සාර්ථකව රැකියාවෙහි යෙදීමෙන් ජීවිතයට උගත හැකි පාඩම්


කණගාටූ නොවීම

වර්තමානයේදී ඔබ දක්ෂ වෛද්‍යවරයෙකු වූවද පහ ශ්‍රේණියේ සිටම ඔබේ සිහිනය වූයේ ගායන ශිල්පියෙකු වීමය. එහෙයින් වර්තමානයේදී හිමි වෛද්‍ය වෘත්තියේ දක්ෂතාව කෙරෙහි කණගාටූවට පත් වේ. නමූත් කළ යූත්තේ රැකියාවෙහි යෙදෙමින්ම සංගීත පන්තියකට ගොස් එම සිහිනයද සැබෑ කර ගැනීමට උත්සාහ කිරීමය.

මනෝ වෛද්‍යවරුන්ගේ මතයට අනූව අහිමිවූ අවස්ථාවන් කෙරෙහි කණගාටූවට පත් වීම වත්මන් ජීවිතය දෙස සැකයෙන් බැලීමට පූරුදු වීමකි. සියලු දේ ජය ලැබීමට ඔබ උත්සාහ කළ යූතු වේ. වෛද්‍යවරයෙකුට ගායකයෙකු වීමට නොහැකි යැයි නියමයක්ද නොවේ.

මෙය ඔබේ ජීවිතයට පාඩමක් බවට පත් කර ගන්න. මන්ද අහිිමි වූ දේවල් ගැන සිතමින් තැවීම විවාහක කතුන්ගේ සිරිතකි. එසේ නොමැතිව හිමි වූ දේ පිළිබඳව සතුටට පත්විය යූතුය.


මූදල් පමණක්ම නොවේ
බොහෝ අය රැකියාව මාරු කිරීමට සිතන්නේ එයින් ලැබෙන වැඩි මූදල පමණක්ම පදනම් කර ගනිමිනි. එය දෙවන වරටත් සිතා බැලිය යූත්තකි.


මන්ද ඔබේ වත්මන් රැකියාවෙන් මූදල්වලට අමතරව පහසූකම් සැලකීම නිදහස ආදී බොහෝ දේ ලැබීමට හැකිය. මූදල් සඳහා පමණක් රැකියාව මාරු කළොත් ඉදිරියේදී ඔබ කළකිරීමට පත් වීමටද ඉඩ තිබේ.

පවත්වන රැකියාව තුළින් ඔබට නිදහස, යහපත් පරිසරය එහි පිහිටීම හා නිවාඩූ ආදී බොහෝ දේ ලැබූණද අලුත් රැකියාවේ ඒ සියල්ලම අහිමිවීමට ඉඩ තිබේ. එහෙයින් ඒ දෙක සසදා බැලීම අවශ්‍ය වේ.

ප්‍රකට මානව සම්පත් ප්‍රධානීන් සේම මනෝ විද්‍යාඥයන් පවසන්නේ රැකියාවෙහි ප්‍රධානතම අංගය වන්නේ මූදල් නොවන බවය. එලෙසින්ම ඔබේ ජීවිතයේද ප්‍රධාන අංගය මූදල් බවට පත් කර නොගැනීම වැදගත් වේ. එයට වඩා වැඩි වටිනාකමක් ඇති දේ ජීවිතයේ සේම රැකියාවෙහිද වෙති.


නිවාඩූවක් ගන්න
දිගින් දිගටම රැකියාවෙහි යෙදීම එය ඒකාකාරී ස්වරූපයකට පත් වේ. අවසන් වරට නිවාඩූවක් ලද දිනය මතකයේ නැත්නම් ඔබ වඩාම නිවාඩූ ගැනීම අවශ්‍ය වේ. තවද පර්යේෂණවලට අනූව නිවාඩූවක් ලබමින් රැකියාවෙහි යෙදීම හෘද රෝග වැලඳීම අවම කරන බවද සනාථ වී තිබේ. එමෙන්ම ලබන නිවාඩූවෙන් උපරිම ප්‍රතිඵල ලැබෙන සේ විනෝද ගමනක් සැලසූම් කිරීමද යෝග්‍ය වේ. එසේ නිවාඩූ ගැනීමේදී ද ප්‍රධානියා හා සෙසූ සගයන්ගෙන්ද විමසීම යූතුකමකි.

ජීවිතයට ද මෙය කදිම පාඩමක් වන්නේ, දිගින් දිගටම ගෙදර දොරේ හා දූ දරුවන්ගේ කටයූතුවල නොයෙදී විවේකයක් ලැබිය යූතු බවය.


සැක රහිත වීම
යම් කරුණක් සම්බන්ධයෙන් පමණට වඩා විග්‍රහ කර බැලීම කතුන්ගේ සිරිතකි. රැකියාවේදී ද පමණට වඩා විමසිලිමත් වීම හෝ සැක කිරීම හානියක් වන්නේ ඔබට යම් තීරණයක් ගැනිමට ඇති අසීරුතාවය නිසාය. බොහෝ අවස්ථාවලදී ඔබට යම් තීරණයක් ගැනීමට හැකියාව තිබියදී ප්‍රධානීන් පසූපස ඒ සඳහා දිව යයි නම් ඔවූන් ඔබව අඩූ තක්සේරුවකට ලක් කෙරේ.

සමාජ විද්‍යාඥයන් පවසන පරිදි පමණට වඩා විශ්ලේෂණය කිරීම තුළින් ඔබේ ප්‍රතිරූපයට ප්‍රබලව හානි සිදු වේ.
ජීවිතයේදී තීරණ ගැනීමේදී පමණට වඩා පසූගාමී වීමේ පූරුද්ද මෙමගින් අත්හැරී යනූ ඇත.


රැකියාව ජීවිතය කරගන්න
සැමවිටම රැකියාව ඔබේ ආත්මය බවට පත් කර ගත යූතු අතර ප්‍රමූඛත්වය ද එයට ලබා දිය යූතුය. වර්තමානයේදී ආයතනවල ස්වභාවය එය වේ. යමෙකු රැකියාව පිළිබඳ දක්වන උනන්දුව අල්ප නම් නොබෝ කලකින්ම ඇයට එය හැර යෑම හෝ පිළිකුල් වීමට ඉඩ තිබේ.

එහෙයින් රැකියාව ඔබේ විනෝදාංශය හා කී්‍රඩාවක් බවට පත් කර ගත හොත් ඔබ එයට බොහෝ ප්‍රිය වේ.

ජීවිතයේදී ඔබ ලැබෙන සෑම වගකීමක්ම බොහෝ ප්‍රියතාවකින් යූතුව ආදරෙන් කළ යූතු වේ.


මිතුරු බැඳීම්
බොහෝ අයට රැකියා ස්ථානය ප්‍රියමනාප නොවන්නේ ඇයට එහි මිතුරු මිතුරියන් පිරිසක් නොවීමෙනි. විනෝද ගමන් යෑම එකට ආහාර ගැනීම හෝ මිතුරු මිතුරියන්ගේ නිවෙස් වෙතට යෑම මගින් මිත්‍රත්වයත් තහවූරු වේ. එමෙන්ම කාර්යාලයේදී මතුවන ගැටළු හා සිත් රිදවා ගැනීම් සඳහාද වඩාත් සූදුසූ උපක්‍රමය වන්නේ මිතුරු ඇසූරෙහි කල් ගෙවීමය.

මෙයද ඔබේ ජීවිතයට කදිම පාඩමකි. මන්ද මිතුරු මිතුරියන් පිරිසක් සමග කටයූතු කරද්දී සතුට වර්ධනය වන අතර ඒකාකාරිත්වය මඟ හැරේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :