සූදු පැහැති අලංකාර දත් දෙපෙළක් ලැබීමට ඔබ අනූගමනය කළ යූතු උපක්‍රම

teethwhite
මූවෙහි දුගඳ ප්‍රශ්නයක් කරගන්න එපා
ඇත්තටම ප්‍රබල බලයක් සූන්දර සිනාවකට වේ. නමූත් ඔබේ සිනාව වඩාත්ම සූන්දර වන්නේ පරිපූර්ණ හැඩයකින් හා සූදකින් යූත් දත් දෙපළක් ඔබට තිබීමෙනි. සූන්දර දත් දෙපළකට හිමිකම් කීමට වැළකීම හා සත්කාරය යන අංග දෙක බොහෝ වැදගත්වේ. වැළකීම යන අංශයට ඇතුළත් වන්නේ සාමාන්‍යයෙන් සිදුවන දත්මැදීම හා ඒ සඳහා වයිටින් දන්තාලේපයක් භාවිත කිරීම සහ මවූත් වොෂ් භාවිත කිරීම, නමූත් දෙපළ සූදට බැබලීම සඳහා වයිටින් දන්තා ලේපයන්ට කළ හැක්කේ එක්තරා දුරකට මෙහෙයක් පමණක් වන අතර එයට වැඩි සූඳක් ලැබීමට නම් දන්ත වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලැබිමට සිදුවේ. එනම් ලෝකයේ නවීන විද්‍යාව දියූණූවීමත් සමග දත් ලැමිනේටින් කිරීම, බිලීච් කිරීම හා වෙනත් උපක්‍රම භාවිතයෙන් ඔබේ දත්වලට විශේෂිත පෙනූමක් ලබාදීමට හැකිය.


එමෙන්ම, දත්වලට සූදු පැහැය ලබාදෙන වයිටින් නිෂ්පාදන වෙළඳ පොළෙහි බහූලව තිබූණද, වෛද්‍ය උපදේශයකින් තොරව එය පාවිච්චි කිරීම අනතුරුදායක වීමට හැකිය. තව ද ගැළවී ගිය දත් වෙනූවට අලුත් දත් සිටූවීමේ ක්‍රමයක් ද දත් ලොවෙහි දන්ත වෛද්‍යවරුන් භාවිත කෙරේ.


දත් බූරුසූ

අලංකාර දත් දෙපළකට හිමිකම් කීමට ඔබට දත් බූරුසූ පිළිබඳව ද කදිම දැනූමක් තිබීම අත්‍යවශ්‍ය වේ. දත් බූරුසූව පාවිච්චියට ගැනීමට පෙර එය හොඳින් සෝදා පිරිසිදු කර ගැනීම අත්‍යවශ්‍ය, මූඛ රෝගවලින් වැළකීමට හේතුවේ. එමෙන්ම සෑම තෙමසකටම වරක් දත් බූරුසූව අලුත් කිරීමද කළ යූතුවේ. තවද ඔබ භාවිත කළ යූත්තේ "හාර්ඩ්" වර්ගයේ දත් බූරුසූවක් නොව, "සොෆ්ටි" හෝ "මීඩියම්" බූරුසූවකි. මන්ද දැඩිව හා බර යොදා දත් මැදීම එයට හානියකි.


විදුරු මස්

රෝස පැහැති, සමක් සහිත නීරෝගී විදුරු මස් සෑමවිටම ඔබේ සිනාව අලංකාර කරවයි. දත් මැදීම සේම විදුරු මස් නීරෝගිව තබා ගැනීමද වැදගත්වේ. එහි සිනිඳු බව ද අලංකාරයට හේතුවක් වන අතර එය මත ආහාර කැබලි රැඳීමෙන් සිනිඳු බවට හානි සිදුවේ. එමෙන්ම විදුරු මස් රෝග හා මූවින් දුඟදක් හැමීම ද ඒ සමගම සිදුවේ. දත් මැදීමෙන් එම ආහාර කැබලි ඉවත්ව යෑමක් සිදුවන අතර, සෑම ආහාර ගැනීමකින් පසූව දත් මැදීමක් කළ යූතුවේ.


සය මසකට වරක් දන්ත වෛද්‍යවරයෙකු ලවා විදුරු මස් පිරිසිදු කර ගැනීමක් අවශ්‍ය වේ.


ඇතැම් පූද්ගලයන්ගේ විදුරු මස් කළු පැහැයට හූරු වර්ණයකින් යූතු එයද වෙනස්කර රෝස පැහැයෙන් යූත් විදුරු මස් ලැබීමට දෑන් විවිධ විද්‍යාත්මක උපක්‍රම තිබේ.


මූවෙහි දුඟඳ

සමහර පූද්ගලයන්ගේ මූවින් දුඟදක් හැමීම ඔහූගේ සමාජමය ජීවිතයට බරපතල බාධාවකි. එසේ මූවින් දුඟඳක් හැමීම, උගුරෙහි හෝ ආමාශයෙහි විවිධ තත්ත්වයන් ද බලපාන අතර, විදුරුමස්වලින් රුධිරය වහනය වීම හා දත් දිරාපත් වීමද එයට හේතුවේ. බැක්ටීරියා නාශක ගුණයෙන් යූතු මවූත් වොෂ් භාවිත කිරීමෙන් මෙම දුඟදින් වැළකීමට හැකිවේ.


තොල් ආලේපන

තොල් ආලේපන මගින් ද, දත්වල දුර්වර්ණය පැහැදිලිව පෙන්නූම් කෙරේ. තද රතු හෝ රෝස පැහැයෙන් තොල් ආලේපනය කළහොත් ඔබේ දත්වල දුර්වර්ණය පැහැදිලිව පෙනේ. දුඹූරු පැහැයටසමීප වර්ණයන්ගෙන් තොල් ආලේපනය කළහොත් ඔබේ දත් දෙපළෙහි දුර්වර්ණය එතරම් කැපී නොපෙනේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment