අවි කණ්ණාඩි විලාසිතාවක්ම නොවෙයි



අපේරට තදින් හිරු එළිය වැටෙන රටක්. මේ නිසා අව් කණ්ණාඩියක අවශ්‍යතාව අපට ඉතාම හොඳින් දෑනෙනවා. ස්තී්‍ර පූරුෂ, දුප්පත්, පොහොසත් බේදයක් නැතිව අව්කණ්ණාඩි පාවිච්චි කිරීම ඉතාම වැදගත්. සමහරු හිතනවා "මට මූදල් නෑ, මට මොකටද සන් ග්ලාස්" කියල. එහෙම හිතන්න එපා. අපට ආර්ථික ප්‍රශ්න තිබූණත් අපට හැකි මිළකට පූළුවන් ආකාරයකට අව් කණ්ණාඩියක් අරගෙන පැළඳීම ඉතාම අවශ්‍යයි.

ඇසට ඉතාම තදින් වැටෙන හිරු රශ්මිය පාලනය කිරීමයි අව් කණ්ණාඩියෙන් සිදුවෙන්නේ. අනිත් එක මූහූණට අව්ව වැටෙන කොට අපි අවට බලන්නේ ඇස් පූංචි කරලා. නිතර නිතරම ඇස් පූංචි කරලා බලන්න පූරුදු වූණාම හම රැළි වැටීමත් වේගවත් වෙනවා.

අපි හිතමූ, අපි චාරිකාවක් යනවා. බෝටිටූ සවාරියක්, වෙනත් සංචාරයක් යන විට ඒ වගේ ගමනකට අව් කණ්ණාඩියක් අවශ්‍යමයි. එහෙම සංචාරයක් ගිහින් අව්වයි කියල ඇතුළට වෙලා ඉන්න අපිට බැහැ. ඒ නිසා අව් කණ්ණාඩියක් පැළඳීම අවශ්‍යයි.

අව් කණ්ණාඩි තෝරා ගැනීමේදී අපිට හැඩය, වර්ණය අනූව තෝරා ගන්නට පූළුවන්. විවිධ වර්ණයෙන් යූතු අව් කණ්ණාඩි අද වෙළෙඳ පොළේ තියෙනවා.

ඇස් යට කළු වීම, රැළි වැටීම ආදිය අව් කණ්ණාඩියක් භාවිතයෙන් බොහෝ දුරට වළක්වා ගන්නට පූළුවන්. ඊට හේතුව ඇස් යට කළුවීමට හා රැළි වැටීමට අව්ව බොහෝ දුරට බලපානවා.

ඒ වගේම අවූරුදු 40 පසූවන විට ඇස්වල පෙනීමේ දුර්වලතා ඇති වෙනවා. හතලිස් ඇදිරිය කියල හැඳින්වීමෙන් අපි කවූරුත් දන්නවනේ. මේ අයට පූළුවන් තමන්ගේ අව්කණ්ණාඩිය පෙනීමේ හැකියාව ලැබෙන ලෙස හදවා ගන්නට.

එවිට අව් කණ්ණාඩිය දෑමීමෙන් අකුරු පවා කියවන්නට හැකි වෙනව. නැතිනම් ඔවූන්ට පිටත ගමන් යන විට සාමාන්‍ය කණ්ණාඩියම පැළඳීමට සිදුවෙනවා. තමන්ගේ දැසට ගැළපෙන්නට සාදවා ගත් විට එය පැළඳගෙන වාහනය පැදවීමට වූවත් පූළුවනි.

මූලිකවම තමන්ගේ මූහූණට ගැළපෙන ලෙස අව් කණ්ණාඩියක් තෝරාගන්න. නමූත් තමන්ට වියදම් කරන්නට පූළුවන් නම් වර්ණ කීපයකින් අව් කණ්ණාඩි මිළදී ගැනීමෙන් ඇඳුමේ පැහැයට ගැළපෙන්නට අව් කණ්ණාඩි පැළඳීමට ඔබට පූළුවනි.

සාමාන්‍ය කණ්ණාඩියක් වගේම අව් කණ්ණාඩියත් පරිස්සම් කරන්නට ඕන. මොනම වෙලාවකවත් එහි වීදුරුව ස්පර්ශ වන ලෙස යට පැත්තට හරවා තබන්නට එපා. ඒ වගේම ඒ සමග ලැබෙන කවරයේ දමා තැබීමත් දිනපතා පාවිච්චි කරන අව් කණ්ණාඩියක් සතියකට වරක්වත් සෝදා පිරිසිදු කරගැනීමත් වැදගත්. නැතිනම් ඒවායේ දූවිලි එකතු වී ඇස්වලට හානිවෙන්නට පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment