මූත්‍රා ගල් රාබූවලට පරාදයි

fame left

වෑංජනයක් ආකාරයෙන් රාබූ ආහාරයට ගන්නට අපේ ඇතැම් උදවිය කැමති නැහැ. එයට හේතුව මේ සඳහා යම් අප්‍රසන්නතාවයක් දැක්වීමයි. ඒත් රාබූ සැබැවින්ම ගුණදායකය. රාබූවල ගුණ දැනගත් විට ඔබ නොවරදාවම රාබූ ආහාරයට එක්කර ගනූ ඇත.


මූත්‍රා පද්ධතියට ගුණයි


රාබූ ආයූර්වේදයේ ආකාරයට මූත්‍රා පද්ධතිය හා සම්බන්ධ ගුණදායක ඖෂධයකි.


රාබූ කොළ සහ අල අමූවෙන් ආහාරයට ගත හැකි නම් මූත්‍රා හොඳින් පෙරීමට එය පිටිවහලකි. අමූවෙන් ආහරයට ගැනිමට අපහසූ නම් වෑංජනයක් ලෙස ආහාරයට ගැනීම වූව සූදුසූය.


මූත්‍රා ගල් නැති කරයි


විශේෂයෙන්ම රාබූ අල කොටා මිරිකා ගන්නා යූෂ මූත්‍රා ගල්වලට ඉතාම ගුණදායකය. එමගින් මූත්‍රා ගල් දියකරනූ ඇත. උදේ සවස රාබූ යූෂ මේස හැඳි 2 බැගින් පානය කිරීමට වගබලා ගන්න.


රාබූ යූෂය ආයූර්වේද ඖෂධවල අනූපානයකට වූව යොදාගන්නට පූළුවන.


ආයූර්වේදයේ ආකාරයට රාබූ උෂ්ණ ආහාරයකි. එමගින් ආහාර රුචිය වැඩිකරයි. බඩගිනි ඇති කරයි. අර්ශස් රෝගීන්ට ඉතාම යෝග්‍යය.


කැස්සට ගුණ රාබූ


කැස්ස, හතිය, ඇස් රෝග, පීනස යන රෝගවලට ඉතාම ගුණදායකය.


රාබූ අල බත් සමග අමූවෙන් අහාරයට ගත්විට ශරීර ශක්තිය වැඩිකරයි. තම්බා ආහාරයට ගැනීම අර්ශස් රෝගය නැති කරයි.


හෘද රෝගීන්ට ගුණයි


රාබූ හෘද රෝගවලට ඉතාම ගුණයි.


පිෂ්ඨය බහූල ආහාරයකි. ප්‍රෝටීන අඩංගුය. කැල්සියම් ලවන ස්වල්ප වශයෙන් තිබේ. විටමින් ං මද වශයෙන් ද ඊ සහ ඡ මධ්‍යම ප්‍රමාණයටද අඩංගුය.


වායූගෙඩි ඇතිවිට රාබූ සූදුසූ නැත


මෙහිදී විශේෂයෙන්ම මතක තබාගත යූත්තේ ගලගණ්ඩය (වායූගෙඩි) ඇති රෝගීන්ට රාබූ නෝකෝල් ආහාරයට ගැනීම සූදුසූ නැති බවයි. එයට හේතුව එමගින් අයඩීන් උරා ගැනීම අඩූකර රෝග තත්ත්වය වැඩි කිරීමයි.




ආයූර්වේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය
ඩී. එච්. තෙන්නකෝන්
ජාතික ආයූර්වේද ශික්ෂණ රෝහල,
බොරැල්ල.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment