සැඳෑ සාදයටත් අතුරුපසටත් ගැළපෙන ආහාර



කැරමල් පූඩිම
බිත්තර 6 කිරි පයින්ටි 1 සීනි ග්‍රෑම් 200 ලුණූ ස්වල්පයක් වැනිලා ස්වල්පයක් සීනි මේස හැඳි 5 (කැරමල් සඳහා)

මූලින්ම කැරමල් හදා ගනිමූ. භානජයක් ගෙන එයට සීනි හැඳි 5 ක් දමා ලිප තබන්න. වතුර එකතු කරන්න එපා. සීනි දුඹූරු පැහැයට හැරෙන විට ඉවතට ගෙන පූඩිම හදන භාජනය තුළ එය අතුරා තබන්න. බඳුනේ පතුල පූරාම එය තැවරිය යූතුයි. මෙය මද වේලාවකින් ඝන බවට පත්වෙනවා.

කිරි ලිප තබා උණූ කර නිවෙන්නට තබන්න. බිත්තර ගසා ගන්න. එයට සීනි ටික ටික දමන්න. ලුණූ හා වැනිලා ද එකතු කර හොඳින් බීටි කරන්න. අවසානයේ බිත්තර මිශ්‍රණය සමග කිරි මිශ්‍ර කරන්න. පසූව බඳුනට දමාගත් කැරමල් මතට මේ මිශ්‍රණය දමන්න. කැරමල් එක හොඳින් ඝන වී ඇති නිසා එකට මිශ්‍ර වෙන්නේ නැහැ. වාෂ්පයෙන් තම්බා ගන්න. පසූව මෙය ශීතකරණයේ තබා ශීත කරගන්න. ශිත වූ පසූ අනෙක් පසට හරවා ගන්න. එවිට කැරමල් මතුපිටට එනවා.


බිස්කටි පූඩිම

මාරි බිස්කටි 40 පමණ බිත්තර 3 කොකෝ කුඩූ ග්‍රෑම් 25 මාගරින් ග්‍රෑම් 100 සීනි ග්‍රෑම් 3 කජූ ග්‍රෑම් 100 කිරි කෝප්ප 2

මූලින්ම ක්‍රීම් එක සාදාගත යූතුයි. බටර් සීනි හොඳින් ගසාගෙන, බිත්තර කහ මද, සූදු මද වෙන් කර ගන්න. බටර් සීනි මිශ්‍රණයට කහ මද එකතු කරන්න. එයටම කොකෝ පවූඩර් දාන්න. මිශ්‍ර කරගෙන පසෙකින් තියන්න.

බිත්තර සූදු මද හොඳින් ගසා ගන්න. හිම මෙන් වනතුරු ගසාගන්න. පෙර සාදා ගත් මිශ්‍රණයට බිත්තර සූදු මද මිශ්‍රණය දමා ගන්න.

දැන් බිස්කටි කිරිවල පොඟවමින් භාජනයේ පතුලට තටිටූ 2 ක් දමාගන්න. දැන් සාදාගත් ක්‍රීම් එක ඒ මත අතුරන්න. නැවත බිස්කටි තටිටූ දෙකක් අතුරන්න. නැවත ක්‍රීම් දමාගන්න. අවසානයේ ඉහළින්ම තිබිය යූත්තේ ක්‍රීම් තටිටූවකි. කජූ හා චොකලටි කුඩූ ඉරී මෙන් හැඩයට දමාගන්න.


කිරි ටොෆි
සීනි ග්‍රෑම් 400 කජූ ග්‍රෑම් 100 (කුඩාවට කපා සූල්තානා ග්‍රෑම් 100 (කුඩාවට කපා) වැනිලා තේ හැඳි 2 ක්‍රීම් ඔෆ් ටාටා තේ හැඳි 1/4 වතුර තේ හැඳි 1/4 ටින් කිරි ටින් 1

බටර් ස්වල්පයක්

කිරි, සීනි හා වතුර සාස්පානකට දමා උණූ කරන්න. හොඳින් හැඳි ගාමින් උණූ කළ යූතුයි. හැඳි ගාන විට දැනෙනවා මඳක් ඝන වන බව එවිට කපාගත් කජූ හා සූල්තානා එකතු කරන්න. අවසානයේ ක්‍රීම් ඔෆ් ටාටා, වැනිලා හා බටර් එකතු කරන්න. දැන් යන්තම් දුඹූරු පැහැයක් ලැබෙනවා. එවිට ලිපෙන් ඉවතට ගන්න. බටර් තවරා ගත් ලෑල්ලක් මතට දමා තුනී කර උණූ උණූවේම කැබලි ලකුණූ කරන්න. පසූව නිවූනූ විට අනෙක් පැත්තට හැරවූ විට කැබලි වෙන්වේ.


අයිස් කෝපි
කෝපි පයින්ටි 1 (හොඳින් රත් කර සාදා ගත යූතුයි.) ටින් කිරි ටින් 1/2 වැනිලා තේ හැඳි 1 කරාඹූ නැටි 2 (තලාගෙන) බ්‍රැන්ඩි වයින් වීදුරු 1 සීනි රස අනූව.

මූලින්ම කෝපි හදාගත යූතුය. නෙස්කැෆේ යොදා ගත හැකි නම් හොඳයි.

කරාඹූ නැටි තලා කෝපි එකට එකතු කරන්න. පසූව කෝපි මන්ඩි බසින්නට තබන්න. ලිපෙන් ඉවතට ගෙන උණූවෙන්ම කිරි හා සීනි එකතු කර වැනිලා දමන්න. ලිප මත තිබියදී කිරි එකතු කළොත් කැටි ගැසෙනවා. හොඳින් නිවූනාට පසූ බ්‍රැන්ඩි එකතු කරන්න. අවශ්‍ය නම් පමණක් බ්‍රැන්ඩි දමාගන්න. නිවූනාට පසූ බෝතල්වල අසූරා ශීතකරණයේ තබා ප්‍රයෝජනයට ගන්න.

ජිෆි ට්‍රිපල් පූඩිම ස්විස් රෝල් 1 (ජෑම් දැමූ) ස්ට්‍රොබෙරි ජෙලි (තරමක් ඝනට) ස්ටූ කරගත් අන්නාසි සාදාගත් කස්ටඩ්

අන්නාසි ස්ටූ කරන විට අන්නාසි ගෙඩිය කුඩා කැබලිවලට කපා සීනි ග්‍රෑම් 250 ක් දමා ස්ටූ කරන්න. එවිට වීදුරුව මෙන් ලස්සනට තිබෙනවා. කස්ටඩ් සඳහා කස්ටඩ් හැඳි 4 ට කිරි පයින්ටි එකක් යොදාගන්න.

දැන් ස්විස් රෝල් රවූම් කපා එකක් යොදාගන්න.

දැන් ස්විස් රෝල් රවූම් කපා එකක් හෝ දෙකක් වීදුරු බඳුනේ යටට දමන්න වතුර පයින්ටි 3�4 සාදාගත් ස්ට්‍රෝබෙරි ජෙලි කුඩා කැබලිවලට කපා ස්විස් රෝල් මතුපිටට දමන්න. ඒ මතට ස්ටූ කරගත් අන්නාසි දමන්න. අන්නාසි මතට කස්ටඩ් දමා ඒ මතින් විපිං ක්‍රීම් දමා ගන්න. විපිං ක්‍රීම් මිළදී ගන්නට තිබෙනවා. සරසා ගැනීමට චෙරි ගෙඩියක් තබන්න.




ප්‍රවීණ සූපවේදිනී දර්ශනි මදනායක
ලිටිල් ෆ්ලවර් ඇකඩමි

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment