සැමියා ඔබට වංචා කළොත් එය අල්ලන්නේ මෙහෙමයි

ඔබේ සැමියා හෝ පෙම්වතා ඔබට වංචා කරන බවක් හැඟේ නම් ඔබ එයට ප්‍රතිචාර දෑක්විය යූත්තේ කෙසේද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයන කතුන් බොහොමයක්ම අප සමාජයේ සිටී.


මෙයට ප්‍රකට මනෝ වෛද්‍යවරුන් සේම පවූල් උපදේශකයන් දෙන පිළිතුර වන්නේ, කලබල නොවී බොහෝ ඉවසිලිවන්තව සියල්ල අධ්‍යනය කරන්න යන්නයි.

මන්ද තම සැමියා හෝ පෙම්වතාව සැක කිරීම බොහෝ කතුන්ට ඇතිවන මානසික ස්වභාවයක් වන අතර ඒවා සියල්ලක්ම පදනම් රහිත වේ. බොහෝ කතුන් තම සැමියා හෝ පෙම්වතාව සැක කිරීමේ පදනම වන්නේ ඔහූූට දෑන් තමාව නොගැළපේය යන තර්කය මතිනි. එනම් දරුවන් ලැබ සිරුරෙහි හැඩය වෙනස් වීම, විලාසිතා අගය නොකිරීම, ජනප්‍රියතාව හෝ කාන්තා ආකර්ෂණයක් සැමියාට උපතින්ම හිමිවීම හේතුවෙන් මෙම සැකය ඇය තුළ උපදී. ඇතැම් පිරිමින් උපන්දා පටන්ම ජේත්තුකාරයන්ය. කෙළිලොල් සැහැල්ලු පූද්ගලයන්ය. නිබඳවම නිවසින් පිටව සිටීමට ප්‍රිය කරයි. මෙම හේතුන් මත සැමියා දෙස සැකයෙන් බැලීමට ඇය පූරුදුවන්නේ ඔහූ වංචාකරන්නේය යන සැකයෙනි.

වංචාවෙහි ප්‍රභේද

පිරිමියෙකු තම බිරිඳ හෝ පෙම්වතියට වංචා කරන්නේය යන්න කිහිප ආකාරයකින් අපට බැලීමට හැකිය. මෙහි මූලික හා වැදගත්ම වංචාව වන්නේ ඔහූ තම බිරිඳට බොරු කරමින් අන් ළඳුන්ව ඇසූරු කිරීම හා ඔවූන් සමග කාලය ගෙවීමය.

එයට අමතරව නිබඳවම බිරිඳට බොරු කියමින් මිතුරන්ගේ ඇසූරට යෑම විනෝද ගමන් යෑම මත මූදල් උපයීම් වියදම් සම්බන්ධයෙන් වංචාකිරීමක්ද සිදු වේ.

සැමියා ඔබට වංචාකාරන්නේය යන්න විශේෂයෙන්ම ඔහූ අන් ළඳක් ඇසූරු කරන්නේය යන්න අවබෝධ වීමත් සමගම බොහෝ කතුන්ගේ සිතෙහි වර්ධනය වන්නේ අනවශ්‍ය සැකයකි. එයින් පසූව ඔහූ රැකියාවට ගියද ඇය ඔහූ දෙස බලන්නේ සැකයෙනි.

එහෙයින් සැමියා ඔබට වංචා කරන්නේ යැයි චෝදනා කිරීමට පෙර ඒ සඳහා පිළිගත හැකි සාක්ෂි හෝ හේතු ඔබ අතෙහි තිබීම අවශ්‍ය වේ. නිවැරදි සාක්ෂි වලින් තොරව එවැනි චෝදනාවක් කිරීමෙන් සිදුවන්නේ ඔබේ අඹූ සැමි සබඳතාව පලුඳු වීම පමණි. එහෙයින් සැමියා තමාට වංචා කරන්නේ යැයි ඔබ අනවශ්‍ය ලෙසින් සැක කිරීම මූළු ජීවිත කාලයම ඔබට දුක්බරව කල් ගෙවීමට හේතුවක් වීමටද හැකිය.


වැඩිහිටියෙකු හෝ සමීපතම මිතුරියකගෙන්

සැමියා ඔබට වංචා කරන්නේ යැයි හැඟේ නම් කලබල වී තීරණයක් ගැනීමට පෙර ඔබ ඒ සම්බන්ධයෙන් විශ්වාසවන්ත වැඩිහිටියෙකු හෝ මිතුරියකට පවසා පිළිතුරු ලබා ගන්න. මන්ද ඔබ තුළ ඇත්තේ සැකයක් පමණක් නම් ඔවූන් ඔබව නිවැරදි කරනූ ඇත. එමෙන්ම මෙම සැකය ඔබ සිතෙහි නිබඳවම ඉස්මතු වේ නම් ඒ සම්බන්ධයෙන් මනෝ වෛද්‍ය උපදෙස් පවා ලැබීම පවූල් දිවියෙහි ආරක්ෂාවට බලපානූ ඇත. එහෙයින් සැමියා හෝ පෙම්වතා ඔබට වංචා කරන්නේ යන සිතුවිල්ල පැමිණි විටදී බොහෝ ප්‍රවේසම් වීම අත්‍යවශ්‍ය වූවකි. එහෙයින් ඔබ මෙම කරුණූ 6 පිළිබඳව අවධානය යොමූ කරන්න.


මූලික සහජ බූද්ධියට අනූව
සැමියා හෝ පෙම්වතා ඔබට වංචා කරන්නේය යන හැඟීම හදිසියේම ඔබේ සිතට ආවොත් එය එක්වරම ඉවත හලීමට හෝ ක්‍රියාත්මක වීම හෝ නොසිතන්න. ඔහූව සමීපව ඇසූරු කළ අයෙකු ලෙසින් ඔබට එසේ සිතේ නම් ඒ සඳහා බලපාන කිසියම් සැබෑ හේතුවක් තිබීමටද හැකිය. මන්ද ඔහූගේ දිනචරියාව, පූරුදු හා මානසික ස්වභාවයත් පිළිබඳව ඔබ තරමින් දන්නා අයෙකු මෙලොව නොවේ. එය සියූම්ව වෙනස් වූවොත් ඔබට තරමින් දෑනෙන්නෙකු ද නොවේ.

එවිට ඔබ කළ යූත්තේ කලබල වීමකින් තොරව ඒ හැඟීම් හා ඔහූගේ ස්වභාවයන් මැනවින්ම අධ්‍යයනය කිරීමය. එවිට ඔබ නිවැරදි දෑයි සොයා ගැනීමට හැකි වේ. එහෙත් සැකයට ඉස්සර වීමට ඉඩ නොදෙන්න.


අවධානය හා තෑගි බෝග

සැමියා හදිසියේම ඔබ කෙරෙහි අනවශ්‍ය උනන්දුවක් හෝ අවධානයක් යොමූ කරයි නම් හෝ නිබඳවම තෑගි බෝග පිරි නැමීමට පෙළඹේ නම් ඔබ යම් ප්‍රමාණයකින් විමලිසිලිමත් වීම වරදක් නොවේ. මන්ද බොහෝ මනෝ වෛද්‍යවරුන්ගේ මතයට අනූව වැරදිකාර හැඟීම් ඇති පිරිමින් සැමවිටම එවැනි හැසිරීම් රටාවක් පෙන්නූම් කරනූ ඇත. බොහෝ වංචාකාරි සැමියන් බිරිඳගේ විශ්වාසය දිනා ගැනීමට එම උපක්‍රමය අනූගමනය කරනූ ලබයි.


මානසික ස්වභාවය දෝලනය වීම

වංචාකාරි පිරිමින්ගේ හැඟීම් හා මානසික ස්වභාවයන් ක්ෂණිකව වෙනස් වන අතර කෝපයට පත් වීමක්ද පෙන්නූම් කෙරේ. නිතරම නිවසින් පිටවී සිටීම කාර්යාලයේදී ප්‍රමාද වීම හෝ කාර්යාලයේදී දෑඩි මානසික පීඩනයකට ලක්වූ බවක් ඇඟවීම ඔවූන් කරනූ ලබන්නකි.

මෙවැනි පිරිමින් සැමවිටම තර්ක කිරීමට ඉදිරිපත් වූවද ප්‍රමාදයට හේතුව විග්‍රහ කිරීමෙන් වළකී. එමෙන්ම යම් මතභේදයක් ඇති වූ විටදීද දිගින් දිගටම එහි එල්බ ගැනීම වෙනූවට මඟ හැර යෑමක්ද දක්නට ලැබේ.


රූපාලංකාරයට වැඩි උනන්දුවක්

තම බිරිඳට වංචාකරන පිරිමින් එය කිරීම ඇරඹීමත් සමඟම තම පෙනූම පිළිබඳව දෑඩි උනන්දුවක් ඇති කර ගනී. විශේෂයෙන්ම මෙම තත්ත්වය ඇතිවන්නේ අනියම් සබඳතාවන්ද සමගිනි.

මෙවැනි අවස්ථාවලදී පිරිමින් සැමවිටම වැඩි විශ්වාසය තබන්නේ සූවඳ විලවූන් කෙරෙහිය. එයද පමණට වඩා ආලේප කිරීමටද පෙළඹේ. ඒ සමගම තරමක් දීප්තිමත් ඇඳුම් කෙරෙහිද එනම් තද වර්ණ කමිසවලින් සැරසීමට ඔවූහූ ප්‍රිය වෙති.
අනියම් සබඳකම් මත තම බිරිඳට වංචාකරන බොහෝ පිරිමින් තුළින් දක්නට ඇති තවත් ලක්ෂණයක් මනෝ වෛද්‍යවරු හඳුන්වාදී තිබෙති. ඒ රැකියාවට යෑමට සැරසෙද්දී උරුහම් බෑම හෝ ගීත ගැයීමය. ඒ සමගම කිහිප වරක්ම කණ්ණාඩියෙන් බලමින් හිස පීරිමද ඔවූන්ගේ පූරුද්දකි. ඔබට එම දේවල් කෙරෙහි වැඩි අවධානයක් යොමූ කළ හැකිය.


දුරකතන ඇමතුම්

ඔබ කාමරයට ඇතුළු වෙද්දී ඔහූ දුරකතන ඇමතුම අවසන් කරයි නම් ඒ පිළිබඳව ඔබට මඳක් සිතීමට සිදු වේ. නොමැති නම් දුරකතන ඇමතුම් ලබා ගැනීමේදී දොර වසයි නම් හෝ මඳක් දුරකට ගොස් කතා කරයි නම් හෝ එය වංචාකාරි සැමියෙකුගේ ලක්ෂණයන් අතර වේ.

එමෙන්ම බිරිඳට වංචාකරන පිරිමින්ගේ ජංගම දුරකතනයන් සැමවිටම පාහේ අගුළු දමා ඇති අතර එහි භාවිත කළ අංකයන්ද අයින් කර දමා තිබෙති. එමෙන්ම ඔවූන්ගේ දුරකතන සැමවිටම නිහඬ කම්පනයන් මගින් නාද වීමට සකස් කර තිබීමට හැකිය.

මෙම ලක්ෂණයන් ඔස්සේද ඔබ සිත මෙහෙයවීම වරදක් නොවේ.


උනන්දුවක් නැති

පවූල් සබඳතා පිළිබඳ උපදේශනයන් අනියම් සබඳතා හේතුවෙන් තම බිරිඳට වංචාකරන සැමියන්ගේ තවත් ලක්ෂණයක් ලෙසින් ඔහූගේ ලිංගිකත්වය කෙරෙහි ඇති උනන්දුවද ඉදිරිපත් කෙරේ. එනම් එම පිරිමින් සැමවිටම තම බිරිඳ ඉදිරියේ හැසිරෙන්නේ ඒ කෙරෙහි විශේෂිත උනන්දුවකින් තොර පූද්ගලයෙකු ලෙසිිනි. එහෙයින් තම බිරිඳ සමග සම්බන්ධකම් ඇති කර ගැනීමේදීද ඔහූ අනූරාගයේ ප්‍රබලත්වයක් පෙන්නූම් නොකෙරේ. නමූත් අනියම් සබඳකම් පවත්වන පිරිමින්ගෙන් තුනෙන් එකක් පමණ තම බිරිඳ කෙරෙහි ලිංගික වශයෙන් දක්වන උනන්දුව ඒ අයූරෙන්ම නොවෙනස්ව තබා ගැනීමට සමත් බව මනෝ වෛද්‍ය මතයයි.




Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment