ගැටිස්සියන් ගැටවරයන් අමූතු ලොවක ජීවත් වෙන්නේ ඇයි?

පෙර යොවූන් වියේ දරු දෑරියන් හිතුවක්කාරය ආම්බන් කරන්න අමාරුය. විකාර දේවල් කිරීමත්, උන්හිටි හැටියේ කේන්ති යාමත් මන(කල්පිත අමූතු ලෝකයක ජීවත් වීමත් ඔවූන්ගේ පූරුද්දය. දෙමාපියන් සහෝදර සහෝදරියන් හා සමග අද සතුටෙන් විනෝදෙන් සිටින කෙනා හෙට උරණ ගතියකින් සිටිය හැකිය. නිතරම වාගේ සොනස්සූන් ගතියකින් සිටිය හැකිය. එක මොහොතකදී බූද්ධිමත් තාලයට වැඩ කටයූතු කොට ඊළඟ මොහොතේදී පිස්සූ විකාර දෙයක් කළ හැකිය.

පැය ගණන් වරු ගණන් නිදා ගන්නට කැමැත්තක් දක්වනවා විය හැකියි.


පෙර යොවූන් වියේ දරු දෑරියන් මෙලෙස හැසිරෙන්නේ ඇයිදෑයි සිතා බැලීම වැඩිහිටියන්ගේ යූතුකමකි. ගැටිස්සියන්ගේ මෙන්ම ගැටවරයන්ගේද මොළ වලත් වැඩිහිටියන්ගේ මොළවලත් පැහැදිලි වෙනස්කම් පවතින නිසා දෙගොල්ලන් කල්පනා කරන්නේ දෙයාකාරයකිනි. පෙර යොවූන් වියේ පසූවන්නන්ගේ මොළය වර්ධනය වෙමින් පවත්නා තත්ත්වයක පවතින බවත් ඒ මොළය වැඩිහිටියෙකුගේ මොළයට වඩා ළමයෙකුගේ මොළයට කිටිටූ කළ හැකි බවත් ඔන්ේරියෝහි මැක්මාස්ටර් සරසවියේ ස්නායූ විශේඥවරියක් වූ සැන්ඩ්‍රා විටෙල්සන් කියා සිටියාය.


පෙර යොවූන් වියේ පසූවන්නන්ගේ මොළ නොපැසී ඇති බවත් ඔවූන්ගේ මොළවල විවිධ කොටස් විවිධ අවස්ථාවන්හිදී වැඩෙන බවත් සොයාගෙන ඇත. නළල පිටූපසින් ඇති කොටස එවැනි කොටසක් වන අතර හැඟීම් පාලනය කිරීමට හා යහපත් තීරණවලට එළඹීමටද ඔවූන්ට එතරම් හැකියාවක් නැත්තේ එම කොටස තවම වැඩෙන හෙයිනි. පීඩා අනතුරු ආදියට මූහූණ දෙන්න ඔවූන් මැලිකමක් නොදක්වන්නේද ඒ නිසාය.


සමහර ගැටිස්සියන් හා ගැටවරයන්ද ටියූෂන් පන්ති ආදියට ගොස් රෑ බෝවී ගෙදර එනන් පසූබට නොවන්නේත් හොඳට මත්පැන් බී සිටින හඳුනන්නකුගේ වාහනයට ගොඩ වන්න එතරම් අකැමැත්තක් නොදක්වන්නේත් අකුනූ ගසද්දී පවා රේඩියෝ ටී වී ආදිය ක්‍රියාත්මක කිරීමට පසූබට නොවන්නේත් මොළය හරියාකාර නොවැඩී ඇති හෙයිනි.


මොළයේ ඉදිරිපස කොටස හරියාකාර වැඩී නොමැතිකමින් විවිධ වැඩ කටයූතු සංවිධානය කිරීමටද ඔවූන්ට එතරම් හැකියාවක් ශක්තියක් නොමැත. අධ්‍යාපනයට අදාළ ගෙදර වැඩ කටයූතු අවසන් කරනවාද නැත්නම් පොතක් පතක් කියවනවාද එසේ නැත්නම් සෙල්ලම් කරන්න යනවාය එසේත් නැත්න් යහළුවකුට යෙහළියකට දුරකතනයෙන් කතා කරනවාවද කියා තීරණයකට එන්න ඔවූන්ට අපහසූ විය හැකිය. අන්තිමේදී මේ සියලු දෙයම වාගේ යම්තමට යම්තමට කරනවා විය හැකිය.


හැසිරීම් රටාව විටින් විට වෙන්ස වීමත් පරස්පර විරෝධි හැඟීම් විටින් විට ඇති වීමත් ඔවූන්ගේ ස්වභාවයකි.


අම්මාට තාත්තාට හෝ සහෝදර සහෝදරියකුට හෝ අද ආදරය දක්වන ගැටිස්සියකු හෝ ගැටවරයෙකු හෙට අම්මා තාත්තා හෝ සහෝදර සහෝදරියක් හෝ සමග එතරම් සූහදශීලී ගතියක් නොදක්වා මූහූණ බූම්මා ගෙන සිටින්න පූළුවන. අද ගේ දොර ගෙමිදුල අතුපතු ගාන, බඩූමූටිටූ අස්පස් කරන, කුස්සියේ වැඩට උදව් පදව් කරන කෙනා හෙට ඒ කිසිවක් නොකොට ටී වී එක නරඹනවා හෝ රේඩියෝව අහනවා හෝ වන්න පූළුවන්.


වැඩිහිටියෙකුගේ නළල පසූපසින් ඇති මොළ කොටසින් බය වියරු ගතිය වැනි දේවල් පාලනය කරගත හැකි වූවත් පෙර යොවූන්වියේ පසූවන්නන්ට එවැනි හැකියාවක් නැති තරම්ය. කේන්තිය වැනි හැඟීම් නිරායාසයෙන්ම ඔවූන් තුළ ඇති වීම ස්වභාවයකි. මොළයේ දක්නට ඇති එක්තරා රසායනිකයක මටිටම තාවකාලිකව පහත වැටීම නිසා ආවේගීශලී ගතියකින් යූතුව ඔවූන් කිසිදු පාලනයකින් තොරව අදහස් ප්‍රකාශ කිරීමටත් ක්‍රියා කිරීමටත් පූළුවන. පෙර යොවූන් වියේ අය ඇතුළු තරුණ කොටස් දියත් කළ අපේ්‍රල් කැරැල්ල මීට හොඳම නිදසූනකි.


පෙර යොවූන් විය ලිංගික හෝමේන වර්ධනය වන වකවානූව වන අතර මොළයේ එක්තරා කොටසක් ප්‍රසාරණය වීම මත ඇවිස්සෙන ගතියක් ආක්‍රමණශීලී ගතියක් ඉහළ යන්නේ ඉබේමය..


සිදුවිය හැකි අතුරුඅන්තරා ආදිය ගැන එතරම් තැකීමක් නොකිරීම ඔවූන්ගේ ස්වභාවයකි. ප්‍රශ්න ගැටළු ආදිය මතුවන්නේ තමන්ට නොව අනෙක් අයට යයි සිතන ඔවූන් ඔවූන්ගේම ලෝකයක ජීවත් වන පිරිසකි.


ගැටිස්සියන් හා ගැටවරයන්ද තුළ පවත්නා කඩිසර උද්‍යෝගිමත් ගතියෙන් හා නාහෙට නාහන ඇටිටර ගතියෙන්ද සමහරුන් ප්‍රයෝජන ගන්නා වග කවූරුත් දනිති හොර මත්පැන් මත්ද්‍රව්‍ය ආදිය ජනතාව අතරට ගෙන යාම සඳහා ඔවූන් යොදා ගන්නා අවස්ථා එමට දකින්න තිබීමෙන්ම එය තේරුම් ගත හැකිය. පෙර යොවූන් වියේ පසූවන අය ජීවන ගමනට අදාළ පූහූණූ පාසලේ නවක සිසූවියන් හැටියට සැලකිය හැකි අතර ඔවූන් ඔවූන්ගේම මනෝ ලෝකයක ජීවත් වන්නවූන් පිරිසක් වන නිසා වැඩිහිටියන් ඔවූන් දෙස වපරැසින් බැලීම අයෝග්‍ය දෙයකි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment