එක් එක් වර්ගයේ පිරිමින් සමග එකට ජීවත් විය හැකි ගැහැනූන් හඳුනාගන්නට මඟක්


විවාහයට සූදුසූ පිරිමින් තෝරන යූවතියන්අනිවාර්යයෙන්ම කියවිය යූතු ලිපියකි
බොහෝ යූවතියන් විවාහ වීමට ප්‍රිය කරන තරුණයෝ වෙති. යෞවනයේදී ඔවූන් එම තරුණයන්ගේ සිතට ළංවීමට බොහෝ උත්සාහ කළද අවසානයේදී ඔහූ හිමි කර ගැනීමට නොහැකි වේ. අන් තරුණයෙකුට පෙම් බැඳ විවාහ වීමට සිදු වේ.

එමෙන්ම විවාහ දිවියට ඇතුලත් වූ කතුන් පවා තමා සිහිනයෙන් පෙම්බැඳි තරුණයා හිමි නොවීම පිළිබඳව බොහෝ කණගාටූවට පත්වීමක්ද දක්නට ලැබේ. ඇතැම් විට එම දුක්බරබව ඇගේ මූළුදිවිය පූරාම වේ. එහෙත් අප බොහෝ ප්‍රිය කළද යම් යම් පිරිමින්ට ගැළපෙන අන්දමේ සහකාරියෝ සිටිති. රූපය, කැපී පෙනීම, දක්ෂතාවය, චාම් සරළ බව හෝ කෙළිලොල්බව හේතුවෙන් පිරිමියෙකුට අප ආදරය වූදව එම ගතිගුණ වලට ගැළපෙන අන්දමින් අපට ජීවත්වීමට නොහැකි නම් එම විවාහය සාර්ථක නොවේ.

එහෙයින් එක් එක් පිරිමියාගේ ස්වරූපය අනූව ඔහූට ගැළපෙන සහකාරිය කෙබඳුද යන්න ඔබට අවබෝධයක් තිබීමෙන් ඔහූට ඔබ ගැළපේද යන්න ඔබටම සිතා බැලීමට හැකිය. තවද සිතින් පෙම් කළ අයෙකු සමග විවාහ වීමට නොලැබීමෙන් පසූ තැවෙන්නියන්ටද ඔහූට තමා ගැළපූනේද යන්න විමසා බලා සිත සතුටූ කර ගැනීමටද හැකිය.


පිරිමින් වර්ග 6 ක්
ඉන්දියාවේ මූම්බාහිි ලීලාවන් රෝහලේ සායනයක මනෝ වෛද්‍යවරියක වන වාර්තා චූලනී පවසන අන්දමට ස්වභාවයෙන් පිරිමින් වර්ග 6 කට බෙදා වෙන් කළ හැකි අතර ඔවූන්ට සහකාරිය වීමට සූදුසූ යූවතියෝද වෙනස් වෙති. එහෙයින් යම් යූවතියක ආදරය කළද ඔහූගේ ස්වභාවයට ඇය නොගැළපීමෙන් එම සබඳතාව අසාර්ථක වේ.

එහෙයින් ඔබ සිතින් ආදරය කරන පූද්ගලයාට ඔබ ගැළපේදෑයි මෙය කියවීමෙන් අවබෝධ කර ගන්න. දෙවනූව එවැනි සබඳකමකදී මතුවන ගැටළුවද ඒ සමගම අවබෝධ කර ගත හැකිය.


කාටත් වූවමනා පිරිමි

බොහෝ කඩවසම් දක්ෂ සමාජය ඉදිරියේ කැපී පෙනෙන, කෙළිලොල් තරුණයන්ට සමාජයේ යූවතියන් අතර ප්‍රබල ඉල්ලුමක් හිමිය. නමූත් එවැනි තරුණයෙකුගේ ආදරය හිමිවන්නේ අපේක්ෂා කළ යූවතියන්ගෙන් කිහිප දෙනෙකුට පමණි. එමෙන්ම එවැනි තරුණයන් සමාජයක් තුළ කැපී පෙනීමට සේම අවාධනය ලැබීමටද ප්‍රිය වේ. ඔවූන්ගේ සැබෑ පිරිමි පෙනූමට යූවතියන්ගේ සේම විවාහ කතුන්ගේද අවධානය යොමූ වේ. එහෙයින් මෙවැනි පිරිමියෙකු ඔබ සමීපයෙහිම තබා රැක ගැනීම එක්තරා අභියෝගයක් බවද මූලින්ම සිතිය යූතු වේ. මන්ද කතුන් තමා වෙතට ආකර්ෂණීය කර ගැනීමේ කලාව ඔහූ දනී. එහෙයින් සෑම තැනකදීම කතුන්ට උවමනා වන්නේ ඔහූට සමීප වීමටය.


ඔබ

එහෙයින් ඔහූ සමග ආදරයෙන් බැඳෙන ඔබද බොහෝ ප්‍රබෝධමත් අන් ළඳුන්ට නොදෙවෙනි කාගේත් අවධානය ලැබෙන්නියක වීම අවශ්‍යය. ඔහූගේ ජනප්‍රියත්වය කැපී පෙනීම අනූරාගි ස්වරූපයට ගැළපෙන අන්දමින් ඔබට සිටීමට නොහැකි නම් සමාජය ඉදිරියේදී ඔබ ඔහූට නොගැළපෙන්නියක බවට පත් වේ. ඇඳුම් පැළඳුම් සිතුම් පැතුම් හා හැසිරීම් තුළින්ද ඔබ තුළ මිළ අධික ස්වරූපයක් තිබිය යූත්තේ ඔහූ එවැන්නිය සහකාරිය කර ගැනීමට ප්‍රිය කිරීමෙනි. තෑග්ගක් දුන්නද එය සූවිශේෂ විය යූත්තේ එය සෙසූ අය අතර ඔබ කැපී පෙනෙන සාධකයක් විය යූතු වීමෙනි.

එවැනි පිරිමියෙකුගේ අවධානය ලැබීමට නම් ඔබ ඔහූගේ සමාජ තත්ත්වය වැඩි ආලෝකයක් බව ඔහූට ඒත්තු යෑමක් අවශ්‍ය වේ.


ප්‍රවේසමෙන්

මීළඟට එවැනි කාගේත් අවධානය ලක්වන පිරිමියෙකු සමග සබඳකමක් ඇති කර ගැනීමේදී සිතා බැලිය යූතු දෙයක්ද වේ. යමෙකුට සමාජ අවධානය ලැබිය යූත්තේ නිරායාසයෙනි. නමූත් එම තරුණයා එය ලැබීමට දඟලන්නෙකු නම් එහිදී ඔබ සිහිපත් කළ යූත්තේ "අඩූූ කලේ සෙල වේ" යන්නය. මන්ද ඇතුලත හිස් වූවෙකු කෙතරම් කඩවසම් හෝ කෙළිලොල් වූව ද පලක් නොවන්නේ ඔහූ ඔබ සමග ගෙවන ජීවිතය බූද්ධිමත් නොවීමෙනි. මෙවැනි පූද්ගලයකු සමග විවාහ වූවොන් ඔබට පසූව සිතෙන්නේ ඔහූට තිබූණේ පෙනූම පමණක් බවය. සෞන්දර්යාත්මක සිතුවිලි හා බූද්ධිය නොමැති වීමෙන් ඔහූ හිස් පූද්ගලයෙකු යැයි ඔබට වැටහේ.

ඇතැම් පිරිමින් උපතින්ම චාම්ය. ඔහූට සමාජ අවධානය ලැබෙන්නේ ඔහූගේ සහජ ගතිගුණ වලට මිසක මවාපෑම්වලට නොවේ. මෙවැනි පූද්ගලයෙකු සමග සබඳකමක් පැවැත්වීමෙන් ඔබට සූන්දර ජීවිතයක් හිමි වේ. නමූත් සමහර තරුණයන් සමාජයේ කැපී පෙනීමට හෝ අවධානය ලැබීමට උපයෝගි කර ගන්නේ කෘතිම චාම් උපක්‍රමයන්ය. ඔහූගේ සැබෑ ස්වරූපය එය නොවීමෙන් ඔබ රැවටීමකට ලක්වූ බව පසූව සිතේ.

එහෙයින් මායාකාර පූද්ගලයන්ට අසූ වීමේ තේරුමක් නොවේ. එහෙයින් වර්තමානයේදී යූවතියන් කාගේත් අවධානය ලබන්නාට එය දිගටම පවත්වාගෙන යෑමට හැකි බූද්ධිමත් උගත්කමක් හෝ සැබෑ සරුකමක් වේදෑයි විමසා බලන්න.

එයට අමතරව සමාජ අවධානයට ලක්වෙන්නකු වූවද ඔහූට ඔබ බහිර පෙනූමෙන් සමාජ තත්ත්වයෙන් හා බූද්ධි මටිටමෙන් නොගැළපූණොත් සිදුවන්නේ පසූකාලීනව ඔබට ප්‍රබල මානසික කම්පනයකට ලක්වීමටය.


ලැජ්ජාශීලි පිරිමි
නිබඳවම සමාජය තුළදී මූළු ගැන්වෙන ඉදිරියට නොපැමිණෙන පිරිමි පිරිසක්ද වෙති. ඔවූන් තම හැඟීම් පවා බෙදා ගන්නේ බොහෝ විශ්වාසන්ත වූවන් සමග පමණි. සැමවිටම හැඟීම් සඟවා ගනිමින් ජීවත් න සංවේදී චරිතයකි. සැමවිටම තමාගේ උපදේශකයා වන්නෙද් තමාමය.

සමාජය ඉදිරියේ බොහෝ ප්‍රායෝගික පූද්ගලයෙකු නොවූණද ආදරය කිරීමේදී ක්‍රියාකාරි පූද්ගලයෙකි. නමූත් සැමවිටම බූද්ධියට මූල් තැන දී ආදරය කරන්නෙකි.

ඔබ සැමියාට පාලනය වෙමින් ඔහූගේ තීරණවලට එකඟව ජීවත්වීමට ප්‍රිය නම් පමණක් ඔබට ඔහූ ගැළපේ. එසේ නොමැතිව තමාගේ මතයට අනූව ක්‍රියාකිරීම නිදහස භුක්ති විඳීම කෙළිලොල්ව ජීවත් වීමට සිතන්නියක නම් මෙවැනි පිරිමින් සමග විවාහ දිවියට ඇතුළත් වීම අනූවණකමකි.

මන්ද මෙම ලැජ්ජාශීලි සමාජයෙන් සැඟ වී සිටින මෙම පිරිමි තම පෞද්ගලික දිවියේදී ඉතා ප්‍රබල තීරණ ගන්නා දෑඩි පාලන ශක්තියක් හිමි හා සංවේදී පූද්ගලයෝ වෙති.

යම් යම් දෙයට ඉදිරිපත් වෙමින් කටයූතු කරන යූවතියන්ට මෙම පූද්ගලයන් ප්‍රිය වූවද ඒ සමගම ඔහූූට ආදරය දෑක්වීම ඔහූ සමගම කාලය ගෙවීම හා ප්‍රබල අවබෝධයකින් ජීවත් වීමද අවශ්‍ය වේ. එමෙන්ම අන්‍යන්ගේ අවධානයට ලක් වන සමාජයේ කැපී පෙනෙන යූවතියන්ට ද මෙම පූද්ගලයන් ප්‍රිය වූවද විශ්වාසයක්ද ඔහූ කෙරෙහි තිබීමද අවශ්‍ය වේ. තවද බාහිර ධනයට මූල් තැන දෙන යූවතියන් මෙවැනි පිිරිමින් සමග සබඳකමක් ඇති කර ගැනීමට උත්සාහ දෑරීම තේරුමක් නොවේ. ඔහූ වැඩි වාසියක් දෙන්නේ බූද්ධියටය.

ප්‍රවේසමෙන් සමාජය ඉදිරියේ ලැජ්ජාශීලි වීම හෝ පසූගාමී වීම එක්තරා අන්දමකින් මානසික තත්ත්වයකි. එය හීනමානයට සමාන වූවකි. මන්ද සමාජයට නිරාවරණය වීමට බිය විය යූත්තේ තමා ප්‍ර්‍රතික්ෂේප වේ යැයි සිතීමෙනි. ඔහූ සැමවිටම අනාරක්ෂිත මානසිකත්වයකින්ද පසූවන්නෙකි. එහෙයින් ඔහූූ ජීවත්වන්නේ තමාටම ආවේණික ගුහාවක් තුළය.


මෙවැනි පිරිමියෙකු ඔබට කොයි තරමින් ගැළපූනද ඔහූ සැක කිරීමට හෝ අනවශ්‍ය නීති දෑමීමටද ඉඩ තිබේ. සැමවිටම සියලු දේ ඔහූට අවිනිශ්චිතය. එහෙයින් එක්ව ජීවිතය ගෙවද්දී සිත් කළකිරීම් කරදර විඳීමට හැකි වේ. ඔහූගේ විශ්වාසය දිනාගත් විටදී බොහෝ සූව පහසූවෙන් ඔබ සමග ජීවිතය බෙදා ගැනීමට ඔහූ ඉදිරිපත් වූවද යම් සැකයක් ඇති වූවවොත් එතැන් සිට දිගටම ඔබව සැක කිරීමට ඔහූ පෙළඹේ. එහෙයින් මෙවැනි පිරිමියෙකු සමග විවාහ වූ විටදී ඔහූ මනෝ උපදේශකයා සේම සහයෝගය දක්වන්නා වීමට සිදුවන අතර බොහෝ දේ ඉවසීමට සිදු වේ.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment