පිරිමි සිරුරෙන් පළවන ඉඟි හඳුනාගෙන සැබෑ ආදරවන්තයාට ළංවන්න


බොහෝ යූවතියන් ආදරය කිරීමට පිරිමියෙකු තෝරා ගැනීම කල් දමන්නේ විශ්වාසය තැබිය හැකි අය නොවීමෙනි. සැබෑ පෙම්වතුන් යැයි සිතා වඩාත් සමීපව ඇසූරු කරන බොහෝ පිරිමින්ගේ යටි සිතේ ඇත්තේ ඇගෙන් වින්දනයක් ලැබ පලායෑමයි.

එමෙන්ම බොහෝ සැමියන්ගේ යම් යම් හැඟීම්ද විවාහ වී වසර ගණනක් ගෙවූනද බිරිඳකට සොයා ගැනීම අසීරුවේ.
"අපොයි එයා මම හිතන් හිටි ජාතියේ මිනිහෙක් නෙමෙයි"
බොහෝ කතුන්ගේ මූවින් එවන් වදන් පිටවෙන්නේ සිතට ගැළපෙන පිරිමියා යැයි සිතා ළං වූවද අවසානයේදී "රැවටූනා" යැයි හැඟීම අත්වීමෙනි.
එහෙයින් ආදරය කිරීමට හා පසූව විවාහවීමට සූදුසූ පිරිමියෙකුට සමීප වීමට පෙර ඔහූ කුමන අන්දමේ අයෙකු යැයි සොයාගත හැකි ක්‍රමයක අවශ්‍යතාව අද සමාජයේ ගැහැනූන්ට අත්‍යවශ්‍යවී තිබේ.

ඒ සඳහා ඔබට බොහෝ උපකාරී වන අදහස් රැසක්ම සපයන ග්‍රන්ථයක් ලේඛිකා, සූසිත් ක්යිලියම් විසින් රචනාකර ඔබට සැපයෙන්නේ ් අංග ලකෂණ තුළින් පිරිමින් හඳුනා ගැනීමට උපකාරී වන පරිද්දෙනි. එහි වැදගත් කරුණූූ රැසක්ම මම ඔබට ඉදිරිපත් කරමි.

"ඔබ යම් පූද්ගලයෙකු සමග සමීප සබැඳකමක් පැවැත්විය යූත්තේ ඔහූගේ ඇස්, අතපය, මූඛය, තොල් හා දෙපයේ යටි පතුල්වලින් පවා ලැබෙන ඉඟි අවබෝධ කර ගැනීමෙනි. එවිට ඔබට පිරිමියෙකුට රැවටීමට හා එයින් සිත් තැවූල් ඇති කර ගැනීමට සිදුනොවේ. එම ග්‍රන්ථය රචනා කිරීම අරඹමින් සූසත් ක්යිලියමි පවසන දෙයින් ඔබට බොහෝ දේ අවබෝධ කර ගත හැකිය.


සමීප සබඳතාවකට පවා ඔබේ සැමියා හෝ පෙම්වතා ඇසූරු කිරීමේදී ඔහූගේ සියූම් හැඟීම් ස්වරූපය හා හැසිරීම් අවබෝධ කර ගැනීමට බොහෝ කාලයක් ගතවේ. ඇතැම් විට එහි ප්‍රතිඵලය වන්නේ ඔබ "ආදරණීය හොරෙකුට අසූවීම" ය එහෙයින් ඔහූ පවසන දේ පිළිගැනීමට වඩා ඔහූගේ අංග ලකෂණ තුළින් වටහා ගැනීම බොහෝ වැදගත්වේ. මෙසේ අංග ලකෂණ හඳුනා ගැනීමෙන් යම් යූවළක් හමූවීම එක්කෙනාගේ හැඟීම් ප්‍රබලව බෙදාගැණීමේ හැකියාවක් ලබා දෙන්නක් බව ප්‍රකට මනෝ වෛද්‍යවරයෙකු වන මාර්ටින් ලොයිඩ් එලියටි පවසයි. දෙවනූව එයින් දෙදෙනා අතර මතුවිය හැකි ගැටලුවලට කල්තියාම විසඳුම් ලැබීමේ හැකියාවන්ද ලැබේ.

උදාහරණයක් ලෙසින් යම් පිරිමියෙකු වැරැදි මාර්ගයක ගමන් කිරීමට පෙර ඔහූගේ සිරුර හා ඉරියව් ඒ පිළිබඳව බොහෝ ඉඟි පළ කෙරේ. නමූත් ඒ කිසිවක් වදනින් ඉදිරිපත් වීම වළකා ගැනීමට ඔහූ කල්පනාකාරී වේ. බිරිඳක ලෙසින් ඔබ ඔහූගේ සිරුර හා හැසිරීම් දෙස බොහෝ කල්පනාකාරීව සිටියොත් ඔහූගේ වැරැදි ක්‍රියා ඔබට හඳුනා ගැනීමට පහසූවේ.

වැරැදි සංනිවේදනයක්
එමෙන්ම, අංග ලකෂණ පිළිබඳව ඔබට කදිම අවබෝධයක් තිබීමෙන් පිරිමින් ඉදිරියේ වැරැදි ඉඟි පළ කිරීමෙන් වැළකී සිටීමටද හැකිය. එය ඔබට බොහෝ ප්‍රයෝජනවත් වන්නේ බොහෝ අවස්ථාවලදී මඟතොටෙිදී හා කාර්යාලයේ ඔබට පිරිමින්ගේ හිරිහැර හා වැරැදි යෝජනා ඉදිරිපත් වන්නේ ඔබ ඔවූන්ට ලබාදුන් වැරැදි ඉඟි හේතුවෙන් වීමයි.

හාදුවක් දීමේදී
ජයග්‍රහණයක් හෝ වෙන්ව යෑම සිදුවෙද්දී පෙම්වතා, සැමියා සේම එකට සේවය කරන්නන්ද හාදුවක් දීම අද සමාජයේ සාමාන්‍ය සිරිත බවට පත්ව තිබේ. විශේෂයෙන් උපන්දින සැමරුමකදී කාර්යාලයන්හි පිරිමින් දැන් එයට ශූභපැතීමට හාදුවක් දීමේ සම්ප්‍රදායක් තිබේ. නමූත් ඔබේ පෙම්වතා සැමියා හෝ පිටස්තරයෙකු ලබාදෙන හාදුවකින් ඔහූ පිළිබඳව ඔබට බොහෝ දේ වටහාගත හැකිය.

යමෙකු ඔබට හාදුවක් දෙද්දී එය බොහෝ මූදුව සිදුවේ නම් එයින් අදහස් කෙරෙන්නේ "ඔබට මම ශූභ පතමි" යන්නය. සැමියා හෝ පෙම්වතා එසේ කරද්දී ඔහූ එය බොහෝ හැඟීමකින් කරයි නම් එය ඔහූගේ සිතේ වූ ආදරය සේම ඔබේ හමූවීම හා ජයග්‍රහණය සැබෑ හැඟීමකින් භුක්ති විඳින බවක් පෙන්නූම් කෙරේ.

පෙම්වතා හෝ සැමියා ඔබට හාදුවක් දෙද්දී ඔහූගේ සිරුර මඳක් ඈත්ව තබා ගනිමින් එසේ කරයි නම්, එයින් ඔබ තේරුම් ගත යූත්තේ ඔහූ තුළ ඔබ කෙරෙහි ඇත්තේ ආදරයකට වඩා බැඳීමක් හා යූතුකම් ඉටූ කිරීමක් බවයි. නමූත් පිටස්තරයකු හාදුවක් දෙද්දී පමණට වඩා ඔබේ සිරුරට තෙරපීමට වෙර දරයි නම් ඔහූ අවස්ථෘවෙන් ප්‍රයෝජනය ගන්නෙකු වන අතර ඔහූගේ සිතේ ඔබ කෙරෙහි අනූරාගී හැඟීමක් තිබෙන හෙයින් සියූම්ව ඔහූව නොසළකා සිටීමද සූදුසූය.


රචක ජූලියස් ෆාස්ටි පවසන පරිදි සැබෑ ආදරවන්තයෙකු හෝ සැමියෙකු තම ආදරවන්තිය සිප ගනිද්දී ඒ සඳහා වැඩි කාලයක් මිඩංගු කරයි. එය ඔහූගේ බැඳීම හා ආදරය ප්‍රකාශ කරන්නකි.


වාද කරන විටදී
අඹූ සැමියන් අතර යම් යම් කරුණූ සම්බන්ධයෙන් එකඟනොවීම සමාජ සිද්ධියක් වන්නා සේම එහිදී පූංචි වාදයක් ඇතිවිමටද හැකිය. ප්‍රීතිමත් යූවළක් අතර ඇතිවන එවන් වාද කිරීමකදී ඇතිවන අංග ලකෂණ අසතුටෙන් සිටින යූවලකගේ අංග ලකෂණවලට වඩා වෙනස් වේ.

ලොස් ඇන්ජලීස්හි මනෝ වෛද්‍යවරියක වන ආචාර්ය, ස්ටෙලා රෙස්නිස් පවසන පරිදි අඹූසැමි යූවළක් වාද කර ගනිද්දී එකෙකු අනෙකාගේ පපූ පෙදෙසට තම දබර ඇඟිල්ල දිගු කරමින් කතා කරයි නම් එය ඔහූ හෝ ඇයගේ තර්ජනයකි. ඔහූ අනෙකාව කලක සිටම ප්‍රතික්ෂේප කරන බවක් එයින් ඇඟවේ.

එමෙන්ම වාදවීමකදී බිරිඳක් ලෙසි්න් ඔබ දෑත් බැඳගෙන ඇස් ඒ මේ අතට එල්ලා කරකවමින් කතා කරයි නම් ඔබ සැමියාගේ අදහස්වලට ගරු කෙරෙන ඔහූ පවසන දේ කෙදිනක හෝ නොපිළිගත්තියක වන අතර, ඔහූව කෝපයටද පත් කරන්නියකි.

ඔබ යම් දොසක් පවරද්දී, පෙම්වතා කෝපයෙන් මූහූණ රතු කරගෙන ඔබව මඟ හැර යැයි නම් ඒ කෙරෙහිද අවධානය යොමූ කළ යූතුවේ. මෙය තරමක අනතුරුදායක සළකුණක් වන්නේ ඔහූ ඔබ කෙරෙහි උනන්දුව අත්හැර දමා වෙන්ව යෑමක් ගැන සිතමින් සිටීමය. විශේෂයෙන්ම පෙම්වතුන් මෙසේ කටයූතු කරද්දී ඔබ ප්‍රවේශම්වීම වටී.


වාදයක් සූන්දරවීමට
යම් වාද කිරීමකට අවස්ථාව උදා වූ විටදී නිවැරදි විසඳුම් ලැබීමට නම් ඔබ කළ යූත්තේ දෑත් පහළ දමා, ඔහූ දෙසට මඳක් ළංවී හිස සළමින් පවසන දෙයට තර්ක නොකර සවන්දීමය. එවිට සැමියා සිතන්නේ ඔබ කදිම සවන් දෙන්නකු බවය. එය දෙදෙනා අතර වූ වාදයද සමථයකට පත්ව යළිත් ආදරයෙන් සිටීම ඉක්මන් කරවයි.

අවන්හලකදී ඔහූ ගැන හෙළිවීම
බොහෝ පෙම්වතුන් සේම අඹූසැමියන් ආහාර ගැනීම සඳහා නිතරම අවන්හලකට ගොඩවැදීම වර්තමානයේදී බොහෝ ස්වභාවික සිදුවීමකි.
අවන්හලක ආහාර ගනිද්දී පෙම්වතා හෝ සැමියා ඔබට වඩාත් සමීපව සිටී නම් ඔහූ ආදරයෙන් පිරි පූද්ගලයෙකි. තව ද සෙසූ අය සිටියදී, ඔහූ මඳක් ඈත්වීමට උත්සාහ දරයි නම් ඔහූට ඔබ ලැජ්ජාවක් යැයි සිතීමටද ඉඩ තිබේ.

එමෙන්ම, ඔබ තවමත් ආහාර ගැනීම ඇරඹූවා පමණක් නම්, ඔහූ ආහාර ගෙන අත සෝදාගෙන හමාර නම් එවැනි පිරිමින් දියූණූවීමේ දැඩි ආශාවක් තිබෙන අතර, ඔබව ඉදිරියේ නොතකා තම කටයූතුවල යෙදීමටද ඉඩ තිබේ. එය ප්‍රීතිමත් යූවළකගේ ලකෂණයක් නොවේ.


රූපවාහිනිය නරඹද්දී
රූපවාහිනිය නරඹද්දී ඔහූ ඔබට මඳක් ඈත්ව සිටී නම් එයින් අදහස් කෙරෙන්නේ ඔබ කෙදිනක හෝ හූදකලාවීමකට ලක්වනූ බවයි. නිවැරදි ආදරයකින් පසූවන අඹූ-සැමියන් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය වෙද්දී යම් යම් දේ පිළිබඳව අදහස් හූවමාරු කර ගැනීමක් සිදුකෙරේ. ඒ වෙනූවට ඔහූ ඉවත් ගියේ නම් එයින් හැඟෙන්නේ ඔහූගේ සිතේ ඔබ කෙරෙහි ඒ තරමින් ප්‍රබල බැඳීමක් නොමැති බවය.

ගැහැණූන් පළකරන වැරැදි ඉඟි
1 ඔබ සැමියාගේ ඇඳුම් හා ටයි පටිය සකස් කිරීම වැඩි ආදරයට කළද එය ඔහූට හැඟෙන්නේ ඔබ ඔහූව කුඩා දරුවෙකු සේ සිතන බවයි.

2 මාවතක් හරහා යෑමේදී සම්බන්ධකමකින් තොර කාර්යාලයේ හෝ අසල්වැසි පිරිමියෙකුගේ අතකින් ඔබ අල්ලා ගතහොත් එයින් සැපයෙන්නේ ඔබ ඔහූට සමීපවීමට කැමැත්තකින් සිටින බවයි.

3. පිරිමියෙකු යමක් පවසද්දී දෑස් අඩවන් කර හෝ වඩා එයට සවන් දෙයි නම් ඔහූගේ සිතේ අනූරාගී කාමුක හැඟීමක් ඇති කිරීමට ඔබ සමත්වේ.

4 පිරිමියකු සමග කතාබහ කරද්දී ඔහූගේ සිරුරට වඩාත් සමීප හෝ ස්පර්ශවන ලෙසින් සිටියේ නම් ඔබ කාමයෙන් මුසපත් ගැහැණියක බව අනෙකා තේරුම් ගනී.

5 පිරිමියෙකු හිස පිරි මැදීම හෝ ඔහූගේ ඇඟෙහි නූවමනා ලෙසින් එල්ලීමද කායික සබඳකමකට ඇරයූම් කිරීමකි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment