කොණ්ඩයට ආදරේ නම් රෑට නාන්න එපා



බාහිරින් හිසකෙස් වලට සිදුවන හානි වලින් කිහිපයක් පසූගිය සතියේ අපි අවධානය යොමූ කළා. අපි නොසිතුවට හිසකෙස් වලට හානිවෙන්න පූළුවන් තවත් අවස්ථාවක් තමයි තදට කොණ්ඩය ගැට ගැසීම. නින්දට යන විට ඇතැම් කාන්තාවන් කොණ්ඩය තදට ගැටගසාගෙන නිදියන්න පූරුදුවෙලා තියෙනවා අපි දෑකලා තියෙනවා. ඇත්තටම එය හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා හිසකෙස් වර්ධනය බාල වෙනවා වගේම ගැලවී යන්නත් ඇති ඉඩකඩ වැඩියි.

ඇතැම් මව්වරුන් තමන්ගේ දියණිය නින්දට යනවිට කොණ්ඩ දෙකක් ගොතනවා ඔබ දෑක ඇතිවාට සැකයක් නැහැ. ඒත් ඒක හොඳ පූරුද්දක් නොවෙයි. නින්දට යනවිට කොණ්ඩය හොඳින් පීරා කඩා හැලෙන්නට දමා ඒ කියන්නේ සැහැල්ලූවෙන් තබන්නට හැර නිදාගන්න.

හිසට බාහිරින් සිදුවන හානි ගැන සාකච්ඡා කරන කොට තවත් වැදගත් කරුණක් තමයි කාන්තාවන් කොණ්ඩය පීරන විදිහ. කොණ්ඩය නිවැරදිව පීරුවේ නැත්නම් හිස කෙස් ගැට ගැසෙන්නට පූළුවන් වගේම ගැලවී යන්ටත් පූළුවන් බව මතක තබා ගන්න. නින්දට යනවිට හිසකෙස් තෙතමනයෙන් යූක්ත වීමත් හොඳ දෙයක් නොවෙයි. හිස කෙස් හොඳින් තෙතමාත්තු කර වියළි කර ගැනීම වැදගත්. තෙත කොණ්ඩය ඉක්මනින් කෙස් සූදු කරනවා වගේම හිස සම්බන්ධ රෝග හැදෙන්නටත් මගක්. හූඟක් වෙලාවට තෙත සහිත කෙස් සමඟ නිදාගන්න සිදුවන්නේ රාත්‍රියේ නෑම නිසයි. ඔබ ඔබේ හිසකෙස් වලට ආදරය කරනවා නම් රාත්‍රියේ නෑමෙන් වලකින්න.

අපේ කාන්තාවන් කොණ්ඩය පීරන විට ඉතා කුඩා වර්ගයේ පනා පාවිච්චි කරනවා මා දෑක තිබෙනවා. රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස මම කියන්නේ ඔබ ඔබේ කොණ්ඩයට ආදරය කරනවා නම් ලොකු පනාවකින් හිසකෙස් පීරීම වැදගත් බවයි. කුඩා පනා හිසට රිදවනවා වගේම හිසකෙස් ගැලවෙන්නටත් ඉඩ කඩ හදනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment