ඇස් වටෙි කළුවෙන්නෙ ඇයි කියල දන්නවද?


මූහූණ සේදීමට පිරිසිදු ඇල්වතුර තමා හොඳ. රෝගී අවස්ථාවලදී උණූවතුර අවශ්‍යනම් උණූවතුරින් මූණ සේදුවට කමක් නැහැ. කෝමාරිකා මද ටිකක්, සූදු හඳුන් කුඩූ ටිකක් මිශ්‍ර කරල මූණ සෝදනව නම් ගොඩක් හොඳයි. පිරිසිදු රෙද්දකින් මූණ පිහදගන්න කියල අමූතුවෙන් කියන්න ඕනි නැහැනෙ නේද?

අඳුන් ගානකොට (ආයූර්වේදයේ තිබේ) ඇස් පිහාටූවලටත් එක්ක ගාන්න. ඇස්වල අඳුන් ගෑවම බාහිර අලංකාරය ඇතිවෙනව වගේම දර්ශන ශක්තිය වැඩිවෙනවා. අඳුන්වලට යොදාගන්නා ඖෂධ නිසා ඇස්වල පිහාටූ ඝණව කළුව වැඩෙනවා. ඇස් කණ්ණාඩිවලින් බලන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. බොහෝ වෙලාවට හතළිස් ඇඳිරි, හැට ඇඳිරි කියල කියන ඇඳිරි එහෙම එන්නෙත් නෑ...."

නස්නයක් එහෙම කරනව නම් වෛද්‍ය උපදෙස් අනූව කරන්න. නස්න කළාම හිසේ තියෙන සෙම් නැතිවෙනවා. රූපලලාවන්‍ය ගැන කතාකරන කොට තියෙන තදබල ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඇස් වටා කළුවීම. ආයූර්වේද මතය අනූව නම් ඇස් වටා කළුවෙන්නෙ සෙම නිසයි. දිනපතාම සෙම ටික ටික අයින් වෙනවා නම් මේ ප්‍රශ්නය මතුවෙන්නෙ නෑ.
මාස තුනකට සැරයක්වත් සෙම පිට කළ යූතුයි. පංචකර්ම යටතේ පළපූරුදු ආයූර්වේද වෛද්‍යවරුන් සෙම පිට කිරීම ප්‍රතිකාරයක් විදියට කරනවා.

නස්න කිරීමෙන් හිස ආශ්‍ර්‍රිතව ඇති අනවශ්‍ය සෙම් කොටස් නැතිවෙලා හිස සැහැල්ලු වෙනවා. හොඳ නින්දක් ලැබෙනවා. නින්දෙන් අවදි වෙද්දී ඇඟට හිතට ලොකු ප්‍රබෝධයක් දැනෙනවා. හිත පැහැදිලි වෙනවා. හිසෙහි රෝග නැතිවෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment