ඔබේ අත්අකුරින් ඔබ ගැන කිව හැකියි


මූහූණත්, දෙකන හා අත් අකුරුත් තුළින් කෙනෙකු පහසූවෙන් හඳුනාගත හැකිය. කෙනෙකු ඇස් පනාපිට පෙනෙන්නට සිටියදී මූහූණ, දෙකන, ශරීරය ආදියෙන් ඇය හෝ ඔහූ හඳුනාගත හැකි අතර ඇස් පනාපිට දකින්නට නොමැති කෙනෙකු අත් අකුරු තුළින් හඳුනාගන්නට ලැබෙන්නේ පූදුමාකාර පිටූබලයකි.

අත් අකුරු බලා කෙනෙකුගේ ස්වභාවයත් ගති ලකෂණත් කිව හැකි වග පැරණි පොත්පත් වල සඳහන්ව ඇත. අත් අකුරු අනූව, ඔබටද සාත්තරයක් කියන්න බැරි කමක් නැත.


මූතුකැට වන් රවූම් අකුරු
ප්‍රසන්න පෙනූමැති, පිරිසිදු හිතැති, සූන්දර අනාගතයක් උරුම විය හැකි, පිළිවෙළකට වැඩ කිරිමට කැමති කෙනෙකි.

තමන් හිතන පතන දේවල් ගැනම වැඩි අවධානයක් යොමූ කරන මොවූන්ගේ කුලෑටි ගතියක්ද සමහරවිට තිබිය හැකිය. ආදරය සූන්දර මාහැඟි දෙයක් හැටියට සැලකීම ස්වභාවයකි.


වෙද අකුරු හෙවත් මදක් ලොකු වැල් අකුරු

වෛද්‍ය වෘත්තීය, ලේඛන කලාව, පත්‍ර කලාව, සංගීත කලාව ආදී වෘත්තියන්හි නියූතුවූවන් මේ ආකාරයට අකුරු ලියන අතර උගත්, නූවණැති, බූද්ධිමත් ඔවූන් සෙස්සන්ගේ අවධානයටත්, ගෞරවයටත් පාත්‍ර වන්නේය.


දේශපාලඥයන් මෙන් නොව නිහඬ ජීවිතයක් ගත කිරීමට කැමති මොවූන් කීර්තියට පත්වන්නේ ජීවිතයද වාසනාවන්ත මගකට යොමූකර ගනිමිනි.


තරමක් ලොකු අකුරු

උණූවෙන, සංවේදී මනසකින් යූතු අය වන මොවූහූ ජනප්‍රිය පූද්ගලයෝ වෙති. ආදරයට දෑඩි ඇල්මක් දක්වන නමූත් ආදරයෙන් හිත පාරවා ගන්නත් සමහරවිට බැරිකමක් නැත.


කුමන අභියෝගයකදී වූවද ඊට මූහූණ දෙන්න අකමැත්තක් නොදක්වන මොවූන් සූන්දරත්වයට දක්වන්නේ බලගතු ඇල්මකි. රහසකින් තොරව ජීවත්විමට කැමති, ඇසූරු කරන්නන්ගේ හිත දිනා ගන්නා මොවූන්ට ඇත්තේද විවෘත මනසකි, හදවතකි.


මධ්‍යම ප්‍රමාණයට ලොකු අකුරු

අවංකත්වයෙන් පිරිපූන් මොවූන් උගනීමටද හපන්ය. කිසියම් ප්‍රමාණයකට උඩඟු අහංකාර ගතියක් ඇතත්, විශ්වාසයක් තැබීමට අපහසූතාවයක් නැති, ආශ්‍රයට එක්කර ගත හැකිි අන්දමේ අය හැටියට හැඳින්විමට පූළුවන.


දුක්කම්කටොළු තිබූණත් ඒවා එළියට නොදමා සිනා මූවින් සිටීමට කැමති මොවූන් බර කරට නොගෙන සැහැල්ලූ, කෙළිලොල් ගතියකින් කල දවස ගෙවීමට තැත දරන්නේ "නැව ගිලූණත් බෑන්ඩ් චූන්" යන කියමන පරිද්දෙනි.


නොපැහැදිලි කුඩා අකුරු

කිසිම දෙයක් නිසියාකාරව නොකිරීම නිසා කිසිම දෙයක නිමාවක් නොදකින, අකාර්යකෂම ස්වභාවයක් පෙන්නූම් කරන්නේ නොපැහැදිලි කුඩා අකුරුවලිනි.


ශාන්තදාන්ත ගතියක් පෙන්නූවද යටිහිතින් තද ගතියක් ඇති මොවූන් යම් වැඩ කටයූත්තක් කළත් බොහෝ විට කරන්නේ ඒ පිළිබඳව මනා දෑනූමකින්, අවබෝධයකින් තොරවය. අධ්‍යාපන කටයූතුවලටද ඔවූන්ගේ එතරම් දකෂතාවයක් නැත.


නොපැහැදිලි කුරුමිණි අකුරු

මූදු මොලොක් ගතියකින් තොර තද ස්වභාවයේ ස්වරූපයකින් යූතු මොවූන්ට ඇත්තේ අනූන්ගේ දුකකදී වූවද උණූ නොවන අන්දමේ හදවතකි. පරාර්ථකාමී ගතියක් පෙන්වතත්, ආත්මාර්ථකාමී ගති ලකෂණ සහිත මොවූන් තැත් දරන්නේ අනූන්ට සේවයක් කරන වගක් පෙන්වීමටය.


හීනමානයකින් පෙළෙන නිසා සෙස්සන් අවතක්සේරු කිරීමට මාන බලන නමූත් සමහරවිට සෙස්සන්ට උදව් උපකාර කිරීමටද උත්සාහ දරණ ගතියක්ද ඇත. මෙවැනි අකුරු ලියන අය තුළ ඉගෙනීමේ හැකියාවක් තිබෙන බවද කිව හැකිය.


දකුණට මදක් ඇල සාමාන්‍ය ප්‍රමාණයේ අකුරු

ඇසූරු කළ යූතු කලණ මිතුරන් වන මොවූන් වැරදි නූරුස්සන අය වන අතර අනූන්ට උදව් උපකාර කිරීමට දක්වන්නේ බලගතු කැමැත්තකි. කම්මැලි ගතියකින් තොර මොවූන්ට අසාධාරණකම් රුස්සන්නේ නැත. විවෘත මනසකින් හා හදවතකින්ද යූතු නිසා එඩිතරය, අවංකය.


උසස් අධ්‍යාපනයක් ලබා ගැනිමේ හැකියාවක් ඇති නිසා උසස් නිල තනතුරු ලබාගැනීමට ඉඩකඩ පවතින අතර ජනප්‍රියත්වයට පත්වීමේ වාසනාවද හිමිව ඇත. නිහතමානී ගතිය ඔවූන්ගේ ස්වභාවයකි. තනිපංගලමේ ජීවත්වීමට මෙන්ම අනූන් ආශ්‍රය කරමින් ජීවත් විමටද කැමැත්තක් දක්වන මොවූන් ආශ්‍රයට යහපත් පූද්ගලයන්ය. සූළුපටූ දෙයකින් වූවද මොවූන්ගේ සිත පෑරෙන්නේ සංවේදී සිතක් ඇති හෙයිනි.


එකගොඩේ අපිළිවෙලට ලියූ අකුරු

කිසිම දෙයක් නිමා වන තෙක් කිසිම දෙයක හොඳක් නොදකින අයද වන අතර අනූන්ට අවැඩක් නොවන අයූරින් තමන්ගේ පාඩූවේම කල දවස ගෙවන්නට ්උත්සාහ දෑරීම සිරිතය.


සමහරවිට මොවූන් ආශ්‍රය සඳහා පවා ලංකර ගත යූතු නැති අන්දමේ කපටි අය වන්නටද බැරිකමක් නැත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment