බබා හම්බවෙන්න අම්මා ළඟට යන්නේ ඇයි?



කාන්තාවකට දරුවෙක් ලැබෙනවා කියන එක සමාජය දකින්නේ ඉතාමත් පී්‍රතිමත් අවස්ථාවක් විදිහට.ඒ වගේම එය ලොකු භාග්‍යයක් විදිහට සමාජය දකිනවා. ඒ වගේම එය අලුත් ජීවියකටයි උපත ලබා දීමක්. කන්න බොන්න දෙන්නේ ජීවිත දෙකක් සඳහා. ලැබෙන්න ඉන්න දරුවා හැමදෙනාටම සම්පකත්. ඔහූව

රැකබලා ගත යූතුයි කියන සංකල්පය තමයි ප්‍රධානතම වශයෙන් මූල් වූණේ.

පැරණි කාලයේ සිට අපේ සමාජයේ විවාහය දෙවිදිහකට කෙරුණා. එනම් එකක් තමයි සාමාන්‍ය ප්‍රචලිත දීග විවාහය, අනිත් එක තමයි බින්න විවාහය.

දීග විවාහය තුළ සිදුවන්නේ කාන්තාවක් තම නිවසින් පිටවී සැමියාගේ පවූලේ උදවිය සමග පදිංචියට යාම.

බින්න විවාහයකදී සිදුවන්නේ පූරුෂයා තමන්ගේ නිවසින් පිටවී කාන්තාවගේ පවූල සමග පදිංචිවීම.

නමූත් ලංකාවේ වැඩිපූරම සිදුවන්නේ දීග විවාහ. පූරුෂයාගේ පවූලේ උදවිය සමග සමගියෙන් සහජීවිනයෙන් ජීවත්වීම තමයි එම කාන්තාවගේ එකම අරමූණ වන්නේ. නමූත් එම කාන්තාව දරුවෙකු ලැබීමට සිටීමේදී විශ්වාස කරනවා සැමියගේ නිවසින් පිටවෙලා දරුවා ලැබෙන්න තමන්ගේ අම්මා ළඟට යා යූතුයි කියල. ඇයි මේ විදිහට සැමියගෙ නිවසින් පිටවී ඇය දරුවා ලැබීමට තම මව වෙත යාමට අදහස් කරන්නේ. ඇය එයින් මොනවද අදහස් කරන්නේ ඒ පිළිබඳව අප සිතා බැලිය යූතුයි. මෙතනදී අපට සමාජයෙන් අදහස් කීපයක්ම ගත හැකිවෙනවා.

අපේ සමාජයේ විශ්වාසයක් තිබෙනවා ගැහැනියකට තමන්ට අපහසූතාවක් වන අවස්ථාවකදී කරදරයක් වන අවස්ථාවකදී තමන්ට ආදරය

රැකවරණය අවශ්‍යම අවස්ථාවකදී වඩාත්ම සූදුසූ කෙනා තමයි තමන්ගේ මව. තමන්ට ඕන දෙයක් කියන්න වේදනාවක් කියන්න දුකක් කියන්න ආදරය ලබන්න ඉන්න ලොකුම කෙනා තමයි තමන්ගේ මව කියල.

සැමියගෙ නිවසින් කොයි තරම් හොඳින් සැලකුවත් ගැහැනියකට තමන්ගේ මව තරම් කෙනෙක් තවත් නැහැ. මෙන්න මේ නිසා දරුවෙක් ලැබෙන්න ඉන්න කොට තමන්ගේ මව ළඟ ඉන්න ඕන කියන හැඟීම තමයි සම්ප්‍රදායික සමාජය තුළ පැවතුණේ.

2. ඒ වගේම තවත් කරුණක් තමයි දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අපේ සම්ප්‍රදායික සමාජය ඉතා හොඳින් දෑනගෙන හිටියා කුස තුළ වැඩෙන දරුවාගේ මානසික සහ කායික වර්ධනය ඉතාම වැදගත් කියල. ඒ නිසා තමයි දරුවෙකු ලැබෙන්න ඉන්න විට මවට දුකක් මානසික කම්පනයක් නොදෙන්න යහපත් ක්‍රියාවන්වල යෙදෙන්න වගබලා ගන්නේ. මේ නිසා දරුවා උපත ලබන්නට තිබෙන කාලය තුළ මවට ඉතාමත් හොඳින් රැකබලා ගත යූතු බව සමාජය විශ්වාස කළා. මෙතනදී සැමියගේ නිවස තුළ ඇය ජීවත් වන විට එම නිවසේ උදවිය ඇයගෙන් බලාපොරොත්තු වන බොහෝ දේ තිබෙනවා. විවාහ වී ගිය කාන්තාවට දහසකුත් වැඩ රාජකාරි එම නිවස තුළ තිබෙනවා. ඒ වගේම යම් යම් අඩූපාඩූ සිදුවූ විට නිවසේ අයගෙන් යම් යම් චෝදනා එල්ල වෙනවා. මේ විදිහට චෝදනාවන් වලට ලක්වන විට ඇය කම්පා වෙනවා.

මේ ආකාරයට ගැටූම්කාරි වාතාවරණයක ජීවත් වීමට ඇයට සිදුවෙනවා. නමූත් දරුවෙකු ලැබීමට ඇය නැවත තම නිවස යාමෙන් තම මව ළඟට යාමේදී ඇය එයින් ඉමහත් සතුටක් ලබනවා. ඇයව නැවතත් තම නිවසට බාර ගන්නේ දරුවෙකු විදිහට. අර මහා වගකීමක් තිබෙනව විවිධ කාර්යන්ගෙන් හෙබි බිරිඳක් ලේලි කෙනෙක් විදිහට නෙවෙයි ඇය යළිත් ඇගේ නිවසට පැමිණෙන්නේ. නැවතත් ඇය ඇගේ මව ළඟට පැමිණෙන්නේ බොහෝ කාලයකට පසූවයි. එවිට ඇගේ නිවසෙන් ලැබෙන ප්‍රතිචාරයත් ඉහළයි. ගමේ අය ඇයව පිළිගන්නේ නිවසේ අය ඇයව පිළිගන්නේ වාසනාවන්ත තැනැත්තියක් විදිහට. ඇය හැමවෙලාවෙම සිටින්නේ සතුටෙන් මෙන්න මේ හේතුව නිදහස්ව ඇයට ටික කාලයක් ජීවත් වීමට වාසියක් වූණා දරුවන් ලැබීමේදී තම මව වෙත ඒමෙන්.

ඒ වගේම තව හේතුවක් අපට දකින්නට පූළුවන්. දරුවෙකු ලැබීමට සිිටින කාන්තාව සිතනවා තමන්ගේ මව දරුවන් කිහිප දෙනෙකු බිහි කළ කෙනෙක්. ඇයට විශාල අත්දැකීම් තිබෙනවා. මෙයින් අදහස් කෙරෙන්නෑ නැන්දම්මා අත්දෑකීම් නැති කෙනෙක් කියල. ඇයට තම මවටත් වඩා අත්දෑකීම් තිබෙන්නට පූළුවන්. නමූත් මවක් තමන්ගේ දියණියට ඉතා විශේෂයි. ලේලිට වඩා තම දියණියට තමයි වැඩි විශේෂත්වයක් දක්වන්නේ.

තමන්ගේ ලේලිට වඩා තම දියණියට විශේෂ සැලකිලි මවකගෙන් ලැබෙනවා. ඒක තමයි මනූෂ්‍ය ස්වභාවය. (ඒත් මව තරමටම හොඳින් ලේලිට සලකන නැන්දම්මලාත් නැතිව නොවෙයි)

මෙම විශේෂත්වය තුළින් ගර්භණි අවස්ථාවේ පියවරින් පියවර වෙන වෙනස්කම් ගැන කියාදීමට මවට හැකිවෙනවා. ඇගේ ඕනා එපාකම් සොයා බලා ඇයව රැක ගැනීමට මවට හැකියාව ලැබෙනවා. නැන්දම්මලා ඉන්නවා තමන්ගේ දුවට වගේම ලේලිටත් ආදරෙයෙන් සලකන. නමූත් එය තමන්ට සැක සහිතවන්නට පූළුවන්. නමූත් අම්මගෙන් අනිවාර්යෙන්ම එම සැලකිිලි නොඅඩූව ලැබෙනවා. එහි කිසිම සැකයක් නැහැ. මේ හේතුව නිසාත් තමන්ගේ මව වෙත දරුවෙකු ලැබීමේදී යාමට කාන්තාව පෙළෙඹෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment