එක්තරා පූරුද්දකට ඇබ්බැහිවීම කරදරයක් වෙලා ?

මගේ වයස අවූරුදු තිස්පහකි. මම අවිවාහක තැනැත්තියකි. වෛද්‍යතුමනි මම එක්තරා පූරුද්දකට ඇබ්බැහි වී සිටිින අතර ඉන් මිදීමට මම ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක විය. දෑන් මගේ දැත් හා දෙපාවල හිරිවැටීමක්ද හිසරදයක්ද වැළඳී ඇත. වෛද්‍යතුමනි මගේ යෙහෙළියන් පවසන්නේ මෙම තත්ත්වයට හේතුව මගේ ඇබ්බැහිවීම බවයි. මට තුනටියේ වේදනාවක් ඇත. මගේ ශරීරයද කෙටිටූයි.
මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්නට ගිය විට මම වෛද්‍යවරයා ගේ උපදෙස් මත රුධිර පරීකෂාවක් ද කළා. එම වාර්තාව බලා එම වෛද්‍යවරයා පැවසූවේ මට රෝගී තත්ත්වයක් නොමැති බවයි. වෛද්‍යතුමනි මගේ මේ රෝගයට හේතුව මගේ ඇබ්ැහිවීම දෑයි පහදා දෙන්න.
පිළිතුර

ඔබ මෙය පවසන තත්ත්වය ශරීරයට අහිතකර හෝ වෙනයම් බරපතල තත්ත්වයක් නොවේ. යොවූන් වියට පත් ඕනෑම තරුණ තරුණියක් තුළින් ඇත්තේ ඒ පිළිබඳව ඔබ ඕනෑවට වඩා සිත්නනට පෙළඹී තිබීමයි.
අපේ රටෙ බොහෝ කාන්තාවන් මෙන් ඔබත් යෙහෙළියන්ගේ උපදෙස් ගෙන කලබලයට පත් වී ඇතැයි පෙනේ. මේ නිසා ඔබට මානසික ආතතියක්ද සෑදී ඇති බව පෙනේ. ඔබට යම් යම් ශාරිරික අපහසූතා ඇතිවෙන්නේ ඒ නිසා වි හැකියි. රුධිර පරීක්ෂාවකින් පමණක් ශරීරයේ සියලුම රෝගී තත්ත්වයන් හඳුනා ගත නොහැකියි. අනෙක් කරුණ ඔබේ රුධිර පරීක්ෂාව කළේ මොකටද යන්න සඳහන් කර නැත. එමෙන්ම එය කුමන රුධිර පරීක්ෂාවක්ද යන්න පිිළිබඳව ඔබ සඳහන් කර නැත. එය ඔබට නිවැරදි පිළිතුරක් ලබාදීමට අපසූ තත්ත්වයකට හේතුවෙයි.
ඒ කෙසේ වෙතත් දැනට ඔබ එය කරන ක්‍රියා කාරකම නරක යැයි ඔබට හැඟේනම් එය පාලනය කර ගැනීමට ක්‍රියා කරන්න. නිතර පොත්පත් කියවීමටත් පිරිසක් අතරෙ සිට කාලය ගත කිරීමටත් උත්සාහ කරන්න. ඔබේ රෝගී තත්ත්වයන් සඳහා කායික රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකු හමූවන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment