ගෙදරදීම තෝසෙ හදමූ වඩේ බදිමූ

උළුඳු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය :
හාල් පිටි ග්‍රෑම් 200

උඳුපිටි ග්‍රෑම් 200

සීනි තේ හැඳි 2

ලුණූ කුඩූ තේ හැඳි 2

යීස්ටි තේ හැඳි 1

බේකිං පවූඩර් මේස හැඳි 1

ළුෑණූ සිහින්ව කපා ග්‍රෑම් 50

හීනියට ලියාගත් කරපිංචා මේස හැඳි 1 ක්

හීනියට ලියාගත් අමූමිරිස් කරල් 4


සාදාගන්නා ක්‍රමය 
මේ සියල්ල එකට මිශ්‍රකර වතුර දමා තරමක් බූරුලට අතේ නොඇලෙන ලෙසට අනා පැය හතරක් හයක් අතර කාලයක් තිබෙන්නට හැර නැවත ගෙන ග්‍රෑම් 30 ගුලි සාදා තෙල් ටිකක් අතගා විනාඩි 15 ක් තිබෙන්නට හැර තෙල් ලිප තබා රත් වූ පසූ ගින්දර අඩූකර අතේ තෙල් ටිකක් තවරා ගුලියක් ගෙන අඟල් බාගයට තදකර මැදින් සිදුරක් සාදා අඩූ ගින්දරේ තෙලේ බැදගන්න.
හූලං වැදුණූ යීස්ටි ගන්නට එපා. එවිට නියම විදිහට සාදාගැනීමට නොහැකිවේ.


කීර වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය මූකුණූවැන්න හීනියට කපා ග්‍රෑම් 10
කංකුං හීනියට කපා ග්‍රෑම් 20
සාරණ හීනියට කපා ග්‍රෑම් 10
ගොටූකොළ කපා ග්‍රෑම් 10
හාල් පිටි ග්‍රෑම් 200
උඳු පිටි ග්‍රෑම් 200
සීනි තේ හැඳි 2
යීස්ටි තේ හැඳි 1
බේකිං පවූඩර් මේස හැඳි 1
ළුෑණූ සිහින්ව කපා ග්‍රෑම් 50
හීනියට ලියාගත් කරපිංචා මේස හැඳි 1
හීනියට ලියාගත් අමූමිරිස් කරල් 4

සාදාගන්නා ක්‍රමය
මේ සියල්ල එකට මිශ්‍රකර වතුර දමා තරමක් බූරුලට අතේ නොඇලෙන ලෙසට අනා පැය හතරක් හයක් අතර කාලයක් තිබෙන්නට හැර නැවත ගෙන ග්‍රෑම් 40 ගුලි සාදා තෙල් ටිකක් අතගා විනාඩි 15 තිබෙන්නට හැර තෙල් ලිප තබා රත්වූ පසූ ගින්දර අඩූකර අතේ තෙල් ටිකක් තවරා ගුලියක් ගෙන අඟල් බාගයට තදකර මැදින් සිදුරක් සාදා අඩූ ගින්දරේ බැදගන්න.


ඉස්සො වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය පැයක් පොඟවා ගත් මයිසූර් පරිප්පූ ග්‍රෑම් 100

හීනියට ලියාගත් කරපිංචා තේ හැඳි 1
හීනියට කපාගත් අමූමිරිස් කරල් 4
කෑලි මිරිස් තේ හැඳි 1
ලුණූ කුඩූ තේ හැඳි 1
ළුෑණූ ග්‍රෑම් 10
ඉස්සො සෝදා පිරිසිදු කර 20

සාදාගන්නා ක්‍රමය පෙගෙන්නට දැමූ පරිප්පූ වතුරෙන් ඉවතට ගෙන විනාඩි 15 දිය බේරෙන්නට තබන්න. නැතිනම් කෙටීමේදී දිය ගතිය වැඩිවේ.
ඉස්සො හැර අනෙකුත් සියල්ල එකට දමා බාගෙට කොටා තෙල් තාච්චූවක් ලිප තබා ඉස්සන්ටත් ලුණූ ටිකක් දවටා (ඔළුවත් සමග) මිශ්‍රණයෙන් කුඩා බෝලයක් ගෙන අත මිටි කරමින් දිගට සාදා ගන්න. ටිකක් තදකර ඉස්සො මැදට තබා රෝල් කරන්න. ඔළුව පෙනෙන්නට තිබිය යූතුය.

දැන් මෙය බාගෙට බැදගන්න. ඉන්පසූ දෙවන වරට හොඳටම බැදගන්න. කර කර ගතියෙන් සැපීම සඳහා එලෙස බැදගනූ ලැබේ.


උළුඳු තෝසේ

අවශ්‍ය ද්‍රව්‍ය 

හාල් පිටි ග්‍රෑම් 200

උඳු පිටි ග්‍රෑම් 200

යීස්ටි තේ හැඳි 1

බේකිං පවූඩර් තේ හැඳි 1

ලුණූ කුඩූ තේ හැඳි 1 1�2

සිහින්ව කපා බැදගත් ළුෑණූ ග්‍රෑම් 20

සිහින්ව කපාගත් බැදගත් අමූමිරිස් කරල් 4

සිහින්ව කපා බැදග්ත කරපිංචා මේස හැඳි 1

සූදුරු සෝදා කබලේ බැද තේ හැඳි 1

සාදාගන්නා ක්‍රමය කිරි හැර අනෙකුත් සියල්ල එකට දමා මිශ්‍රකර මිටිකිරි දමා අතේ නොඇලෙන ලෙසින් මිශ්‍රකරගන්න. මෙය පැය 4 තබන්න. නැවත මෙය ගෙන බැදගත් ළුෑණූ, කරපිංචා අමූමිරිස් සූදුරු දමා මිශ්‍රකර උකු වැඩිනම් වතුර ටිකක් එක්කර තෝසේ තැටියක වත්කරමින් සාදාගන්න.


රුලං තෝසේ
අවශ්‍ය ද්‍රව්‍ය රුලං ග්‍රෑම් 100
පාන් පිටි ග්‍රෑම් 100
යීස්ටි තේ හැඳි 1
බේකිං පවූඩර් තේ හැඳි 1
ලුණූ කුඩූ තේ හැඳි 1
සීනි තේ හැඳි 1
සූදුරු බැද තේ හැඳි 1
කරපිංචා තේ හැඳි 1
කපා බැදගත් ළුෑණූ ග්‍රෑම් 30
පොඩියට ලියාගත් අමූමිරිස් කරල් 3


සාදාගන්නා ක්‍රමය 
මේ සියල්ල එකට මිශ්‍රකර වතුරින් අනාගන්න. අතේ නොඇලෙන ලෙසින් රොටී ප්‍රමාණයටත් නොව ඊට වඩා ටික්ක දියාරුවට අනා පැය හතරක් තබා ඉන්පසූ ළුෑණූ, සූදුරු, අමූමිරිස් දමා මෙය තැටියට දමා පිළියෙල කරගන්න.


කොකනටි චටිනි

අවශ්‍ය ද්‍රව්‍ය 

ගාගත් පොල් ග්‍රෑම් 100

අමූමිරිස් කරල් 2

සූදු ළුෑණූ කපා තේ හැඳි 1

කපාගත් අමූමිරිස් ඉඟුරු තේ හැඳි 1/2

මිරිස් කුඩූ තේ හැඳි 2

ලුණූ කුඩූ තේ හැඳි 1 1/2


සාදාගන්නා ක්‍රමය

සියල්ල එකට අඹරා දෙහි යූෂ ටිකක් එක්කර ගන්න. මෙය මිරිස් කුඩූ නොදා අමූමිරිස් කරල් 6 එක්කර සූදු පැහැයෙන් සකස් කරගත හැකිය. කහ පැහැය අවශ්‍ය නම් කහ ටිකක් එක්කර ගන්න.




අධ්‍යකෂඃ ආහාර ප්‍රවර්ධන
පබිලිස් සිල්වා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment