තේ පානයෙන් කොලෙස්ටරෝල් මටිටම පාලනය වෙනවා

තේවල අන්තර්ගත ගුණය ගැන බොහෝ රසවත් කතාන්දර අතීතයේ සිටම පැවතුණා. තේවල පැසවීමේ මටිටම මත අන්තර්ගත ගුණාංග වෙනස් වෙනවා.
කළු තේ ආසියාතික රටවල ඉතාම ජනප්‍රියයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, සහ මැද පෙරදිග රටවල කළු තේ පරිභෝජනය සිදු වෙන අතර ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලත් කළු තේ සකස්කර ගනූ ඇත.
තේ පානය කිරීමෙන් සිරුරට අහිතකර කොලොස්ටරෝල් මටිටම පහළ බසින අතර හෘදයාබාධ මගින් ආරක්ෂාව ලැබීමට කොලොස්ටරෝල් මටිටම හිතකරව තබා ගැනීම ඉතාම වැදගත්. ඇමරිකා එක්සත් ජනදපදයේ තේ පරිභෝජනය (කළුහරිත) කරන පූද්ගලයන් අලලා සති 5 ක් මූළුල්ලේ සිදු කරන ලද අධ්‍යනයකදී පෙනී ගියේ මෙම පිරිසගේ කොලොස්ටරෝල් මටිටම සියයට 7 සිට සියයට 11 අතර මටිටමකින් පහළ ගිය බවයි. පෝෂණ විද්‍යාව පිළිබඳ සඟරාවක සඳහන් වෙන්නේ ආහාරයේම පංගුවක් ලෙස නිතරම තේ පානය කිරීමෙන් අපට ඉතාම සාර්ථක ප්‍රතිිඵල ලබා ගත හැකි බවයි.
හරිත තේ මගින් අහිතකර කොලෙස්ටරෝල් මටිටම පාලනය කරන අතර ප්‍රතිඔක්සිකාරක ශක්තියෙන්ද ඉහළයි.
රුධිර කැටිති හෘදයාබාධ සඳහා වූ ප්‍රධාන හේතු කාරකය විදිහට හඳුන්වා දීමට පූළුවන්. ලේ කැටි දියකිරීමේ බලය අඩංගු ඇස්ප්‍රින් වලින් සිදු වෙන ප්‍රාතිහාර්යම හරිත තේ වල අඩංගුයි.

පිළිකාව අද ලොව ප්‍රධාන පෙළේ මාරාන්තික සාධකයක් බවට පත් වී තිබෙනවා. දුම්වැටි බොන උදවිය පෙනහළු පිළිකාවන්ට ඉතාම පහසූවෙන් ගොදුරු වෙනවා. හරිත තේ වල අන්තර්ගත ස්වභාවික ශක්තීන් මගින් පිළිකා රෝග නිවාරණ ශක්තිය ලැබෙන බවකුත් සොයාගෙන තිබෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment