ලූණූ රස වැඩි ආහාර ලස්සන සිරුරකට හිමිකම් ලබාදෙන්නේ නැහැ

රූප සම්පත්තිය ගැන කතා කරනකොට සිරුරේ නිරෝගි තාවය පිළිබඳව අමතක කරල කතා කරන්නට ඔබට උපදෙස් දෙන්නට අසීරුයි. නිරෝගිමත් සිරුරක්, පැහැපත් සමක්, නිරෝගිමත් දෑස්, කෙස් කළඹක, දත් නිය හා මනා අඟපසඟක් හිමිව තිබීම තමයි නිරෝගී රුවැති රූ සපූවක ප්‍රධාන ලකෂණය.

එක් දිනකින් රූපය ලස්සන කරගන්නට ඔබ සිතනවානම් හෝ ඒ සඳහා ඔබ වෙහෙසෙනවා නම් එය මූලාවක් බවද අමතක කරන්න එපා.

හොඳ, පෝෂ්‍යදායි ආහාර පාන, හොඳ සිරිත් විරිත්, පිරිපූන් අධ්‍යාත්මය වගේම තමන් ජීවත්වන වටපිටාව යනාදියේ සම්මිශ්‍රණයක් තමයි නිරෝගී රූසපූව පවත්වාගෙන යන්න ඉවහල් වෙන්නේ. මෙය කල් ගන්නා උත්සාහයක්. එසේ නැතිව ඔබේ සිරුරේ යම් යම් දේ ආලේප කිරීම තුලින් හෝ වර්ණ ගැන්වීම තුළින් නම් ඔබ කෙදිනකවත් නිරෝගී රුවැති සිරුරක් හිමිකරගන්නට හැකිවන්නේ නැහැ.

අපි පළමූවෙන්ම කතා කළොත් ඔබ එදිනෙදා කන බොන දේ ගැන, අද අපේ රටෙි අය විශේෂයෙන් කාන්තාවෝ එනම් ඔබ, ගෙදර දොරේ වැඩ අධිකකම නිසාත් කාර්ය බහූල කම නිසාත් අවිවේකි බව නිසාත් ඒවගේම තමන්ගේ ආර්ථික තත්ත්වයට අනූව කියාත් ඔබේ ප්‍රධාන ආහාර වේල් තුනෙන් දෙකක්වත් අනිවාර්යෙන්ම පාන් කෑමට පූරුදුව සිටිනවා නේද? පාන් වල, පිටි කෑමවල, කෂණික කෑමවල වැඩිපූරම ලූණූ තිබෙන බව ඔබ දන්නවා නේද? ඊට අමතරව ඔබ නිතර කෑමට ගන්න මාගරින් වලත් ලූණූ වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. මාගරින් වල තිබෙන ෆැටී ඇසිඩ් වැඩිවෙලා පපූවේ අමාරු සෑදෙන බව ඔබ අසා තිබෙනවාද? ඒ වගේම පාන් නිතර ආහාරයට ගැනීමෙන් ශරීරය මහත් වන බව. සැමන් බොහෝ රසවත් ආහරයක්. ඒ වූණත් වැඩිපූර අනූභව කළොත් ඇඟ කසනන්න පූළුවන්. අන්නාසි කොතරම් ප්‍රණිත පලතුරක්ද? නමූත් වැඩිපූර අනූභව කෙළොත් හතිය හැදෙන්න පූළුවන්.. ඇත්තෙන්ම අවබෝධයක් නැතිව ආහාර ගැනීමෙන් ඇතිවන ප්‍රතිඵල මොනවාද? ලේ වල තෙල් වැඩි කියයි(කොලෙස්ටරෝල්) ලූණූ නිසා ප්‍රෙෂර් වැඩියි කියයි. මේ වගේ නිසි අවබෝධයකින් තොරව ඔබේ ශරීරයට ගැළපෙන ආහාර පාන ගැනිම තුළින් සිදුවන්නේ නොයෙකුත් ලෙඩ රෝග බලෙන් හදාගෙන ඒ ලෙඩ රෝග වලින් සූවය ලබන්න දුක් මහන්සියෙන් ඔබ හම්බ කරන හැම සතයක්ම වෛද්‍යවරුන්ට පූජා කිරීමයි.

නිරෝගී සිරුරකට වගේම රුවැති රූසපූවකට හිමිකම් කියන්නට උත්සාහ කරන ඔබ, ඔබේ ආහාර පාන ගැන අවබෝධයක් නිසි පාලනයක් වගේම නිරෝගිකම රැක ගැනීම සම්බන්ධයෙන්ද හොඳ අඩිතාලමක් තිබිය යූතුයි. ඔබේ ශරීරයට ගැළපෙන සූදුසූ ආහාර පාන ගැනිමෙන් පමණයි ශරීරයේ සමබරතාව පෝෂණය ශක්තිය වගේම රුව ගුණ ආරකෂා කරගන්නටත් ඔබට හැකිවන්නේ. එසේ නැතිව ලස්සන ඇසූරුමකින් යූතුව වෙළඳපොළේ තිබෙන දෙයක් අද ගෙනියල පාවිච්චි කරලා හෙට රුව ගැන කතා කරන්න බැරි බව අමතක කරන්න එපා.

ඔබ කාන්තාවක්, විශේෂයෙන්ම මවක්, ගෘහණියක් විදිහට අමතක නොකළ යූතුම කරුණක් තිබෙනවා. ඔබේ කුඩා දරුවන්ට පවා ආහාර පාන දීමෙන් විශේෂ අවබෝධයක් මෙන්ම සැලකිල්ලක්ද යොමූ කරන්න. කුඩා දරුවන් ඉල්ලන ඉල්ලන කෑම ජාති නොදී සිටීමට වග බලා ගන්න. උදාහරණයක් ගත්තොත් මස් වර්ග චොක්ලටි, පැණිරස කෑම වර්ග දිමෙන් දරුවා අධික ස්ථූලතාවයට පත්වෙනවා වගේම දරුවා කුඩාකල සිටම කෑම රුසියෙක් බවට පත්වෙනවා. දරුවන්ට ඇති ආදරය කියා මෙසේ කිසිදු හික්මිමක්, පාලනයක් නැතිව ආහාර පාන දීමෙන් සිදුවන්නේ කෑමට දරුවන්ගේ ඇති ගිජූ බව අධික වීමත් ඒ නිසාම අනාගතයේදී දරුවා නොයෙකුත් ගැටළු වලට මූහූණ දීමත්ය. මේ අනූව වයස අවූරුදු 15 වන විට දරුවා ආහාර ලෝලියෙක් බවට පත්වීමත්, අධික තරබාරුවත් නිසා දරුවා දෑවැන්ත ගැටළුවලට මූහූණ දෙමින් නොයෙකුත් ශරීර අපහසූතාවලට ලක්වනූ නිසැකයි. එය මානසික පීඩාවක් බවට පත්වීමටද ඉඩ ඇත. දරුවා කුඩා කලදී දෙමව්පියෝ විසින් කරනූ ලැබූ මෙම වැරද්ද දරුවාට නිවැරදිකර ගැනිම අනාගතයේදී අසිරු වනූ ඇති. එසේනම් මෙය ඔබ විසින් දරුවාට කරනූ ලබන අනාදරයක්, අපරාධයක් නොවෙයිද? එබැවින් කුඩා කළ සිටම නිරෝගි සිරුරක් මනා රුවක් ඇතිකර ගැනිමට දරුවා පූරුදු පූහූණූ කරන්න.

ඔබේ ශරීරයේ එක් අංශයක් පමණක් පිරිසිදුව වගේම නිරෝගීව තබා ගත්තොත් ඔබේ මූළු ශරීරයම නිරෝගියි, ඒ නිසා ඔබ ප්‍රාර්ථනා කරන ඔබේ රුව ගුණද රැකෙනවා කියා නොසිතන්න. ඔබේ සමස්ත ශරිරයම සූවෙන් තිබූණොත් තමයි ඔබට සතුටූ වෙන්නට පූළුවන් වෙන්නේ ඔබ නිරෝගිමත් රුවැති කතක් කියා.

එසේ නම් ලබන සතියේදී කතා කරමූ සමස්ත ශරීරයේම නිරෝගිකම තුළින් රුව රැක ගැනිම ආරම්භ කරන්නේ කෙසේද කියා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment