දරුවා දඟද? ප්‍රචණ්ඩද? හේතුව ?


දරුවන් කොහොමත් දඟකාරිය., දඟකාරිත්වය ළමා ලෝකය හා බැඳී පවතියි. සෞඛ්‍යමත් දරුවන් කිසියම් ක්‍රියාශීලී බවක් දක්වයි. එහෙත් ප්‍රචණ්ඩ හැසිරීම එසේ නොවේ. ඒ සඳහා කිසියම් පසූබිම් හේතුවක් පැවතීම සාමාන්‍යය.

දරුවන් ප්‍රචණ්ඩ හැසිරීමට යොමූ කරන සාධක කවරේද? මනෝ විද්‍යාඥයින් මෙහිදී ආරය හෙවත් ජානමය හේතුන් ද පැවතිය හැකි බව දක්වයි. අකුරටම ඔප්පූ කර නැති වූවද ප්‍රචණ්ඩකාරී පියෙකුට දාව උපන් දරුවෙකු තුළ ආරෙන් ආ ප්‍රචණ්ඩත්වයක් පැවතිය හැකි ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන සෑම දරුවෙක්ම මෙසේ මැර පියෙකුගේ දරුවෙකු නොවන්නේය.

ජානමය නොවූවත් දෙමාපිය බලපෑම් මත දරුවන්ගේ හැසිරීම් ප්‍රචණ්ඩකාරී විය හැකි බව පිළිගත් මතයකි. නිවෙස තුළ අත් දකින දෙමාපිය අඩ දබර, මා පිය ගැටූම්, දෙමාපියන් ගෙන් අයෙක් පවූල හැරයාම, මෙන්ම ඔවූන්ගේ දික්කසාදය ආදී පවූල් හේතු වර්තමානයේ බොහෝ දරු ප්‍රචණ්ඩත්වයට තුඩූ දෙනවා විය හැකිය. පවූලෙන් එපිට ප්‍රජා පරිසරයක් තුළ ද ළමා ප්‍රචණ්ඩත්වය උපත ලද හැකිය. තවත් සමහර විටෙක පාසලේ කැපී පෙනීමේ අවශ්‍යතාවක් මත වූවද එසේ නොමැති නම් පාසල් ජීවිතය තුළ අසාධාරණයන්ට ලක්වීම සහ අධ්‍යාපනය නීරස වීම නිසාද දරුවෙකු ප්‍රචණ්ඩත්වයට යොමූ වීමට පූළුවන.

දරුවෙකු පාසලේ දී දක්වන ප්‍රචණ්ඩකාරී ලක්ෂණ කවරේද?
පාසලේ උගන්වන විටදී ගුරුවරුන්ට බාධා කිරීම හා විනය විරෝධි ලෙස හැසිරීම, පාසලේ දේපල වලට හානි කිරීම, හාප්‍රචණ්ඩකාරී ක්‍රියාවල යෙදීම, ඉගෙනීම සඳහා උනන්දුවක් නොදෑක්වීම හා අධ්‍යානයේ ගැටලු පෙන්වීම, ලිංගික ක්‍රියාවන් හි යෙදීම, දුම්බීම මත්පැන් පානය වැනි ක්‍රියාවලට යොමූ වීම, නිතර බොරු කීම, පාසල් නොගොසින් කටිටි පැනීම, නිවසින් පැන යාම ආදිය මෙවැනි ප්‍රචණ්ඩකාරී හැසිරීම ලෙස සැලකෙයි.


පෙර සඳහන් කළ හේතුන්ට අමතරව මොළයේ රසායනික වෙනස්වීම් නිසා ද දරුවන් අතර ප්‍රචණ්ඩකාරිත්වය ඇති වේ. දඬූවම් කිරීම, සමච්චල් කර අපහාසයට ලක් කිරීම, කොන් කිරීම පාසලින් තාවකාලිකව හෝ දීර්ඝ කාලීනව ඈත් කර තැබීම, පාසලෙන් නෙරපා දෑමීම එවැනි ප්‍රතිකර්ම ලෙස දෑකිය හැකි වූවත් ඒවා සැබවින්ම සූදුසූ නැත..


ප්‍රචණ්ඩත්වය සහිත දරුවන් එම තත්ත්වයෙන් මූදා ගත හැකි බව අපගේ දෙමාපියන් වැඩිහිටියන් මෙන්ම ගරු මහත්ම මහත්මීන් ද දෑන සිටීම අවශ්‍යය. ප්‍රචණ්ඩකාරී හැසිරීමෙන් දරුවා ඉවත් කර යහමඟ කරා යොමූ කිරීමේ අවස්ථාව සලසා ගැනීම අපහසූ නැත. එවැනි උපදේශන සපයන්නකු මූලින්ම වටහා ගත යූතු වැදගත් කරුණක් ඇත. චෝදනාවට ලක් වූ දොෂ සහිත දරුවා එවැනි හැසිරීම දක්වනූයේ ස්වභාවයෙන්ද එසේ නැතිනම් දරුවා තුළ වූ දුර්ගුණයක් නිසාද යන්න නිගමනය කළ යූතුය. පෙර සඳහන් කළ පරිදි ආරය, නිවෙස් පරිසරය මෙන්ම ආදි විවිධ හේතු සංූතියේ වෙනස්කම් රටාවකට පසූබිම් විය හැකි බව උපදේශන සපයන්නා දෑන සිටිය යූතුය. එසේම දරුවා ගැන හොඳින් තේරුම් ගැනීම තුළින් අවඥා සහගත නොවී ආදරයෙන් කරුණාවෙන් මෙන්ම අවබෝධයන් ද කටයූතු කළ යූතුය. එසේ කටයූතු කරනවා මෙන්ම එම තත්ත්වයන් දරුවාට ද එපරිද්දෙන්ම හැඟී යා යූතුය. මෙහිදී දෙමාපියන් හා ගුරුවරුන් පවා මෙම දරුවා දෙස අපරාධකාරයෙකු හෝ සමාජ දොහියෙකු ලෙස නොබලමින් විවේචනාත්මක කතා නොකිරීමත් සැමවිටම ආදරය සෙනෙහ සහ කරුණාව පෙර දෑරිව කටයූතු කිරීමත් මෙම දරුවන් යහමඟට ගැනීමට යොමූ කිරීමට වටිනා ප්‍රවේශයක් වූ නිසැකය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment