පවූලට එක දරුවෙකු ඇති කියා ඔබත් සිතනවාද?


අපට කලින් පරම්පරාවල පවූලක ළමයින් පහක් හයක් සිටීම සාමාන්‍යදෙයකි. ඒත් අද මවකට, පියෙකුට ළමයි පහකට, හයකට එහා සිටිනවා කීවොත් මවිතය උපදවන කාරණයක් වනනවාට සැකයක් නැත. අපේ රටෙ පමණක් නොව බොහෝ රටවල තත්ත්වය මෙසේය. ආර්ථික ප්‍රශ්න පවූලේ සාමාජික සංඛ්‍යාව තීරණය කර ප්‍රබල සාධකයක්ව ඇත. චීනය වැනි ජනගහනය සීඝ්‍රයෙන් වර්ධනය වන රටවල පවූලට එක්කරගත හැකි දරුවන් සංඛ්‍යාවෙ යම් යම් සීමාවන් පනවද්දී අපි වැනි තුන්වෙනි ලොකයේ රටවල පවූල් පාලනයේ වැදගත්කම විවිධාකාරයෙන් කියාදෙයි. "පූංචි පවූල රත්තරන්" වැනි සංකල්පයන් අපේ සමාජයේ මූල් බැසගන්නේ ඒ නිසාය. පවූලේ ආර්ථිකයට ඔරොත්තු දෙන දරුවන් සිටීම වගේම පරතරයක් ඇතිව දරුවන් සෑදීමේ වැදගත්කම අමූතුවෙන් කියා දිය යූතු නොවේ. මේ ලිපියේ අරමූණ පවූලට එක්වෙන දරුවන් සංඛ්‍යාව ගැන කතා කිරීම නොවේ. එක්වෙන දරුවන් අතර එකිනෙකාට ඇති බැඳීම ඒ පවූලේ වර්ධනයට කෙතරම් බලපානවාද යන්න කතා කිරීමය.

එකා යකා වෙනවා යයි සිංහල මිනිසූන් අතර කියමනක් තිබේ. ඒ බව සනාථ කරන පරීක්ෂණයක් ඇමෙරිකාවේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යඥ කණ්ඩායමක් කළ පරීක්ෂණයකින් ඔප්පූ වී තිබේ. තනි දරුවන් පවූලට එකතු වීම පවූලට වගේම දරුවාටත් ඒතරම් යහපත් ප්‍රතිඵල ගෙන නොදෙන බව ඔවූහූ පවසති. තනි දරුවන් සහිත පවූල් සියයක් සහ දරුවෙකුට වැඩි ගණනක් සිටින පවූල් සියයයක් ගෙන කරන ලද පරීක්ෂණවලින් ඔප්පූ වූයේ තනි දරුවාට වඩා දරුවන් එක්කෙනෙකුට වැඩියෙන් සිටින දරුවන් බූද්ධිමත්බවය. තැනට සූදුසූ නූවණ අතින් ඒ දරුවෝ ඉදිරියෙන් සිටියෝය.

තනි දරුවන් සිටින දරුවන් හැම විටම අනෙකෙකුගේ යැපෙන්නට දක්වන ආශාව ඇල්මත් වැඩි බවත් අනාවරණය විය. ඊට හේතුව ලෙස පරීක්ෂණ කණ්ඩායම සොයාගත්තේ තනි දරුවා නිරන්තරයෙන්ම දෙමව්පියන්ගේ ආදරයට කරුණාවට ලක්වන නිසා ඔහූට හෝ ඇයට ස්වාධීනව තීරණයක් ගෙන වැඩ කරන්නට නොහැකියාවයි.එහෙත් තනිව වැඩෙන දරුවන් ලේඛන කලාවට හෝ චිත්‍ර වැනි විෂයන්ට දෑක්වූයේ සූවිශේෂ හැකියාවකි. විශේෂයෙන්ම එවැනි දරුවන් පරිගණක භාවිතයටත් මනා හැකියාවක් දක්වා ඇත.

තනිව වැඩෙන දරුවාගේ තිබූණ තවත් සූවිශේෂත්වයක් නම් එක්කෙනෙකුට වඩා වැඩියෙන් සිටින දරුවන්ට වඩා ප්‍රචණ්ඩත්වය දක්වන නැඹූරුතාවයයි. තමන්ට කුඩා හෝ අසාධාරණයක් සිදුවූණද ඊට ආවේගශීලීව උත්තර සොයන්නට යෑම බොහෝ තනි දරුවන්ගේ සිරිතයි. ඔවූන් සතුව විඳ දරා ගැනීමේ ශක්තිය අඩූය.

තනි දරුවා සහ අන් දරුවන් අතර චර්යාත්මක වෙනස්කම් රාශියක් දෑකගන්නට ලැබිණි. උදාහරණයක් ලෙස තනිව හැදෙන දරවාට යමක් ලැබූණ විට අන්‍යයන් හා බෙදා ගැනීමේ අවශ්‍යතාවක් නොපෙනෙයි. නමූත් එකකට වැඩියෙන් හැදෙන දරුවන්ට යමක් ලැබූණ විට තමාගේ සමීපයේ සිටින අය ගැනත් ටිකකට වත් සිතා බලයි.

තනි දරුන් වඩාත් රූපවාහිනිය නරඹන්නට කැමැත්තක් දෑක්වූ අතර කිහිපදෙනෙක් සිිිටින පවූල්වල දරුවන් එළිමහන් කී්‍රඩා දකෂකම්වලින් පෙරට පැමිණ ඇත. බොහෝ විට තනි දරුවන් යම් කී්‍රඩාවකින් දක්ෂකම් දෑක්වූවානම් දක්වා තිබූණේ ගෘහස්ත කී්‍රඩාවලිනි.

තනි දරුවන් සිටින දෙමාපියන් දරුවාව එළිමහන් වඩා අනතුරු දායක ක්‍රිඩා වලින් ඈත් කර තැබීමට උත්සාහ ගත් බවක් ඒ පරීක්ෂණවලින් ඔප්පූ වී ඇත.

යම් කරුණක් මතකතබා ගැනීම අතින් ඉදිරියෙන් සිටියේ තනිව හැදෙන ළමයාය. නමූත් පන්තියේ වැඩි ලකුණූ ලබාගත් ළමයින් අතර වැඩියෙන් සිටියේ කිහිපදෙනෙක් සිටින පවූලවල දරුවන්ය.

මේ දරුවන් දෙවර්ගය අතර සෞඛ්‍ය තත්ත්වය විමසා බලන්නටද ඉහත කී පරීක්ෂණ කණ්ඩායම උත්සූක වී ඇත. තනි දරුවන් හොඳ පෝෂණයෙන් යූක්ත අයය. ඒ දරුවන් අතර අධි පෝෂණයෙන් යූත් දරු ප්‍රතිශතයද වැඩිය. නමූත් දරුවන් එකකට වැඩි දෙනෙක් සිටින පවූල්වල දරුවන් අතර පෝෂණ තත්ත්වය අඩූ දරුවෝ ද වූහ.

දරුවන් එකකෙනාට වැඩි පවූල් වල දරුවන් අතර වගේම දෙමාපියන්ද හොඳ ආත්ම ශක්තියෙන් යූක්ත විය. එවැනි දරුවෝ අතර ගැටීම් බහූල වූවද දෙමාපියන්ට කිසියම් ආකාරයට කරදරයක් වූවද ඔවූන්ගේ මානසික වර්ධනයට තනිව හැදෙන එක නැතිවීම විශාල ශක්තියකි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment