හූනූ ශාස්ත්‍රය අදට ගැළපේද?


හූනා සියූම් සංවේදී ඉන්ද්‍රියන් ඇති සත්වයෙකි. ඌට ඕනෑම ස්ථායක යාමේ හැකියාව ඇත. එනම් උඩූ අතට, යටිඅතට, සමතලා තැනක, ආධාරයක් නොමැතිව ගමන් කරන හූනා නිරීක්ෂණය කරන කවරෙකුට වූවද දෑකිය හැකිය. දක්ෂ හූනා වැටෙන්නේ ගොදුරක් ඩැහැගැනීමට පැමිණීමේ දී ගොදුර වැරදුනූ විට හා කලබලකාරී අවස්ථාවකදීය. එය ඉතා කලාතුරකිනි.

එසේ වැටෙන හූනා ශරීරයේ විවිධ ස්ථාන වල වැටීම අසූබයයි අපේ මූතුන් මිත්තන් විශ්වාස කළ අතර විවිධ පලාඵල ඊට එක්කර ඇති බව ද පෙනේ. ආදී වැදි ජනයා අතර මෙම විශ්වාසය තදබල ලෙස පවතී.ඉන්දියාව වැනි පෙරදිග රටවල මෙය බහූලව විශ්වාස කරයි.

හූනා ගේ පවූලට කබරයා, කිඹූලා ආදී සතුන් අයත් වන අතර ජනප්‍රවාදයේ එන කතාවක් මෙහිලා සිහි වේ. එනම් කිඹූලාගේ කටින් ගැලවූණූ මිනිසෙකු ඇමතු කිඹූලා ප්‍රකාශකර සිටියේ මගෙන් බේරී ගියත් මල්ලි ගෙදර ඉන්නවා යන්නය. ඉන් පැහැදිලි වන්නේ හූනූ ශාස්ත්‍රය ප්‍රචලිත වූ බවය.

හූනා විෂ සහිත සත්ත්වයෙකි. හූනා කලාතුරකින් සපා කන අතර එයට ආයූර්වේදයේ ප්‍රත්‍යක්ෂ ඖෂධ ඇත. නමූත් හූනා නරක වෙලාවක සපා කෑම ශරීරයට අහිතකර විය හැකිය. මරණය වූවද සිදුවිය හැක.

හූනාට බූද්ධිමත් මනූෂ්‍යයෙක් මෙල්ල කිරීමට අපහසූය. හූනා හැඩීම පාරම්පරිකව අසූබ යැයි පිළිගත්තද එවැනි සිදුවීමක් පූද්ගල ජීවිතයට සිදු කරන බලපෑම හැමවිටම අසූබ යැයි නිගමනය කිරීමට නොහැකිය.

හූනා ශරීරයේ විවිධ ස්ථානවල වැටීම හේතුවෙන් පවතින පලාඵල පිළිගත නොහැකි අවස්ථා නිරතුරු හමූවේ. දිනය, දිශාව, ශරීර අවයවය අනූව පලාඵල කීම දුෂ්කරය. දිනයට අනූව සතුටද, දිශාව අනූව ශෝක මරණ ද ස්ථානය අනූව ධන ලාබද යන පලඵල හමූවීමෙන් එකම පූද්ගලයාට ලබන්නා වූ පලාඵල ප්‍රතිඵලය වෙනස් වේ.

ශරීර ස්ථාන අනූවද සමීප ස්ථාන තුනකට වැටූණ විට ප්‍රතිපල තුනකි. එනම් මූඛය භය, උඩූතොල අලාභ යටිතොල, වස්තු ලාභ වේ. මෙයින් පෙනී යන්නේ ලැබෙන ප්‍රතිඵල වෙනස් බවයි.

ජ්‍යොතිෂයට අනූව පිළිගත් හූනන් හැඩීමේ පලාඵල කිහිපයක් මෙසේය. හිසකෙස් මරණයද දකුණූ අත හදිසි මරණ, වම් අත ශෝක මරණ, ආදී අයහපත් ප්‍රතිපලයන් වේ.

පපූව, බඩ, නැබ ධන ලාභ පිළිබඳව ද පිට ඃ සැප සම්පත් ද ලිගුව යෝනිය ඃ භය පිළිබඳවද පලාඵල වේ. හූනා මූළු ශරීරය පූරා දිවීම දීර්ගායූෂ ලැබේ යැයි පිළිගනී. හූනන් ඇඟ වැටූණ සැනින් කිසිවෙකුටත් නොකියා ඇදී සිටි වස්ත්‍රය පිටින්ම ස්නානය කිරීම හා කල ඉදි දන්දීම දොෂ භංග වේ යැයි පැරැඃන්නන් අතර විශ්වාසයක් පවතී. දෛවය අනූව සහ අධිෂ්ඨානය, කැපවීම ඇති පූද්ගලයන්ට යා යූතු මාවතේ යාම සඳහා හූනා හැඩීම බාධාවක් කරගත යූතු නොවේ. විද්‍යාත්මක පදනමක් නොමැති හූනූ ශාස්ත්‍රයේ ඇති විද්‍යාව නම් හූනා යනූ විෂ සහිත සත්ත්වයෙකු බවයි. පෙර කර්මය අනූව සියල්ල විසඳේ යන හැඟීමෙන් නොව උත්සාහය අනූව එදිනෙදා කටයූතු කර සියල්ල ජය ගැනීමට අවශ්‍ය කාලයකිමේ.

කෙසේ නමූත් ඉන්දියානූ සංස්කෘතියේ හූනන් හැඩීමේ පලාඵල පිළිබඳ විශ්වාස බොහෝ වේ. හූනන් හැඩීම පිිළිබඳව කිව හැක්කේ බල්ලෙක් බිරුවත් කන්දක් පාත් නොවන්නා සේ මිත්‍යා විශ්වාස පසූපස නොගොස් සිහි බූද්ධියෙන් බූද්ධ දේශනා අනූව හොඳ දෑකිමෙන් යූතුව ජීවිතය දෙස බැලිය යූතු බවයි.



හූනන් මිනිස් ශරීරයේ විවිධ ස්ථානවලට වැටීම පිළිබඳව සමාජයේ එදා මෙන් අදද විවිධ මත පවතී. සූබ කටයූතු සඳහා තම නිවසින් පිටත්ව යන අවස්ථාවලද හූනන්ගේ හැඩීම හේතුවෙන් එම කටයූතු වලට බාධා ඇතිවෙතැයි අදටත් පිළිගනී. බොහෝ දෙනා යම් කටයූත්තකදී හූනන් හැඩීම අසූබ ලෙසින් සලකන නිසා ඒ පිළිබඳව අපි ජ්‍යෙතිෂ්‍ය මත විමසීමක් කළෙමූ. තිථිය, හෝරාව, දිශාව, නැකත, ආදී වශයෙන් නක්ෂත්‍ර ශාස්ත්‍රය හා සම්බන්ධ කර බැලීමෙන් මෙහි අසූබ පල නැති බව පෙනී යයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment