ජීවිතය නිවැරදි කර ගැනීමට ජීවිතය තුළින්ම ඉගෙන ගත හැකි පාඩම්


දිනපතාම ලබන විවිධ අත්දෑකීම් මගින් ඔබේ ජීවිතය බොහෝ ආලෝකමත් කර ගත හැකි ශක්තිය ලැබීමට හැකිය. ඒ සමගම කාන්තාවන් තුළ පොදුවේ දක්නට ලැබෙන දුර්වලකම්ද එයින් මඟ හරවා ගත හැකිය.
කාන්තාවන් තුළ ඔවූන්ටම ආවේණික වූ දුර්වලකම් කිහිපයක්ම දක්නට ලැබේ. නමූත් අලුත් සමාජයක ජීවත් වෙද්දී හා තරගකාරී රැකියාවල යෙදෙද්දී ඔබට එම දුර්වලකම් අවම කර ගැනීමට සිදු වේ. බොහෝ ශක්තිමත්ව ජීවිතයට මූහූණ දීමේ ශක්තිය ඔබට ලැබීමට සිදු වේ.

එහෙයින් කතුන්ට ආවේණික වූ දුර්වලකම් කිහිපයක් හඳුනාගෙන එය මඟ හැර ගන්නා අන්දම විමසා බලමූ.


කලබලයට පත්වීම

පර්යේෂණ මගින් සනාථ කර ඇති අන්දමට ගැහැනූන් පිරිමින්ට වඩා කලබලයට පත් වීම සත්‍යයක් බවට පත්ව තිබේ. එය පදනම් කරගෙන කලබලයෙන් තීරණ ගැනීම හා කටයූතු කිරීම යම් යම් දේ ප්‍රකාශ කිරීමෙන් ඔබ කරදරයට හා අසීරුවට පත්වීමට ද ඉඩ තිබේ.


ගැහැනූන් කලබලයට පත් වන්නේ ඇයි? එයට හේතුව වන්නේ ඇය උවමනාවටත් වඩා සෑම දෙයකම "ඇයි" හා "කොහොමද" යන ප්‍රශ්න දෙක යටතේ විමසා බැලීමට යෑමයි.


කලබලයට සේම කණගාටූවට පත්වීම කතුන් තුළ පොදුවේ දක්නට ලැබෙන දුර්වලතාවන් වීමෙන් එයින් ඇයට ලැබෙන ප්‍රතිඵලය වන්නේ ශක්තියෙන් තොර දුර්වල තැනැත්තියක් වීම, සිහි කල්පනාව අවම වීම හා හැඟීම් දුර්වලවීමයි.


ඔබ කලබලයට හෝ සිත් තැවූලට පත්ව සිටීනම් ඒ ගැන කතා කළ යූතුය. ඒ සියලු දේ අමතක කිරීමට හෝ නොතකා සිටීමට කදිම උපක්‍රමය වන්නේ විශාල චිත්‍රයක් දෙස බලා සිටීමය. මෙයින් ඔබේ සිත් තැවූල් මඟ හැරේ.


අංග සම්පූර්ණ පූද්ගලයන්

දර්පනයකින් ඔබ දෙස බලන්න. නෙරා ආ උදරය ඔබ දනී. වකුටූ නාසය පෙනේ. අපිළිවෙල දත් දෙපළ පෙනේ. එය ඔබ තුළ වූ අංග සම්පූර්ණ දේ මොනවාදෑයි සිතා බැලීමට කදිම අවස්ථාවකි. බොහෝ විට කිසිදු දෙයකින් ඔබ අංග සම්පූර්ණ නොවේ.


එහෙත් ඔබට ඇළුම් කරන බොහෝ අය සිටිති. ඔවූන් ඔබට ඇළුම් කරන්නේ ඔබ අංග සම්පූර්ණ නොමැති බව අවබෝධ කර ගෙනය. එසේ අන් අය වෙතින් අංග සම්පූර්ණත්වය බලාපොරොත්තු වීමට ඔබට හැකිද? සෙසූ අයද එසේ කළේ නම් ඔබට ඇළුම් කරන්නෝ ඉතිරි නොවෙති.


අන්‍යයන් වෙතින් අංග සම්පූර්ණ ලක්ෂණ හා ගතිගුණ අපේක්ෂා කිරීම වරදක් බව ඔබට එයින්ම වැටහේ.


අන් අය සමග සැසදීම

අන් අය ඔබ සමග සංසන්ඳනය කිරීමේ පූැරද්දක් වේ නම් එයට විවේකයක් ලබා දීමට දෑන් කාලය පැමිණ ඇත. ඔබ මෙහිදී මූලින්ම සිහිපත් කර ගත යූත්තේ "එහා පැත්තේ තණනිල්ල වඩාත් හරිත පෙනූමකින් යූක්තය" යන පැරණි කියමනකි.


යමෙකු සමග ඔබ පිළිබඳව සංසන්ඳනය කිරීමට අවශ්‍ය නම් තෝරා ගත යූත්තේ සියලු දෙයින් ඔබට වඩා පහත් පූද්ගලයෙකි. එවිට ඔබ තුළ සියූම් ආඩම්බරයක් හා ආත්ම තෘප්තියක් ඇති වේ. එසේ නොමැතිව ඔබට වඩා අංග සම්පූර්ණ පූද්ගලයෙකු සමග සංසන්ඳනය කිරීමෙන් සිදුවන්නේ ඔබට හිිමි දේ හා ශක්තිය ඔබට අහිමිව යෑම පමණි.


කෝපයට පත්වීමේ යහපත

දිනකට එක්වරකට වඩා ඔබ කෝපයට පත්වේ නම් ඒ පිළිබඳව අවධානය යොමූ කළ යූතු වේ. ඔබේ සිතේ සංසූන් බව හා සාමය බිදී ගියේ නම් ඒ සමගම ඇති වන්නේ කළහකාරී ස්වරූපයයි. සිතේ සංසූන්බව මැකී ගොස් ඔබ කෝපයට පත් වේ ගෙන එද්දී ක්‍රම කිහිපයක් මගින් එය සමනය කළ හැකිය. ඒ සඳහා එක් ක්‍රමයක් වන්නේ 1 සිට 10 දක්වා සිතින් ගණනය කිරීමය.


මෑතකදී කළ පර්යේෂණයකට අනූව සිතෙන් කෝපය ගිලිහී නොයයි නම් එය ඔබේ මානසික ආතතිය වර්ධනය කිරීමට සේම ආහාර අරුචිය ඇති කිරීමට හේතුවේ.


එහෙයින් සිත නොසන්සූන් වූ විටදී ඔබේ වදන් භාවිතය ගැටූමක් ඇති නොවන පරිදි සිදු කිරීමට මෙහිදී වැදගත් වේ.


දින දසූනට අනූව

කාන්තාවක ලෙසින් බොහෝ කාර්යබහූල බවක් ඔබට දෑනූණද සැබවින්ම ඔබේ කාලය අපතේ යෑමක් සිදුවීමට ඉඩ තිබේ. එය හඳුනා ගැනීමට ඔබ කළ යූත්තේ දින දසූනක ඉදිිරියේදී යෙදී ඇති කටයූතු සහ ඒ සඳහා වැය වන කාලය සටහන් කිරීමය. ඉදිරි සතිය තුළ ඔබ කරන්නට කිසිදු කටයූත්තක් යෙදී නොතිබූණද ඔබ බොහෝ කාර්යබහූල යැයි ඔබට සිතේ.


දෑන් ඔබ කළ යූත්තේ ඔබේ කාර්ය බහූලත්වය මත මඟ හැරී ගිය ගේ දොර අස්පස් කිරීම, සැමියාගේ කමිස කලිසම් ගැලවී ගිය බොත්තම් ඇල්ලීම යා යූතු ගමනක් යොදා ගැනීම ආදිය සටහන් කරන්න. එය ඔබට දවස දෙකට බෙදා ගෙන උදේ සවස යනූවෙන්ද සටන් යෙදීමට හැකිය. එහි විවේකී සූවයෙන් සිටීමට කාලයක් වෙන් කර තබන්න.


එම උපක්‍රමයට අනූව විවේකයක් නැතැයි සිතූ ඔබට බොහෝ දේ කිරීමට කාලය හිමි වේ.


විවේචනය කිරීම

ඇතැම් කතුන් මිතුරියක හමූ වූ විටදී කාගේ හෝ කුමන දෙයක හෝ ඇදයක් දෑන එය විවේචනය කිරීමේ පූරුද්දක් තිබේ. එය ප්‍රබලව නොකළද කිසිවක් හොඳක් නොදකින පූරුද්දක් ඔබට තිබීමටද හැකිය.


මෙම පූරුද්දෙන් සිදුවන්නේ කුමක්ද? මූලික වශයෙන්ම ඔබට ප්‍රිය නොකරන සේම ඔබත් සමග අමනාපවූ පිරිසක් ඔබට හිමි වේ. ඒ සමගම ඔබ මෙසේ අන් අයව විවේචනය කරන්නේ තමා පිළිබඳව අනාරක්ෂිත හැඟීම් තිබීමෙනි.


තවද අන් අයව විවේචනය කිරීමට පෙර ඔබ ඔබ තුළ වූ වැරදි අන් අය විවේචනය කරනූ දෑකීමට ඔබ ප්‍රිය නොකරන බව අවබෝධ කර ගන්න.


සිනාසීම


අවසන් වතාවට ඔබ මහා හයියෙන් සිනාසිසී සිටි දවස මතකද? සමහර විටෙක පසූගිය මාස තුනේදී මිතුරියන් හෝ අන් පිරිසක් මැදට වී හොඳ හැටි හිනැහෙනූ දවසක් මතකයේ නොමැති නම් එය බොහෝ විට වරදක්.


ඔබ පිරිසක් මැදට වී බොහෝ තදින් සිනා සෙයි නම් එයින් මානසික ආතතිය ඇතිකරන හෝර්මෝන අවම වන අතර ප්‍රතිශක්තිය කරණය වර්ධනය වේ. එවිට ඔබට රෝග වැළඳීමක් සිදු නොවේ.


රෝගවලින් මිදීමට

රෝගවලින් මිදුනූ බොහෝ නිරෝගි ජීවිතයක් ගෙවීමට නම් ඔබ කළ යූත්තේ කුමක්ද? ඒ සඳහා යෙදිය හැකි කදිම උපක්‍රමය වන්නේ සමාව දීම හා අමතක කිරීමය. හෙයින් දරුවෙකු හෝ සැමියා වරදක් සිදු කළ විටදී එයට සමාව දීම හා අමතක කිරීමේ පූරුද්ද ඇති කර ගන්න.


එසේ කිරීමෙන් බොහෝ රෝගවලින් ඔබ මඟ හැරී යයි. විශේෂයෙන්ම මාරාන්තික රෝගවලින්ද ඔබ මිදෙන බව පර්යේෂණ මගින් සනාථ වී තිබේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment