රුධිර පරීකෂාව ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් කියන්නේ සෘය සාධකය ගැන. මවගේ රුධිරයේ රීසස් සාධකය සෘණ (ඃ) වූනොත්, තාත්තගේ රුධිරයේ රීසස් සාධකයත් සෘණ වූණොත් ලැබෙන බබාලට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මෙතනදී සිදුවන්නේ අම්මාගේ රුධිරය සෘණ නම් තාත්තාගේ රුධිරය ධන නම් බබාගේ රුධිරය ධන වූණොත්, බබාට ප්‍රශ්න ඇති වෙන්නට හැකිවීමයි. නමූත් ඒවා වලක්වන්න ෙඖෂධ තියෙනවා. එහෙම වූණත් අපිට හැමෝටම කියන්න බැහැ කාන්තාවන්ගේ රිසස් සාධකය සෘණ නම් ධන සාධකයක් තියෙන කෙනෙක් සමඟ විවාහ වෙන්න එපා කියලා. ඒක ප්‍රායෝගික නැහැ.
රීසස් සෘණ සාධකයේ රුධිරය තියෙන කාන්තාවක් එම වර්ගයේම රුධිරය තියෙන කෙනෙකු හා විවාහ වීම හොඳයි. නමූත් වෛද්‍ය විද්‍යාවේත් මේ විවාහ ගැන බාධක පනවලා නැහැ.
මෙහිදී අවධානය යොමූ කළ යූතු තත්ත්වයක් තිබෙනවා. ඒ ඇවැස්ස නැකම් තියෙන අය අතර විවාහ. මෙහි සත්‍යතාවයක් තියෙනවා. එහිදී ප්‍රශ්න ඇති වෙන්නට පූළුවන්. ශරීරය තුළ ඇති ජානවලින් පැවතෙන රෝග තියෙනවා. මේවා විවිධ ආකාරයට ඇති වෙනවා. ප්‍රමූඛ ජානවලින් ඇතිවෙන රෝග සෑම පරම්පරාවක් තුළදීම දකින්නට පූළුවන්.
නිලීින ජානවලින් පැවතෙන රෝග මතුවෙන්නේ නිලීන ජාන දෙකක් හමූවූ අවස්ථාවලදී පමණයි. ඇතැම් රෝග මතු නොවීමට හේතු වන්නේ නිලීන ජානය ප්‍රමූඛ ජානයකින් යටපත් වී තිබීමයි එක් පවූලක ලේ ඥාතීන් දෙදෙනෙක් විවාහ වන විට මේ දෙදෙනාගේම රුධිරයේ නිලීන ජාන තිබූණොත් නිලීන ජාන දෙකක් එකතු වෙලා එම රෝගය ඇතිවීමේ අවස්ථාව සියයට 25 ක් තිබෙනවා. ඒ නිසයි ලේ ඥාතීන් අතර විවාහවල ප්‍රශ්න තිබෙන්නට පූළුවන් කියල වෛද්‍යවරු කියන්නේ. ඇතැම් අය අතර වැරදි මතයක් තියෙනවා ලේ ඥාතීන් අතර විවාහවලදී ගබ්සාවන් වෙනවා බබාලා නැත්තේ ලේ නෑකම නිසා කියලා. එහි සත්‍යතාවක් නැහැ. නමූත් ගබ්සාවන් ඇතිවීමේ විවිධ රෝග තියෙනවා. නිලීන ජාන එකතු වීම නිසා ඇතිවන එවැනි රෝගයක් ඇති වූණොත් එවැනි තත්ත්වයක් ඇති වන්නට පූළුවන්. ඒ හැරුණූ විට ලේ ඥාතීන් වූ පමණිින් ගබ්සාවීම් සිදුවන්නේ නෑ.
මේ තත්ත්වය ලේ ඥාතීන් නොවූණත් ඇතිවන්නට පූළුවන්. තමා තුළ ඇති නිලීන ජානයම විවාහවූ පූද්ගලයා තුළත් තිබූණොත් එවැනි තත්ත්ව ඇතිවෙන්නට පූළුවන්. නමූත් ලේ ඥාතීන් අතර ඇතිවීමේ සම්භාවිතාව වැඩියි.
ඇතැම් අවස්ථාවල ලේ ඥාති විවාහවලදී දරුවෙක් ලැබෙන්නට ඉන්න මව්වරු ඇවිත් අහනවා දරුවාගේ ප්‍රශ්න තියෙනවාද කියල ඇතැම් රෝග කලින් හඳුනාගන්නට හැකියාව තියෙන නමූත්, ලංකාවේ නීතිය අනූව හඳුනාගත්තත් එම දරුවා ඉවත් කිරීමේ ඉඩක් නෑ. විශේෂ කරුණක් තමයි බොහෝ විට මෙවැනි දරුවන්ට ප්‍රශ්න ඇතිවන්නේ ඉපදුනාට පසූවයි. උපදින විට ඇතිවන ප්‍රශ්න අඩූයි.
විවාහයකට සූදානම් වන විට දෙදෙනාගේ ගැළපීම ගැන සෙවීමටත් වඩා තමන් තුළ තිබෙන රෝග ගැන සොයා බැලීමත් ඉතාම වැදගත්. දියවැඩියාව අද තරුණ පිරිස අතර බහූල රෝගයක්. ඇතැම් විට තමා නොදෑන තමාට දියවැඩියාව රෝගය තිබීමෙන් පිළිසිඳගත් කළලයේ මූල් මාස තුන තුළදී රෝගයෙන් බලපෑමක් ඇතිවූණොත් දරුවා අංගවිකල වෙන්නට පූළුවන්. මෙය ලේ නෑකම නිසා සිදුවන දෙයක් නෙමෙයි. තමන්ගේ ශරීරය තුළ ඇති රෝගයක් නිසා සිදුවන දෙයක්.
විවාහයට මාස 3 ඃ 4 පෙර වෛද්‍යවරයෙක් වෙත ගොස් සම්පූර්ණ පරීක්ෂාවක් කරගන්නට පූළුවන්. රුධිර සෘණ රුධිර පීඩනය දියවැඩියාව ආදී රෝග තිබෙනවාද කියන කාරණා මෙහිදී දෑනගන්නට පූළුවන්. විවාහයට පෙර රුබෙල්ලා එන්නත ලබාගැනීම හා විවාහ වූ විගස දරුවෙක් හදා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් විවාහයට මාස 2 ඃ 3 පෙර සිට ෆෝලික් අම්ලය ගැනීම ලේ පරීක්ෂාව තරමටම වැදගත්.
ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය
අජිත් රාජපක්ෂ
0 comments :
Post a Comment