රෝගය ගැන කියාදෙන රෝග ලක්ෂණ


හදිසියේ මතුවන ගෙඩි , ගැටිති හෝ ගැට

ශරීරයේ කවර තැනක හෝ හදිිසියේ මතුවන ගෙඩියක්, ගැටයක් ඃ ගැටිත්තක් වේනම් ශරීරයේ පවත්නා උපන් ලපයක් හෝ ඉන්නෙක් හදිසි සීඝ්‍ර වර්ධනයට ලක් වූවහොත් එයද විශේෂ සැලකිල්ලට ලක් විය යූතුය. පියයූරු, තයිරොයිඩ් ග්‍රන්ථිය වැනි තැනක නම් ඒ වඩා හානිදායක තත්ත්වයකි. බොහෝ විට ඉන් පටක ස්වල්පයක් ගෙන විශේෂිත පරීක්ෂාවක් කිරීමෙන් පිළිකාවක් ද නැද්ද යන්න නිගමනය කළ හැකිය.

මේ ඇති වන ගැට හෝ ගෙඩිය බොහෝ විට

අහිංසක සරල අර්බූදයක්, මේද එකතුවක් හෝ

විශාල වූ වසා ග්‍රන්ථියක් (කුද්දෙටියක්)

සම යට හෝ මතුපිට හෝ ඇති වන රුධිර වහනයක්

හෝ සැරව ගෙඩියක් විය හැක.

පිළිකාමය අර්බූදයක් විශේෂයෙන් ඉන්නෙකු හෝ උපන් ලපයක් මෙසේ සීඝ්‍රයෙන් වර්ධනය වේ නම් එය පිළිකාමය තත්ත්වයක් ද නැද්ද යන්න වහා විමසා බැලිය යූතුය. එසේම සමේ ලපයක් අඳුරු පැහැයට හැරීම, තදින් කැසීම, සති 2 ඃ 3 කට වඩා සූව නොවන තුවාලයක් පැවතීම වෛද්‍ය පරීක්ෂණයකට ලක්විය යූතුය.


කටහඬ වෙනස්වීමක්
හදසියේ ඇති වන කටහඬ ගොරෝසූවීමක්, රළුවීමක් සමග උගුර රිදීම, සෙම්ගෙඩි ඉදිමීම, ගිලීමේ අපහසූව තිබීම අනතුරු ඇඟවීමකි.

සමහර විට කටහඬ රළුවීම, සෙම්ප්‍රතිශ්‍යාව. උගුරේ වයිරස ආසාදන හෝ දීර්ඝ වේලාවක් කතා කිරීම වැනි හේතු නිසා ඇතිවීමට පූළුවන. ස්වරාලයේ ඇති වන උද්දීපන හෝ ආසාදන හෝ තත්ත්වයන් නිසා වීමට පූළුවන. සමහර විට එහි ඇතිවන ගැටිත්තක වර්ධනයක් නිසා එසේ වීමට හැකි අතර

ගිලීමේ අපහසූව ගලනාලය සිහින්වීමක්, එහි පිළිකාවක් හෝ වෙනත් වර්ධනයක් වීමට පූළුවන. තෙසතියකට වැඩි කාලයක් පවතින කටහඬ රළුවීම හා ගිලීමේ අපහසූවක් අනිවාර්යෙන්ම වෛද්‍ය අවධානයට යොමූ විය යූතුමය.


උණ

රෝග ලක්ෂණයක් පමණි. උණ ඇතිවීමට බොහෝ විට හේතුවන්නේ ක්ෂ්ද්‍රජීවි ආසාදනයකි. සෙම්ප්‍රතිශ්‍යා උණ වැනි තත්ත්වයනට දින කිහිපයක් විවේක ගැනීම හා පැරසිටමෝල් පෙති ගැනීම වැනි පියවර මගින් සහනය ලැබෙයි. එහෙත් වෙනත් රෝග ලක්ෂණ සමග එනඋණ හා අධික උණ තත්ත්වයන් ගැන කල්පනාකාරී විය යූතුය. ක්ෂයරෝගය, මැලේරියාව, උණසන්නිපාතය, නියූමෝනියාව, ඩෙංගු රක්තපාත උණ, මෙනින්ජිප්‍රදාහය, මූත්‍රා ආසාදන වැනි ආසාදිත තත්ත්වයන්හිදී මෙන්ම ලියූකේමියාව වැනි පිළිකා රෝගයන් හිදී ද උණ පැවතීමට පූළුවන.


ඇඟ සීතල කර උණ ගැනීම, සමහර විට උණ ගැනීම, උණ දීර්ඝ කාලයක් (සතියකට වඩා) පැවතීම, සිහින් උණ පැවතීම, උණ සමග සමේ රතු ලප මතුවීම, ලේ ගැලීම, අධික හිසරදය, ඔක්කාරය හා වමනය පැවතීම, තද ආලෝකය බැලිය නොහැකි වීම, ශ්වසන වේගය ඉහළ යාම, හූස්ම ගැනීමේ අපහසූව, බෙල්ල හැරවිය නොහැකිවීම වැනි ලක්ෂණ සමග උණ ගෙන ඇත්තේ වඩා කරදරකාරි තත්ත්වයකට බව සිහිපත් කරවයි.


නිතර දෑඩි වෙහෙස දෑනීම
ගෙදර දොර හෝ වැඩ පලෙහි මහන්සි වී වැඩ කිරීම, දරුවන් කිහිප දෙනෙකු බලා ගැනීම, රෑ බෝවී නිදා ගැනීම ආදී හේතු නිසා කෙනෙකුට දෑඩි වෙහෙසක් දෑනිය හැකිය.

එහෙත් මසකට වඩා වැඩි කාලයක් ඇඟේ වෙහෙස මහන්සි ගතියක් දෑනේ නම් එය පරීක්ෂාවට ලක්විය යූතුය.

එය සමහර විට

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ වෙනසක්

ලේ අඩූකම, නීරක්තිය (සමහර විට ඇඟ සූදුමැලි වීම) හා හූස්ම ගැනීමේ අපහසූව ආදියද තිබිය හැකිය.

වයිරස ආසාදන

දැඩි මානසික විඩාව, ආතතිය හා විශාදය වැනි මානසික රෝග නිසා ඇති ද විය හැකිය.

සිරුරේ බර ශිඝ්‍රයෙන් අඩූවීම

අපේ සිරුරේ බර වරින් වර සූළු වශයෙන් එහා මෙහා වීම ගැටළු සහගත තත්ත්වයක් නොවේ. එහෙත් මාසයක් පමණ කෙටි කාලයක් තුළ

කි. ග්‍රෑම් 10 ඃ 12 කින් බර අඩූවීම නම් යම් රෝග තත්ත්වයක් අඟවන බව සිහිතබා ගත යූතුය.

මේ හා සමගම නිතර පිපාසය දෑනීම, නිතර මූත්‍රා කිරීමේ අවශ්‍යතාවය, වෙහෙස දෑනීම ආදිය දියවැඩියා තත්ත්වයක් අඟවයි. බර අඩූවීම සමග කැස්ස, මඳ උණ හා සෙම සමග ලේ යාම, ක්ෂය රෝගය අඟවයි. සෙංගමාලය හා සමහර පිළිකා තත්ත්වයන් නිසාද ශරීරයේ බර අඩූ විය හැකිය. දහදිය දෑමීම, ඇස් ඉදිරියට නෙරා ඒම, ඇස් ලොකු වීම, විවේකීව නොසෙල්මන්ව සිටීමේ අපහසූව ආදී ලක්ෂණ තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය නිසා වි හැකිය.ි ආමාශයික වණ හෝ ආහාර මාර්ගයේ ගැටළු හා පිළිකා නිසා ඇති වන බර අඩූවීමක් සමග නිතර බඩ රිදීම, මළපහ කිරීමේ ගැටළු ආදිය පැවතිය හැකිය. එච් අයි වී ඒඩ්ස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයක් වන්නේද ශරීරයේ බර සීග්‍රයෙන් අඩූවීමය. සමහර ඖෂධ වර්ග දීර්ඝ කාලයක් ගැනීම නිසා මෙන්ම මානසික රෝග තත්ත්වයන් නිසාද ශරීරයේ බර සීඝ්‍රයෙන් අඩූ විය හැකිය. මන්දපෝෂණය හේතුවෙන් ද ශරීරයේ බර අඩූ විය හැකිය. මේ නිසා ශරීරයේ බර අඩූවීම ගැන වෛද්‍ය උපදෙස් පැතීම අවශ්‍යය.


ඉහත දෑක්වූ අවදානම් ලක්ෂණ මූල් අවස්ථාවේදීම හැඳින නිසි උපදෙස් පැතීම බෙහෙවින් තීරණාත්මක බව පිළිගත යූතුය.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment