වම්බටූ උයන ක්‍රම හතරක්


 වම්බටූ සම්බෝල වම්බටූ පෙති, කහ ස්වල්පයක්, ළුෑනූ, අමූ මිරිස්, ලූණූ, දෙහි යූෂ

වම්බටූ රවූම් පෙති කපා කහ ස්වල්පයක් තවරා ගැඹූරු තෙලේ බැද ගන්න. ළුෑනූ, අමූමිරිස් කුඩාවට කපා එයට ලූණූ, දෙහි ඉස්ම ටිකක් එකතු කර එකට අනාගන්න. ආහාරයට ගන්නා වේලාවේදී බැදගත් වම්බටූ රවූම් එකතු කරගන්න. නැතිිනම් වම්බටූ පෙඟෙනවා. ඒ වෙලාවේ එකතු කර ආහාරයට ගත්විට කර කර ගා හැපෙන ස්වභාවය තිබෙනවා. කැමති නම් මෙයට තක්කාලි ටිකක්ද එකතු කර ගත හැකියි.


වම්බටූ වෑංජනය
වම්බටූ කහ කුඩූ තෙල් මිටි කිරි රම්ප කරපිංචා අමූමිරිස් උළුහාල් ළුෑනූ සූදුළුෑනූ මිරිස් කුඩූ අමූ තුනපහ කුඩූ අඹරාගත් අබ ලූණූ විනාකිරි සීනි ස්වල්පයක්

බටූ වම්බටූ නම් කරල පිටින්ම කපාගන්න. නැතිනම් දෙකට කපා 6ඃ8 පමණ කපන්න. බටූ වම්බටූ වල පනූවන් වැඩිපූර සිටින නිසා මදක් කල්පනාකාරීවීම අවශ්‍යයි. මෙහි කහ තවරා ගැඹූරු තෙලේ බැදගන්න. මිටිකිරි ටිකකට රම්ප, කරපිංච, අමූමිරිස්, ළුෑනූ දමා ගන්න. වම්බටූ උයන විට සූදුළුෑනූ බික් 2 පමණ එකතු කිරීම හොඳයි. කහ, මිරිස්කුඩූ, අමූතුනපහ කුඩූ, උළුහාල්, අඹරාගත් අබ, ලූණූ, විනාකිරි ස්වල්පයක් දමා ලිපේ තියන්න. උතුරන විට වම්බටූ එකතු කර පිසගෙන ලිපෙන් ඉවතට ගැනීමට කිටිටූව සීනි ටිකක් එකතු කරගන්න.


වම්බටූ මෝජූ
කොටූ කපාගත් වම්බටූ තෙල් මිරිස් කුඩූ ලොකු ළුෑනූ හෝ රතුළුෑනූ හාල්මැස්සන් විනාකිරි කහ මිරිස් කුඩූ ලූණූ සීනි අඹරාගත් අබ කුරුඳුපොතු අමූ ඉඟුරු සූදු ළුෑනූ

කොටූ කපා ගැඹූරු තෙලේ බැදගන්න. අමූමිරිස්, රතුළුෑනූ හෝ ලොකු ළුෑනූ ගෙන (රතුළුෑනූ නම් ගෙඩි පිටින් ගන්න) ලොකු ළුෑනූ 6 කට පමණ කපා ගන්න. අමූමිරිස් දෙකට පලා ගන්න. බටූබැදපූ තෙල් එකටම දමා බැද ඉක්මනිින් ඉවතට ගන්න. පැහැය වෙනස් වීමට පෙර. කැමතිනම් හාල් මැස්සන් ස්වල්පයක්ද බැද එකතු කරගන්න. විනාකිරි ස්වල්පයක් ගෙන එයට කහ, මිරිස් කුඩූ, ලූණූ, සීනි අඹරාගත් අබ එකතු කර ගන්න.

තෙල් මේස හැඳි 2ක් ලිප තබා රත්වන විට කුරුඳු පොතු අඹරාගත් සූදුළුෑනූ අමූමිරිස් දමා යන්තම් බැදෙන විට විනාකිරි මිශ්‍රණය එයට දමන්න. උතුරන විට බැදගත් බටූ, අමූමිරිස්, ළුෑනූ, හාල්මැස්සෝ සියල්ල දමා මිශ්‍රකර ගන්න.


වම්බටූ කිරට
වම්බටූ අමූ තුනපහ කහ අමූමිරිස් ළුෑනූ ලූණූ කරපිංචා අවශ්‍ය නම් තෙල්

මිටිකිරි දමා පහේ සියල්ල දමා එකවර හින්දවා ගැනිමට පූළුවනි. මෙයට තෙල් අවශ්‍ය නැහැ. නැතිනම් තෙල් ස්වල්පයක් රත්වෙන්නට තබා බටූවලට තුනපහ කුඩූ, කහ, ළුැනූ, අමූමිරිස්, කරපිංචා දමා යන්තම් බැදගෙන එයටම මිටිකිරි දමා එම බඳුනේම පිසගන්න. කිරට උයන විට මිරිස් එකතු කරන්නේ නැහැ.




ප්‍රවීණ සූපවේදිනී වරුණි පෙරේරා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment