සමට පෝෂණය ලබාදෙනවා කියන්නේ වැඩියෙන් ආහාර ගැනීමද?


ලොකු බත් පිඟානකට මැල්ලුම් ටිකකුයි, එළවළු ටිකකුයි පූංචි මාළු කෑල්ලකුයි කන එක නෙමෙයි පෝෂණය කියන්නේ.
එහෙම කිව්වහම ඔබ කියයි මස්, මාළු, එළවළු කොච්චර ගණන්ද කියල.
ඇයි එතකොට ගමේ ගොඩේ තිබෙන පහසූවෙන් අඩූ මිලට ගත හැකි එළවළු, පලතුරු ඔබේ අවධානයට ලක් නොවන්නේ.

රුවැති රූ සපූවක් අපේක්ෂා කරන ඔබ සමස්ත සිරුරේම නිරෝගිකම ආරක්ෂා කර ගත යූතුයි. දේශීය ආහාර, ශාඛ සම්පත්, ඖෂධ වර්ග වලින් නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ ඔබේ රුව ගුණ ඔබටම රැකගත හැක. රට වටෙිට මූහූද තියාගෙන ටින් මාළු කනවාට වඩා දිනකට එක් ආහාර වේලකටවත් වැවෙන් කලපූවෙන් ගඟෙන් මූහූදෙන් අල්ලා ගන්න අලුත් මාළු කැබැල්ලක රස බැලුවොත් එය කොතරම් අගේද?

රුව ගැන කතා කිරීමේදී විශේෂ අවධානයක් යොමූ කළ යූතු ඉන්ද්‍රියක් තිබෙනවා. ඒ තමයි "සම"

සම ආරක්ෂා කර ගැනීම රුව රැකීමේ පළමූ පියවරයි. ඔබ ලස්සන සිරුරක් ගැන සිහින මවනවානම් පළමූවෙන්ම ඔබේ සමට සත්කාර කරන්න. සමට සත්කාර කිරිමට කියා ඔබ විශේෂ වෙහෙසක් දරන්නට අවශ්‍ය නැහැ. අවශ්‍ය කරන්නේ ඔබේ ශරීරය ගැන හොඳ අවබෝධයකින් යූතුව ඔබේ එදිනෙදා ආහාර ගැනීමත් හොඳ සෞඛ්‍යමය පූරුදු පූහූණූ කීිරීමත් පමණයි. "සම රැකගන්න" ඕනේ කියා සිතුවට පමණක් බැහැ. ක්‍රියාත්මක වෙන්න ඕනේ. දිනූමක් ඇදෙන්න නම් ලොතරැයියක් ගන්නම ඕනෙ. වාසනාව උරගානවා වගේ තමයි කායිකව අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ මොනවාද යන්න ගැන හොඳ අවබෝධයකින් යූතුව ඔබ ආහාර පාන ගත යූතුයි.

නිරෝගි පැහැපත් සම ගැන කතා කරන කොට බොහෝ දෙනෙක් පූරුදු වෙලා තියෙන්නේ. ඒත් මූහූණේ සම ගැන සැලකිලිමත්විම පමණයි. ශරීරයට අයිති දෑත් දෙපා වලට සැලකිල්ලක් දක්වන්නේ නැති තරම්. එත් ඔබ ඔබේ මූහූණේ සමට දක්වන සැලකිල්ලම දෙපාවල මාපට ඇඟිල්ලේ පිටි පතුලේ සිට ශරීරය පූරාම විසිරී ඇති සමට දෑක්විය යූතුයි.

මූළු ලෝකෙන්ම රසට කෑම කන ජාතියක් හැටියට තමයි ශ්‍රී ලාංකිකයන්ව හඳුන්වන්නේ. විවිධ කුළුබඩූ වර්ග යොදා සකස් කර ගන්නා ආහාර විවිධ අච්චාරු, ලුණූදෙහි විනාකිරි, සෝස් වර්ග අධික ලෙස පාවිච්චි කරන්න අපි පූරුදු වෙලා ඉන්නවා.

මේවා අපේ දිවට බොහෝම රසවත් වූණත් කායිකව ගත්තහම ඉතාම කටූක ආහාර වර්ග විදිහට හඳුන්වන්න පූළුවන්. උදා. අඹ. අන්නාසි, ප්‍රණීත පලතුරු වගේම වෑංජන වශයෙනූත් පිළිවෙළ කරගන්නට පූළුවන්. නමූත් මේවා වැඩිපූර අනූභව කළොත් එක දිගට අනූභව කළොත් දද වගේ තුවාල ඇත්නම් ඒවා වැඩි වෙනවා. ආසාත්මිකතාවයන් ඇත්නම් ඒවාද වැඩිවෙනවා.

ප්‍රධාන වශයෙන් සමට අවශ්‍ය පෝෂණය ලබාදෙනවා කියන්නේ ආහාර ගොඩක් අනූභව කිරීම නොවෙයි. ඔබ කෑම කන්නේ මොකටද කියන සිතුවිල්ලෙන් යූතුව කෑම අනූභව කරන්න පූරුදු වෙන්න ඕනේ. බඩගින්න නිවා ගන්න පමණයි කෑම කන්න ඕනේ කියන වැරදි ආකල්පයෙන් ඉවත් වෙන්න.


ලොකු බත් පිඟානක් බෙදාගෙන මැල්ලුම් ටිකකුයි එළවළු ටිකකුයි පූංචි මාලු කෑල්ලකුයි කන වැරදි පූරුද්ද අත්හරින්න. බත් ප්‍රමාණයෙන් අඩූවෙනූත් මාලු මස් එළවළු ඇතුළු අනෙක් වෑංජන වැඩිවශයෙනූත් ආහාරයට ගන්න පූරුදු වෙන්න. පාන් රාත්තලක් කෑවත් වැඩක් නෑ මූං ඇට කව්පි වගේ ධාන්‍ය මේස හැන්දක් කෑවත් ඒක පෝෂණයෙන් ඉහළයි. මස්වලට වඩා 20 ගුණයකින් හොඳයි මූං ඇට ඇතුළු ධාන්‍ය වර්ග, මස්වලට වඩා 60 ගුණයකින් ඉහළයි, සෝයා ආහාර ගැනීම. ගුණාත්මක අතින් වැඩි පෝෂ්‍යදායි අතින් ඉහළ ධාන්‍ය වර්ග පලාවර්ග නිතරම ආහාර වේලට එකතු කරගන්න.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment