මං මගේ තීරණය වෙනස් කරන්නේ නැහැ. මං තීරණයක් ගත්තොත් එහෙමයි

මං මගේ තීරණය වෙනස් කරන්නේ නැහැ. මං තීරණයක් ගත්තොත් එහෙමයි සමහර විට එයින් මට පාඩූවක් ඇතිවෙයි. ඒත් මං කවදාවත් මගේ තීරණය වෙනස් කරන්නේ නැහැ. ඔයාට කැමති තීරණයක් ඔයා ගන්න.


ඇතැම් අවස්ථාවක මේ වගේ කතා ඔබ අහලත් ඇති. සමහර විට ඔබ එහෙම කියලත් ඇති. ඇයි මිනිසූන් එහෙම කියන්නේ. ඇතැම් වෙලාකට තමා කරන ක්‍රියාව වැරදි බව වටහා ගෙනත් ඇතැමෙක් එයම කරති. එසේ යමෙක් කරනවා නම් එය සිදුවන්නේ ඔහූගේ අනූවන කමනිසා. නූගත්කම නිසා කරුණූ කාරණා පිළිබඳව අවබෝධය අඩූ නිසා.


යම් වැදගත් සිද්ධියක් පිළිබඳව පමණක් නෙවෙයි නොවැදගත් දෙයක් පිළිබඳ වූණත් තීරණයක් ගත යූත්තේ යහපත් සිහි කල්පනාව පවතින අවස්ථාවලදී. එයට හේතුව තමයි තම ශ්‍රමය හා කාලය නැතිනම් ධනය හෝ විය පැහැදම් කරන නිසා. යම් පාඩමක් කොට එය අසාර්ථක වූ විට පූද්ගලයා තුළ යම් මානසික පසූබිමක් ඇතිවෙනවා. දෙවනූවද, තෙවනූවද එසේ වූවහොත් ඒනිසාම මානසික විකෘතිතාවයන් පවා ඇතිවන්නට තියෙන අවස්ථා බොහොම වැඩියි. තමා ගන්නා තීරණ යහපත් කල්පනාවක ඉඳගෙන ගත යූතු වන්නේත් ඒ තීරණයේ ප්‍රතිඵපල අන්‍ය අයටද බලපාන්නේ නම් පූර්වයෙන් ඔවූන් සමගද සාකච්ඡා කොට අදහසක් ලබා ගත යූතු වන්නේත් ඒ නිසා.


අනූවන අදූරදර්ශී පූද්ගලයන් සම්මත ලෝකයේ පවතින කිසිදු සදාචාර යහපත් ආචාර ධර්මයක් අදාල කර ගන්නේ නැහැ. ඔවූන් හිතුමනාපයේ කටයූතු කරන්නට යනවා. ඒ නිසාම ඉක්මන් තීරණවලට නැඹූරු වෙනවා. බොහෝ අවස්ථාවල සමාජයේදී කේන්ති ගිය අවස්ථාවල යම් යම් දේ ගැන තීරණ ගන්න මිනිසූන් මෙන්ම ගැහැනූන්ද මූණ ගැහෙනවා. ඒ එබඳු අයයි.


කේන්තිය කියලා කියන්නේ මානසික විකෘත්තියක්. ඒනිසාම ශරීරයේද අසාමාන්‍ය තත්ත්වයක් ඇති වෙනවා. එබඳු අවස්ථාවල තීරණාත්මක සිද්ධීන් පමණක් නොවෙයි සාමාන්‍ය දේවල් වූණත් කතාබහ කරන්නටත් සූදුසූ නැහැ. විකෘතිතා ප්‍රකෘර්ති බවට පත් වූ විටයි ඒවා ගැන කතා කළ යූතු වන්නේ ඔය කරුණූ කාරණා ගැන අවධානය මෙහෙයවන්නේ නූවණැති අයයි. සාමාන්‍ය උදවියට මේ ගැන නිනවූ නැහැ. ඒනිසාම එබඳු අය කේන්ති ගිය අවස්ථා වල ගනූ ලැබූ තීරණවල කේන්තිය නිවී ගියහමත් රැඳී ඉන්නවා. බූද්ධිමත් අය එහෙම නෙවී කේන්තිය නිවූණූ පසූව කේන්ති ගොස් ගනූ ලැබූ සියලු සාවද්‍ය තීරණ වෙනස් කරනවා. ඒ ඒ වැරදි මතවල එල්ලීගන ඉන්නේ නැහැ.


මේ කරුණූ කොරණා කියවගෙන කියවගෙන යන විට ඔබටත් නොදෑනීම ඔබ මොන වගේ කෙනෙක් දෑයි හිතා බලන්න අදහසක් එයි. ඇතැම් විට දෑනටම ඒ ගැන යම් කිසිවක් සිතී ඇති. තමන් පිළිබඳ තීන්දු තීරණ ගන්න ඉතා යහපත් කෙනා තමන්ම තමයි. සිහි බූද්ධියෙන් හිතා කල්පනා කොට හෝ ඒ පිළිබඳව දෑනූම අවබෝධය මදිනම් තීරණ ගැනීම මදකට නතර කොට ඒ පිළිබඳ දෑනූමක් ලබාගෙන තීන්දු තීරණ ගැනීම යහපත්. ඔබ කල්පනා කොට බැලුවොත් අතීතයේ තමා ගත් යම් යම් සිද්ධි පිළිබඳ තීරණ පිළිබඳව ඒවායේ දුබලතා හා ප්‍රබලතා හමූවෙයි. තමා අවංකවම ඒ දුබලතා පිළිබඳව දුක්විය යූතුයි. ප්‍රබලතා එහෙමත් තිබේ නම් ඒවා ගැන තුටූ විය යූතුයි.


තමා ගැන යහපත් අභිමානයක් ඇතිවන්නේ එවිට. ඔය ගැන නිවැරදි ආත්මාභිමානයක් තියෙනවා නම් එය සෑම කටයූත්තකටම වැදගත්. තමන්ට අයහපත පිණිස හේතු නොවන අනන්‍යන්ට ද එසේ නොවන දෙපක්ෂයටම හානි නොවන තීන්දු තීරණ ගැනීම යහපත්. එය බූදු දහමෙන් උගන්වනවා. එසේ වන්නේ නැත්නම් එබඳු තීරණවලට යන්න එපා.


පනින්නට පෙර සිතා බලනූ යයි පූරාණ ආත්තෝපදේශයක් තියෙනවා. දුතියම්පි, තතියම්පි වශයනේ දෙවනූවද තෙවනූවද යම් ක්‍රියාවක් කිරීමට ප්‍රථම එහි සූදුසූ නූසූදුසූ බව පළමූව අධ්‍යනය කිරීමට බූදු දහමෙහි අවසරය දී තියෙනවා. ඒනිසාම හදිසි තීරණ අරගෙන වැරදි නිගමනවල ඉඳගෙන සාවද්‍ය ක්‍රියා වල යෙදෙන්නට බෞද්ධාගමිකයන්ට ධර්මයෙන් අවසරයක් නැහැ.මං කවදාවත් මගේ තීරණ වෙනස් කරන්නේ නැහැ. යනූවෙන් සාවද්‍ය නිගමනවල ඉදීම වැරදියි. ඕනෑම අයෙකු අතින් සූළු හෝ ලොකු වැරදි සිදුවන්නට පූළුවන්. වරදක් සිදු වූණා කියල ඔහූ අයින් කරලා දාන්න බැහැ. වැදගත් වන්නේ සිදු වූ වරද වරද ලෙස වටහා ගෙන හෙට දවසේ නිවැරදි වීමයි.


පාතේගම ඤාණිස්සර හිමි

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment