ආහාර රසයට රෝග මර්දනයට ඉඟුරු

ඉඟුරු අපේ නිවෙස්වල බොහෝවිට තිබෙන දෙයකි. ඉන්දියාව ඃ ලංකාව වැනි රටවල ඉඟුරු වැඩිපූර වැවෙන අතර පොළව යට වැඩෙන කඳක් සහිත ශාකයකි.
මෙය ගෘහ ඖෂධයකි. සැබැවින්ම අත් බෙහෙතකි.
අමූ සහ වියළි යන ආකාර දෙකෙන් ප්‍රයෝජනයට ගත හැකිය.
ආහාරයට රසය එක්කරන ඉඟුරු
ආහාර පාන රසවත් කිරීමට පාවිච්චි කරයි. සැබැවින්ම එමඟිින් ලැබෙන රසයද ප්‍රියමනාපය.

විශේෂයෙන්ම නූතනයේ නොවූවාට අපේ පැරැන්නේ තේ රස කිරීමට නිතරම ඉඟුරු පාවිච්චි කළහ. ඉඟුරු තේ එක ඔවූන්ගේ හොඳම සහ ප්‍රනීත පානය විය.

තවද මෙය හොඳ වෙළඳ පොළක් ඇති ශාකයකි. ඒනිසා ආර්ථික දියූණූවක් ලබාගත හැකි බෝගයක් ලෙසින් ද පෙන්වා දීමට පූළුවන.

ආයූර්වේදයේ දක්වන අරිෂ්ඨ, ආසව, ගුලි, කල්ක, චූර්ණ මේ ආදී බොහෝ ඖෂධ වල මෙය අඩංගුය.

ඉඟුරු ගුණ ගත් විට එකම ඉඟුරු අලය වූව ද අමූ අවස්ථාවේ එක ගුණයකුත් වියළි අවස්ථාවේ තවත් ගුණයකනූත් යූක්තය.

අමූ ඉඟුරු සහ වියළි ඉඟුරු

අමූ ඉඟුරු සෙම වර්ධනය කරයි. වියළි ඉඟුරු සෙම නැති කරයි.

පොදුවේ ගත්විට සෙම සහ වාතය සමනය කරයි.

වේදනා නාශක ගුණය

තව ද ඉඟුරු වල වේදනා නාශක ගුණයද ඇත. ඉඟුරු කොත්තමල්ලි උදාහරණයකි. එමඟින් ඇගේ වේදනාව මඟහැරී යයි. බැබිල, සූදුළුෑණූ, වේළුණූ ඉඟුරු දරුවන් ලැබෙන්නට සිටින විට ඇතිවන වේදනාවට අදටත් වැඩිහිටියෝ පානයට දෙති.

බැබිල, බෙලිමූල්, සූදුළුෑණූ වාත අමාරුවලට වඩාත් ගුණය.

ඉදිමූව අඩූකරයි. කකුල් ඉදිමීම වැනි දේට කසායට අඩංගුකර ඇත.

ස්නායූ පද්ධතිය රුධිරවාහිනී පද්ධතිය ප්‍රබෝධමත් කරයි

ස්නායූ පද්ධතිය රුධිරවාහිනි පද්ධතිය උත්තේජනය කරයි. ඉඟුරු තේ එක මතකද?. එය පූංචි උදාහරණයකිි.

ආහාර රුචිය ඇති කරයි.

බඩගිනි වැඩිකරයි. ආහාර රුචිය ඇති කරයි.

ඉඟුරුවලට ඖෂධ කියන නම බැඳී තිබේ. හේතුව සෑම අවස්ථාවේදීම විවිධාකාරයෙන් ඖෂධයක් වන නිසාවෙනි.

තවද මෙය මහෞෂධ නමින් ද හඳුන්වයි. බෙහෙත්වල ප්‍රධානියා යන්නය. ද්‍රාර්දක ලෙසින් ද හඳුන්වයි. තෙත ගතියෙන් යූත් නිසා ඒ නම යෙදී ඇත.


රෝග බොහොමයකට ගුණයි

රෝග ලෙසින් ගත්විට අජීර්ණ, වමන, පීනස, හතිය, කැස්ස, ඉක්කාව යන තත්ත්ව සඳහා වඩාත් සූදුසූය.

ඉක්කාව නවතියි

අමූ ඉඟුරු සිහින් පෙති කපා එයට ලුණූ ස්වල්පයක් එක්කර ටිකෙන් ටික දිවගාමින් සැපීම තුළින් ගිලෙන යූෂය

ඉක්කාව නවත්වයි.


බඩගිනි නැති අයට බඩගිනි ඇතිකරන ඉඟුරු


බඩගිනි වැඩීමට ආහාරයට පෙර අමූ ඉඟුරු ටිකක් ලුණූ සමඟ ආහාරයට ගැනීමෙන් බඩගිනි නැති අයට බඩගිනි ඇතිවේ.


පාචනයට අමූ ඉඟුරු සහ ඉරිවේරියා තම්බා පානයට ගැනීමත් හොඳයි.


ඖෂධයක් මෙන්ම මෙය ආහාර රස කරන කුළුබඩූවකි. රසකාරකයකි.


මෙහි ප්‍රබේද විශාල සංඛ්‍යාවක් ඇත. බෙහෙත් සඳහා ගන්නෙ කුඩා අල සහිත වර්ගයයි. එහි ගුණාත්මක භාවය වැඩිය.


ආයූර්වේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය
ඩී. එච්. තෙන්නකෝන්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment