පරිගණකය සමග දරුවා තනි කිරීම සූදුසූද?


මේවන විට පාසල දරුවන් පරිගණකය උපයෝගි කරගෙන කරන ලොකුම කටයූත්ත තමයි සී. ඩී. බැලීම සහ පරිගණකයේ ගේම්ස් (ඨ්පැි- ගැසීම. මෙයට ඇබ්බැහි වන දරුවා නිතැතින්ම මෙය කරන්න පෙළඹෙනවා. මෙය නිකම් පරිගණක මායාවක් වගේ.


සී. ඩී. බැලීමේදී දෙමාපියන්ට විශේෂ කාර්යභාරයක් තියෙනවා. තමන්ගේ දරුවාගේ වයස මටිටම අනූව ගැළපෙන සී.ඩී. පමණක් ඔහූ අතට පත් කිරීම වැදගත්.


අපි දන්නවා පෙර පාසල් යන කුඩා දරුවෙකුට ගැළපෙන ළමා කතා, කවි, සිංදු ඇතුලත් සී.ඩී. පට වෙළෙඳ පොළෙන් මිලට අරගෙන දරුවන්ට දාලා දෙන්නේ දෙමාපියන්. ඒවා දරුවා රස වින්ඳට පස්සේ පරිගණකය වහලා දාන්නෙත් දෙමාපියන්. මේ පූරුද්ද දරුවන් ලෙකු වෙන කොට දෙමාපියන් විසින්ම අමතක කිරීම අද ප්‍රශ්නයක් බවට පත්වෙලා.


එතකොට තමයි දරුවන් යහළුවන්ගෙන් ඉල්ලා ගන්න කඩෙන් මිලට ගන්න ඔවූන්ට ගැළපෙන මෙන්ම නොගැළපෙන සී.ඩී. ත් බලන්න පූරුදු වෙන්නේ. මේවා බලන්න ඔවූන්ට ගෙදරදී බැරිනම් ඔවූන් විකල්ප මාර්ග සොයා ගෙන යනවා.


ගෙදර අම්මට තාත්තට බොරු කියල යහළුවන්ගේ ගෙවල්වලට එකතු වෙලා නැතිනම් සී.ඩී. පෙන්වන ශාලාවලට එකතු වෙලා තමන්ට කැමති පරිදි පැය ගණන් විදේශ චිත්‍රපට ත්‍රාසජනක කතා වැනි දේ බලනවා. දෙමාපියන් දන්නෙත් නැහැ. මෙයින් වෙන්නේ ඔබ අමාරුවෙන් හම්බ කරන සල්ලි නාස්ති වෙනවා වගේම තමන්ගේ දරුවන්ගේ ජීවිත අකාලයේ විනාශ වෙනව බලන්නට සිදුවීමයි. මේ නිසා දරුවන් බලන සී.ඩී. ගැන දෙමාපියන් අවබෝධයෙන් සිටීම වැදගත්. මේක වඩාත් වැදගත් වෙන්නේ පරිගණකයක් තිබෙන තරුණ වයසේ දූ දරුවන් සිටින නිවෙස්වල දෙමාපියන්ටයි.


තවත් පරිගණක කී්‍රඩාවලට අනවශ්‍ය විදිහට දරුවා යොමූවීමත් පාඩම් වැඩ අතපසූ වෙන්න ලොකු හේතුවක්. පරිගණකය ආශ්‍රයෙන් ක්‍රිඩා කරන්න දරුවන් කැමති වීම ස්වභාවිකයි. මෙය යම් කාලයකට සීමා කරන්න ඔබ උත්සාහ කිරීම වැදගත්. ඔබ පරිගණකය හරහා නිවසට අන්තර්ජාල පහසූකම ලබා ගෙන ඇත්නම් අනිවාර්යෙන්ම දරුවන්ට පරිගණකය ක්‍රියා කරන්නට ඉඩ දී දෙමාපියන් පැත්තකට වීමෙන් ප්‍රශ්න


රැසක් ඇති විය හැකියි. එම නිසා මෙහිදී දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා. අන්තර් ජාල පහසූකම නිවසට ලබාදීමේදී එය අත්‍යවශ්‍යම නම් පමණක් ලබා ගන්න.


අද වන විට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් වන පරිගණකය භාවිතය ගැන කාල පරිච්ඡේදය නිසා දරුවන්ට පරිගණක දෑනූම පාසලෙන් ලබා ගන්න පූළුවනි. විශේෂයෙන්ම දරුවන් නිදහසේ කාලය ගත කරන පාසල් නිවාඩූ කාලවලදී පරිගණකය සීමා සහිතව පරිහරණය කරන්නට දරුවන් ඉඩ ලබා දීමත් අලුත් පරිගණක දෑනූම ලබා ගැනීමට දරුවන්ට උදව් කිරීමත් දෙමාපියන් අතින් ඉටූ විය යූතු වගකීමක් ලෙස හඳුන්වන්න පූළුවනි. වෙනස් වෙන ලෝකය සමග වෙනස් වීම දරු පරපූරත් සංවර්ධය වන අපේ රටට අත්‍යවශ්‍යයි. ඒ ගමනේදී තාක්ෂණයෙන් සන්නද්ධ දරු පිරිසක් වටිනා සම්පතක් වෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment