ළදරු පාසල් සහ දරුවන්, ප්‍රාථමික පන්තිවල අධ්‍යාපනය ලබන දරුවන් මෙන්ම ඉහළ පන්තිවල දරුවන් ඇතැම් විටෙක උදැසන නැගිටින්නට තිබෙන කම්මැලිකම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසාම පාසල් යන්නට නොහැකි බව පවසමින් පූංචි පූංචි ලෙඩ රෝග පිළිබඳව කියා සිටී.
මේ නිසාම උදැසනට ගෙදර පූංචි යූූද්ධයක් ඇතවෙයි. අම්මාට තාත්තාට හොඳටෝම කේන්ති යයි. දරුවාට බැණ වදියි. එයින් නොනැවතී පහරක් දෙයි.
ඇත්තටම එහෙම කළ යූතුද? නැතිනම් මෙවැනි විටෙක අම්මා තාත්තා මෙන්ම වැඩිහිටියන් හැසිරෙන්නට ඕනෑ කොහොමදෑයි ඔබ මොහොතක් සිතා බැලුවාද?
අනූපමා 13 හැවිරිිදි පාසල් යන දෑරිකි. හදිසියේම රෝගාතුර වූ ඇය හිසරදය අතපය හිරිවැටීම ආදී රෝග ලක්ෂණ දෑක්වූවාය. වෛද්‍යවරුන් ගණනාවක් හමූවීමෙන් පසූවත් වෛද්‍ය පර්යේෂණ ගණනාවකට ලක්වීමෙන් පසූවත් ඇයට කිසිදු සූවයක් අත් නොවූණා. මනෝ වෛද්‍යවරයෙකු වෙත මෙම දෑරිය යොමූ කිරීමෙන් පසූව ඇයගේ මෙම කායික රෝග ලක්ෂණ වලට හේතු අනාවරණය කර ගැණීමට ඉඩ ලැබිණි. හිසරදය අතපය හිරිවැටීම ආදී ලෙසින් විද්‍යමාන වූ මෙම රෝග ලක්ෂණ වලට හේතුව කායික රෝගයක් නම් නොවේ. තම පාසලේ ගුරුවරියක විසින් නිරතුරුවම ඇයට තරවටූ කිරිම හා අවමන් කිරීම නිසා ඇතිවූ මානසික ආතති තත්ත්වයෙන් ඇති වූ මෙම කායික රෝග ලක්ෂණ ඇගෙන් ඉවත් වූයේ ක්‍රමවත්ව ඇයට ලබාදුන් මනෝ වෛද්‍ය ප්‍රතිකාර මගිනි.
අනූපමා ඉගෙනූම ලැබූවේ මහ විදුහලක දහය වසරේය. හදිසියේ ඇයට හටගත් දරුණූ හිසරදය උදෙසා ස්කෑන් පරීක්ෂණ පවා සිදු කර ප්‍රතිකාර කළද සූවක් නොවීය. හිසරදයට ප්‍රතිකාර කිරීමෙන් පසූව කායික වෛද්‍ය විශේෂඥ මතය වූයේ මෙම හිසරදයට කිසිදු කායිික හේතුවක් දෑකීමට නොහැකි බවයි. මානසික රෝග විශේෂඥයකුට පෙන්වූ පසූව වෛද්‍යවරයා දුටූවේ අභ්‍යන්තර මානසික කැළඹීමක් නිසා දරුවා හිසරදයෙන් පෙළෙන බවය. තවත් ගැඹූරට ප්‍රශ්නය දෙස බලන විට වෛද්‍යවරයාට පෙනී ගියේ ගෙදර මව සහ පියා අතර නිතර ඇති වන ආරවූල් මගින් දරුවා තුළ හිසරදය ලෙසින් එම ආතතිය පිටවීමයි. එයට උපදේශනය ලබාදීම තුළින් දරුවා තුළ ඇති වූ ආතති තත්ත්වය සමනය කළ පසූව හිසරදය දුරුවිය.
ගුරු දෙගුරු ආරවූල් පාසලේ සිදුවන අවමාන හා අපහාස, අධ්‍යාපන ගැටළු ආදී විවිධ හේතුන් මූල් කොට පාසල් යන දරුවන් තුළ මනෝ කායික ගැටළු ඇතිවිය හැකිය. මෙයට ප්‍රධාන හේතුව වන්නේ දරුවන් තුළ ඇති අහිංසකබවය. එනිසාසම ඔවූහූ බොහෝ සංවේදීය. සූළු පීඩනයකින් පසූ දරුවෙකු තද අසනීපයකට තල්ලුවිය හැකිය. මානසික ආතතියේ ප්‍රතිඵල ලෙස කායික ආබාධවල ස්වරූපයෙන් පිටතට විද්‍යමාන වීමක් ඇතිවෙයි.
පෙර පාසල් හා පාසල් ළමයින් අතර පැවතිය හැකි ආතතිය හේතු කොටගෙන මතුවන මනෝ කායික ගැටළු අතර සූලබව දෑකිය හැකි තත්ත්වයන් වන්නේ බඩේ කැක්කුම, නිතර වරින්වර මූත්‍රා කිරීමේ හෝ මළ පහ කිරීමේ අවශ්‍යතාවක් මතු වීම ක්ලාන්ත ගතිය හිසරදය හෝ ඔලුව හිරි වැටූණ ලෙසක් දෑනීම, අතපය ගැස්ම, වලිප්පූව, වමනය,අතපය පණ නැතිවීම, හන්දිපත් රිදීම, බඩ බූරුල් කොට යාම වැනි තත්ත්වයන්ය.
පාසල් දරු දෑරියන් දක්වන බොහෝ මානසික සෞඛ්‍ය මූල් වූ කායික ගැටළු ඉතා සංකීර්නය. වෛද්‍යවරයකුට වූව එය එකවර හඳුනාගැනීමටඅපහසූය. කායික ඖෂධීය ප්‍රතිකාර ලබාදීමෙන් පසූව රෝගයට සූවයක් අත් නොවන විට පමණක් මෙවැනි මනෝ මූලයන් සොයා යාම සිදුවෙයි. මනෝ කායික ගැටළු සඳහා මූල් වන්නේ එම දරුවා තුළ අභ්‍යන්තරිකව ඇතිවන මානසික ගැටළුවක් කායික ආබාධයක් ලෙස එළියට පැමිණීමය.
මනෝ කායික ගැටළු වලදී දරුවන් පවසන කායික රෝග තත්ත්වයන් ව්‍යාජ වූ තත්ත්වයන් නොව සත්‍ය වශයෙන්ම මානසිකව දෑනෙන්නා වූ ලක්ෂණයන්ය. එවැනි දරුවන්ට ඇත්තටම හිසරදය ඇතිවෙයි. බඩ රිදෙය.ි ඇඟ ගැහෙයි. උණ ගනියි. වෛද්‍යවරු පවා නොමඟ යන්නේ මෙම ලක්ෂණ හේතුවෙනිි.
සමහර මනෝ කායික ගැටළු ඇතිවන්නේ නොදෑනීමය. අතප පණ නැතිවීම හිරිවැටීම බොහෝ විට මෙවැනි නොදැනීම ඇතිවන මානසික ගැටළු හේතුවෙන් මතු වෙයි.
මනෝ කායික රෝග දක්වන දරුවන් බොරු කරන බව දෙමාපියන් ගුරුවරුන් රැවටීමට උත්සාහ ගන්නා බව ආදී වශයෙන් පැවසීම නූදුසූදුය. දරුවා නොදෑනූවත්ම ඇතිවන මෙම තත්ත්වයන් නිවැරදිව අවබෝධ කර ගැනීම වැඩිහිටියන්ගේ අවශ්‍යතාවක් ලෙස දෑකිය හැකියි.
මනෝ කායික ගැටළු සහිත දරුවෙකුට දඬූවම් කිරීම, බැණ වැදීම තරවටූ කිරීම, අපහාස කිරීම, බියට පත් කිරීම වැනි ක්‍රියාවන් ගැටළුව සමථය කිරීමට නොව එය තවත් සංකීර්ණ හා සංකුල තත්ත්වයක් බවට පත් කිරීමට හේතුවෙයි. එනිසා මෙවැනි රෝග තත්ත්වයන් දක්වන දරුවන් උපදේශන සපයන මනෝ වෛද්‍යවරුන් හෝ මනෝවේදින්ට යොමූ කිරීම බෙහෙවින් ප්‍රයෝජනවත්ය.
වෛද්‍ය රුවන් එම්. ජයතුංගa
0 comments :
Post a Comment