළෑටිය සහිත බඳුන් මෙම ද්‍රාවණයේ ගෑවෙන නොගෑවෙන තරමට තැන්පත් කළ යූතුය. එවිට පැළෑටිවල මූල් ඇඳී මෙම ද්‍රාවණයෙන් අවශ්‍ය පෝෂක කොටස් ලබාගනූ ඇත.

පෝෂක ද්‍රව්‍ය ලෙස වෙළෙඳපලෙන් ලබා ගත හැකි ඇල්බටි මිශ්‍රණය භාවිත කළ හැකිය. මෙම ද්‍රව්‍ය කුඩක් ලෙස වෙළඳපලේ ඇති අතර කි. ග්‍රෑම්. 2 ක් ජලය ලීටර් 1000 ක් දිය කළ හැකිය. මෙය මූලික ද්‍රාවණය ලෙස පළමූව පොහොර කි. ග්‍රෑම්. 02 ජලය ලීටර් 25 ක මිශ්‍ර කරන්න. එම ද්‍රාවණයේ ලීටර් 1 ක් ජලය 39 ක දියකර මිශ්‍රණය හදාගැනීම විශාල භාජන අවශ්‍යතාවයට පිළියමක් ලෙස යෝජනා කළ හැකිය. පෝෂක ද්‍රාවණය නිවැරදිව තබා ගැනීමට වග බලාගන්න.

නිවසේ ඉඩ ඇති තැනක තැන්පත් කර හෝ මෙවැනි වගාවන් කළ හැකිය. අවශ්‍ය උපදෙස් පළාතේ කෘෂිකර්ම නිලධාරීන්ගෙන් ලබාගත හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment