රසට කන්න කොස් කොත්තු

ඔබ තවමත් කොස් කොත්තු කාලා නැතිව ඇති. පිළියෙල කර බලන්න.හරිම රසවත් ආහාරයක්

කොස් තම්බනවා නැතිනම් කිරිකොස් හදනවා හැරෙන්නට ඔබ කොස්වලින් හෙවත් යමක් හදලා නැහැයි කිව්වොත් මම වැරදි නොවන්නට පූළුවන්.

ඔබ කැමතිද කොස්වලින් කොත්තු හදන්න.ඇත්තටම හරිම ලෙහෙසියෙන් හදාගන්න පූළුවන් හරිම රසවත් ආහාරයක්.

අවශ්‍ය වන්නේ තම්බාගත් කොස් ටිකක් සමග සිහින් දිගු අතට කපාගත් තම්බාගත් කැරටි කෑලි ටිකක්, සූදු සහ කොළපාට හරියෙන් ලීක්ස් ටිකක්, ලියාගත් ගෝවා ටිකක්, කුඩාවට කපාගත් තක්කාලි කෑලි ටිකක්, සිහින්ව කපාගත් ඉඟුරු සහ සූදුළුෑනූ ටිකක්, කපාගත් පොල් කෑලි, කපාගත් රතු මිරිස් කෑලි, කපාගත් ළුෑනූ සහ කරපිංචා.

කැමති නම් තම්බාගත් කොස් ඇට ටිකක් එකතු කිරීමත් වරදක් නොවෙයි.

බදුනක් ගෙන තෙල් ටිකක් දමා රත්කර ගන්න. තෙල් රත්වන විට අබ ඇට ටිකක්, සූදූරු ඇට, සූදුළුෑනූ, ඉඟුරු, කරපිංචා, ළුෑනූ, රතු මිරිස් කෑලි, පොල් කෑලි, තක්කාලි තෙලට එක්කර ගින්දර අඩූ කර මලවා ගන්න. දෑන් කපාගත් එළවළු එක්කර තම්බාගත් කොස් ටික දමා හොඳින් මිශ්‍ර කර ගන්න. අවශ්‍ය නම් සීනි ටිකක් එක්කර ගන්න. තම්බාගත් මස්, මාළු, හෝ උම්බලකඩ කුඩූ වූවත් එක්කර ගත හැකිය.

දීසියකට දමා හැන්දක් සමග පිළිගන්වන්න. ඇත්තටම බත් නැතිව වූවත් ආහාරයට ගත හැකි පෝෂණීය ආහාරයක් පහසූවෙන්ම සාදා ගැනීමට ඔබත් උත්සාහ කර බලන්න.

කොස් නොකන ඔබේ දරුවන්ටත් මේ ආකාරයට කොස්සකස් කර ආහාරයට දෙන්න උත්සාහ කර බලන්න.





ප්‍රවීණ සූපවේදිනි
ශාන්තා මායාදුන්නේ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment