දරු ප්‍රසූතියට පෝය බලපෑමක් තිබෙනවාද?


ප්‍රසූතිය ආසන්නයේ පසූවන දියණිය පොහොය දිනවල වැඩි ආරක්ෂාවට ලක්වූයේ නිකම්ම නොවෙයි.

ග්‍රහයින් පවසන තොරතුරු ඔස්සේ අද අප සාකච්ඡා කරන්නේ දරු ප්‍රසූතියකදී පෝය බලපෑමක් වෙනවාද යන්න පිළිබඳවයි. යම් කිසි මවක් පෝ දින දරුවෙකු ප්‍රසූත කිරීමෙන් එම දරුවා පිංවන්තයි, රූප සම්පන්නයි, වාසනාවන්ත යැයි පවසන අදහස් තවත් එක් සමාජයේ ඇති මතවලින් එකකි. මේ පිළිබඳ අපි ජ්‍යොතිෂ්‍ය මතය විමසා බලමූ.

චන්ද්‍රයා ලෝකයේ මවූ වේ. එසේම රාත්‍රී කාලයේ උපදින දරුවන්ට ද මවූ වේ. චන්ද්‍රයා පෘථිවියට අයත් ග්‍රහයෙකි. ප්‍රමාණයෙන් ප්‍රථිවියෙන් හතරෙන් පංගුවක් හා බරෙන් අටෙන් පංගුවකි. සඳරැස් පෘථිවිය මතට වැටෙි. සඳ නැගීමට හා බැසීමට මිනිත්තු දෙකක් ගතවේ.

ලෝකයේ පූරාණයේ සිට චන්ද්‍රයා දිව්‍ය මෑණියන් ලෙස පිළිගනී. පෘථිවියේ වාසය කරන්නා වූ සියලු සත්වයින්ගේ ද ස්වභාවික වස්තූන් ආදියෙහි ද වෙනස්වීම චන්ද්‍රයා නිසාම සිදුවේ.

චන්ද්‍රයා උච්ච වූ විට රූපත් බව හා යහපත් සිත ඇතිවීමට හේතුවේ. චන්ද්‍රයා ස්ත්‍රියගේ කේන්ද්‍රයේ ඇති උසස්ම පිහිටීම වේ. ස්ත්‍රියගේ ශරීරයේ ගර්භාෂය, පයෝදර හා සියූම් අංග චන්ද්‍රයාට අයිති වේ. එමෙන්ම දරු උපත්, කුස පිළිසිඳීම, ඔසප්වීම, චන්ද්‍රයා අනූව සිදුවේ.

පූර චන්ද්‍රයා සියලු යහපත් දෙන සූබ ග්‍රහයා ලෙස ද අව චන්ද්‍රයා සියලු අයහපත දෙන අසූබයෙකි. චන්ද්‍රයා දුර්වල අවස්ථාවෙහි උපන් දරුවන් බාල කාලයෙහි රෝගී අයෙකුවේ.

දරු ප්‍රසූතියට පෝය බලපෑමක් ඇති බව අපේ වැඩිහිටියන් අතරත දැඩි විශ්වාසයක් පවතී. සැබැවින්ම එහි යම් සත්‍යතාවයත් ඇත.

දරුවකු ලැබෙන්නට සිටින මවගේ ගර්භයට චන්ද්‍රයාගේ බලපෑම ඇතිවේ. පෝය දිනයදී චන්ද්‍රයාගේ බලපෑම වැඩි නිසා ගර්භයටද වැඩි බලපෑමක් ඇතිවේ.

අපේ අම්මලා, ආච්චි අම්මලා අදටත් ප්‍රසූතිය ආසන්නයේ සිටින තම දියණියගේ ප්‍රසූතිය පූර පෝයට දින දෙකකට පමණ ආසන්න කාලයේ සිට බලාපොරොත්තු වන්නේ පූර පෝය බලපෑම ප්‍රසූතිය සඳහා යම් තරමක දායකත්වයක් ඇති කරන බව දැන සිටි නිසාවෙන් විය හැකිය.

සෑම කාන්තාවකටම එය එසේ නොවූවද චන්ද්‍රයාගේ බලපෑම ප්‍රසූතිය ආසන්නයේ ගර්භනී කාන්තාවන්ට ලැබෙන බව සත්‍යයකි.

සමහර මවූවරු දරු පිළිසිඳ ගැනීම සැළසූූම් කර සිදු කරයි. එයින් පූර පෝ දවසක දරුවා ප්‍රසූත කිරීමට හැකියාව ඇති අතර නමූත් එය එතරම් විද්‍යාත්මක ලෙස සාර්ථක නොවේ.

තව ද පූර පෝ දිනක උපදින දරුවන් පිංවන්තයි, රූප සම්පත්තිය ඇතිව උපත්තිය ලබන බව පවසයි. මෙයට උදාහරණයක් ලෙස සිදුහත් උපත හැඳින්විය හැක. සිදුහත් උපත සිදූවූයේ වෙසක් පූර පසළොස්වක පෝ දිනකය. මෙයින් පෝය උපත්තියකට බලපෑමක්ව තිබූණත් එය නිවැරදි මතයක් ලෙස පිළිගත නොහැකි අතර පෙර භවයේ පිනත් හේතු විය යූතුය.

ජ්‍යොතිෂ්‍යයේ දැක්වෙන අන්දමට අඩූ මාස ගණනකින් දරුවන් ලැබීම ද සඳුගේ බලපෑම මත සිදුවන අතරම මවගේ කේන්ද්‍රයේ ඇති වී තිබෙන යම් යම් උත්පත්ති දෝෂ ද මෙයට බලපෑ හැකිය.

පූර පෝයට උපදින දරුවන් වැඩි දෙනෙක් පිරිමි දරුවන් වන අතර අවපෝයට ගැහැනූ දරුවන් උපදින බවට මතයක් පවතින අතර පූරපෝයට උපදින දරුවන් වාසනාවන්ත යැයි පැවසූවත් සමහර අවස්ථෘවලදී දරුවන් නැතිවෙන අවස්ථා හා මව නැතිවෙන අවස්ථාද ඇත. උදාහරණයක් ලෙස ආරෝග්‍ය ශාලාවක පූර පෝය දිනක එකම හෝරාවක (පැයක කාලයක) දරුවන් ප්‍රසූත කිරීමට මවූවරු පිරිසකට සිදුවූ විට එම මවූවරුන්ගෙන් කොටසකට පිරිමි දරුවන් ලැබෙන අතර අනෙක් මවූවරුන්ට ගැහැනූ දරුවන් ලැබෙන්නට පූළුවන. එමෙන්ම එම හෝරාවේදීම (වේලාවේදීම) මවට අනතුරක් වීමට ඉඩ ඇති අතර දරුවාට ද අනතුරක් වීමට ඉඩ ඇත.

අපගේ ජීවිතවලට තාරකා බලපෑමක් ඇති බවත් එනිසා පෘථීවියට සමීප සඳුගේ බලපෑම අපට අනිවාර්යයෙන්ම ලැබේ. මේ නිසා පූර පෝ දිනක දරුවන් ප්‍රසූත කිරීමේ අවස්ථාවේදී සඳුගේ බලපෑම ඇති නමූත් පෙර පින හා කර්ම ශක්තිය අනූව සියල්ල සිදුවේ.



ප්‍රවීණ ජ්‍යොතීර්වේදී ගත් කතුවර
විජයසිරි විද්‍යාරත්න,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment