හිසේ සාත්තුවට පෙර රූපලාවන්‍ය ශිල්පියෙකුගෙන් උපදෙස් ගන්න


විටමින් ඌනතා නිසාත් උප්පත්ති දුර්වලතා නිසාත්, හොඳින් පවත්වාගෙන නොයන නිසාත් කොණ්ඩය ගැලවී යන්නට ඇති ඉඩකඩ වැඩියි. කෙසේවෙතත්, කොණ්ඩය ගැන සැලකිල්මත් ව්ීම තුලින් හූඟක් ප්‍රශ්න අවම කරගන්න පූළුවන්.

යූවතියක් පාසල් වියේදිම පටන් තමන්ගේ කොණ්ඩයට ආදරය කරන්න පටන් ගත්තොත් එය ඉතාම වැදගත් කටයූත්තක්. දියණියක් ඉන්න මවක් ඉතා කුඩා කාලයේ පටන්ම කොණ්ඩයට ආදරය කරන්න දුවට ඉගැන්විය යූතුවෙනවා. මූලින්ම වැදගත්වෙන්නේ කොණ්ඩයේ පිරිසිදුකම. පිරිසිදුකම නැත්නම් ඉස්හොරි වගේම හිස වසාගෙන උකුණො පිරෙන්නත් පූළුවන්. ඒ නිසාම දියණියගේ එදිනෙදා පාසල් වැඩ කටයූතු පවා අතපසූ වෙන්නට පූළුවන් බව මතක තබා ගතයූතු වෙනවා.

නින්දට යනවිට කොණ්ඩය සැහැල්ලූවෙන් තබාගෙන නිදාගැනීමේ වැදගත්කම ගැන අපි පසූගිය සතියේ සාකච්ඡා කළා. සබන් ගැල්විමත් සූදුසූ නැති බව කිව්වා. කොහොම වූණත් තවමත් අපේ ගම්බද ලලනාවන් සබන් වලට දෑන හෝ නොදෑන ඇල්මක් දක්වන බව පෙනෙන්නට තියෙනවා. ඒ වගේම සබන් පාවිච්චි නොකරනවානම් ෂැම්පූ පාවිච්චිය හොඳයයි කෙනෙකුට සිතෙන්නට පූළුවන්. නමූත් හොඳමදේ හිසට කන්ඩ්ෂනර් එකක් පාවිච්චි කිරීමයි. මේ කොයි දේ කරන්නත් රූපලාවන්‍ය පිළිබඳව විශේෂඥ දෑනූමක් ඇති කෙනෙකුගෙන් උපදෙස් අරගෙන තමන්ගේ හිසට අවශය මොන වගේ සාත්තුවක්දෑයි දෑන කියා ගැනිම හොඳයි.

හිසේ ස්වභාවය අනූව පාවිච්චි කළ යූත්තේ ෂැම්පූ ස්වල්පයක්ද එහෙම නැත්නම් කන්ඩ්ෂනර් එකක්ද යන්න රූපලාවන්‍ය විශේෂඥවරිය උපදෙස් දෙනූ ඇත.

අද ගමේ ගොඩේ ඕනෑම තැනක මේවගේ කටයූත්තකට දෑනූම ඇති රූපලාවන්‍යවේදිනියක් සොයා ගැනිම අපහසූ නැහැ. වැඩි මිලකුත් මේ සඳහා වැයවෙන්නෙත් නැහැ. හිසට සබන් භාවිතයෙන් කන්ඩිෂනර් එකකට යෑමෙන් විශාල මූදලක් වැයවෙන්නෙත් නැති බව අපි මතක තබා ගත යූතුවෙනවා. කන්ඩිෂනර් එකක් එතරම් මිල ගණනක් වෙන්නෙත් නැහැ. අතින් අතට එවැන්නක් මාස ගණනක් පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. කන්ඩිෂනර් එකක් මිලදී ගැනීම අපහසූයැයි සිතෙනවානම් ඔබට පාවිච්චි කිරීමෙන්, හිසකෙස් වලට ඇතිවෙන කරදර හූඟක් අවම කරගන්නත් පූළුවන්.

ගැහැණිය ලස්සන කරන්නත් කැත කරන්නත් කැත කරන්නත් කොණ්ඩයට හූඟක් දේවල් කරන්න පූළුවන් කියලා ඔබ දන්නවාට සැකයක් නැහැ. කොණ්ඩය හොඳින් තබා ගැනිම, එහෙමත් නැත්නම් හොඳින් පවත්වාගෙන නොගියොත් කාන්තාවන්ට නැති ප්‍රශ්න ඇති වෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment