බල්ලන් බළලූන් කෑ ගැසීම අසූබ පෙරනිමිත්තක්ද?


වැසිබර කාලගුණය, වියළි කාලගුණය, සූළඟ ආදියට සතුන් දක්වන ප්‍රතිචාර මත පැරැන්නන් අනාවැකි පලකළහ.
ඇටි කුකුළාගේ නාදය වර්ෂාවට පෙර නිමිත්තකි. සූනඛයා කැලෑ සත්ත්වයෙකි. නමූත් මිනිසාට සමීප සූරතලා විය. මන්ද සතුන් දඩයම් කිරීමට උපකාරි වූ හෙයිනි. ඉව, පොලිස් පරීකෂණවලට යොදා ගැනීමෙන් පැහැදිලි වන්නේ වත්මන් සමාජයද සූනඛයාගෙන් ප්‍රයෝජන ගන්නා බවයි.

බල්ලන් උඩූ බිරීම අසූබ පෙර නිමිත්තක් සේම මරණයක පෙර නිමිත්තක් බවට විශ්වාස පවතී. අප අසල සර්පයෙකු අනතුරක් සිදු කිරීමට සිටීනම් ශ්‍රවණ ඉනද්‍රි්ය තියූණූ සූනඛයාහට තේරුම් යන්නේය. සූනඛ ප්‍රතිචාරය සමඟ අප විමසිලිමත්වූයේ නම් සර්පයා පිළිබඳව අනතුරු අපට වලක්වා ගත හැකිය.

නමූත් බල්ලාගේ උඩූ බිරීම සිදුවූ පමණින් එය අසූභ පෙරනිමිත්තක් බව සැලකිම විද්‍යාත්මක නොවේ.

අද ජනතාව අතර පවා සූනඛයාගේ චර්යා රටා අසූබ ලෙස සලකන අවස්ථා දක්නට ලැබේ. ගමනක් යාම සඳහා සූදානම් වූ විට බල්ලා කම්පට සැලීම බාධාවක් ලෙස සැලකේ.

බල්ලා උඩූ බූරන විට තරඟයට මෙන් බිරීම සඳහා අවට බල්ලන්ද එක්වේ. එක නිවසක පමණක් අසූබ සිදුවිමක් සිදුවේයැයි මේ නිසා සිතිය නොහැක. බළලූන් පොරකෑමද අසූභ සිදුවිමක් ලෙස සලකා ගැමියාගේ සිත කනස්සල්ලට පත්වේ. ඉන් සති දෙකකට පසූව යම් සිදුවිමක් සිදුවූවද ගැමියා සිහි කරනූයේ බළලූන්ගේ පොරකෑම එම පෙරනිමිත්ත කියා දුන් බවයි. බළලූන් පොරකෑම නිතර සිදුවන්නක් නොවේ. ඒ නිසා එය මරණය පිළිබඳ අනාවැකියක් ලෙස ගැමියන් විශ්වාස කරයි.

කෑරලා ගෘහයක සත්ත්වයෙක් නොවේ. හඬ අඩූ කෑරලා පියාසර කරන අවස්ථාවලදී නාද කරයි. කෑරලා නාද කිරීම අසූබ පෙර නිමිත්තක් ලෙස ප්‍රකටය.

නමූත් නාද කරමින් ඉගිල යන කෑරලා නිවාස සංකීර්ණයක් උඩින් පියාඹන්නේ නම් එහි සිටින පවූල් සියල්ලටම අසූභ වේද?

ජාතක කතා තුළද, වැදි ජනයා කෑරලා හැ�ම අසූබ කොට සැලකු බව සඳහන් වේ.

බඩදරු අම්මාකෙනෙකුගේ අවතාරයක් ලෙස විශ්වාස කරන උලමා නාද කිරීම ගමටම අසූබ යැයි ගැමියන් කියයි. කෑරලා නාද කරන්නේද ඉතාමත් කලාතුරකිනි.

මේ සතුන් රාත්‍රි කාලයේදී නාද කිරීම මිනිසාගේ නින්දට බාධාවක් නිසා එම හඬ ඇසූභ යැයි සැලකීමට හේතු වූවාද විය හැකියි.

හිරු උදාවත්ම හඬ අවදි කරන කුකුළා ඉතා සූබයැයි පිළිගන්නේ කුකළාගේ හැඬලිමට මිනිසාට හිරු උදාව සිහිකරවීමක් නිසාය.

තමාට ප්‍රයෝජනවත් සතා හැඬලීම සූබ ලෙසද අප්‍රිය හඬ ඇති කරදරකාර සත්වයින් නාද දීම අසූබ ලෙසද මිනිසා සලකන බව ඉන් පැහැදිලි නොවේද? ඇතාගේ කුංච නාදය ඉතා සූබ ලෙසද සලකයි. ඇතාගේ කුංචනාදය ඉතා කලාතුරකින් ඇසිය හැකි නාදයකි.

විදේශ රටවල මෙවැනි විශ්වාස නොමැත. සතුන් පිළිබඳ අප දක්වන ආකල්පය කරුණා සහගත විය යූතුයි. මෙම මත නාගරීකරණය සමඟ සමාජයෙන් තුරන් වි ඇත. ගැමි පරිසරයේ ඇටි කුකුළා, කෑරලා, බකමූණා, කුකුළා, ඇතා හැදී වැඩූනද නාගරික පරිසරය තුළ සත්ත්ව ගහණය සීමිතය.

කෑරලාගේ හඬ පමණක් නොව කෑරලා නොදුටූ දරු පරපූරක් වත්මන් සමාජය තුළ ජීවත් වේ. පැරණි ජනයාගේ විශ්වාස අන්ධ විශ්වාස නොවේ. එහි විද්‍යාත්මක යම් සත්‍යතාවය පැහැදිලිව පෙනේ. මිනිසා හට නොමැති දියූණූ ඉනද්‍රියන් ඇති සත්ත්වයින් හට පරිසරයේ වෙනස්කම් ආදිය මැනවින් වැටහේ. සූළඟ භුමිකම්පාව, වර්ෂාව ආදී අනතුරක සේයාවද හඳුනාගත හැක. පරිසර වෙනස්විම් මැනවින් ග්‍රහණය කර ගැනීමට සතුන් සමත්වේ. සූනඛ පවූලට කැනහිලාද අයත්වේ. නරියාට දැස් පෙනෙන්නේ රාත්‍රියේදීය. රාත්‍රී කාලයේ ගොදුරු සොයන නරියා සමූහ වශයෙන් එක්වීමේදී හූ හඬ දෙයි. එම චර්යා සූනඛයා තුළද දැකිය හැකිය. රාත්‍රී කාලයේදී හඳට බල්ලන් උඩූ බිරීමද එසේමය. රාත්‍රි කාලයේ ගම්වල සංචාරය කරන ගම්බාර දෙවිදුන් තම මාර්ගය අවිහිර කරමින් බල්ලන් සිටින විට අතැති කෙවිටියෙන් බල්ලාට පහරක් ගසන බවටත් එවිට බියවූණූ බල්ලා උඩූ බිරීමක් සිදු කරන බවටත් පැරැන්නන් අතර ජනප්‍රවාදයක්ද පවතී.

සතුන්ගේ කෑ ගැසිම් නිසා මිනිසාට කරදරකාරී තත්ත්වයන්ට මූහූණ දිමට සිදුවෙනවාදෑයි යන්න පැහැදිලිවම කිව නොහැකි වූවත් දියූණූ ශ්‍රවණ ඉනද්‍රියන් පිහිටීම හේතුවෙන් යම් අනතුරක් අඟවතැයි සැලකිලිමත් විම වරදක් නැත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment