කුඩා දරුවන්ගේ දත් පිළිබඳව

දන්ත ව්‍යසනයක් ඇතිවූ දරුවෙකු හෝ වෙනත් අයකු වෛද්‍යවරයෙකු වෙත පැමිණියොත් වෛද්‍යවරයා විසින් කරනූ ලබන කාර්ය කුමක්ද?

කුඩා දරුවෙකු පැමිණියොත් ඒ දරුවාගේ දත් නරක්වීමට තිබෙන ප්‍රවනතාව කොපමණදෑයි සොයා බැලීම අවශ්‍යයි. මෙහිදී දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය සමාජ තත්ත්වය ආහාර පූරුදු වැනි දේ සොයා බලන්න සිදුවෙනවා. ආහාර පූරුදු දන්ත ව්‍යසනයට හේතුවක් වී තිබෙනවා නම් නොකඩවා දින තුන හතරක් දරුවා ලබා ගන්නා ආහාර වර්ග පිළිබඳව ලැයිස්තුවක් සකස් කරන්න උපදෙස් දෙනවා. මෙහිදී උදේ සිට රාත්‍රි නින්දට යනතුරු ගත් ආහාර පාන වර්ග සටහන් කළ යූතු වෙනවා. තේ වැනි පානයක් ගත්තා නම් ඒ සඳහා දෑමූ සීනි හැඳි ගණනද සටහන් කරන්න උපදෙස් දෙනවා මේ ලැයිස්තුව වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් පසූ වෛද්‍යවරයා රෝගියාගේ ආහාර රටාව පිළිබඳව අධ්‍යනයක් කරනවා. ඒ අනූව ආහාර රටාව වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය උපදෙස් දෙනවා.

ඒ කියන්නේ කෙනෙකුගේ ආහාර පූරුදු හා ආහාර රටාව දන්තව්‍යසනයට අනිවාර්යයෙන්ම බලපානවා.


කුඩාම දරුවන්ගේ දත් පිරිසිදු කිරීම කළ යූත්තේ කවර ආකාරයකටද?

කිරි බී අවසන් වූ පසූ පිරිසිදු තුනී ගෝස් රෙදි කැබැල්ලක් ඇඟිල්ලේ දවටා දත්වල ඉදිරිපස පිස දෑමීම කළ යූතුයි. එයට දත්වල රැඳී තිබෙන කිරි ඉවත්වීම නිසා දන්ත ව්‍යසනය වළකිනවා.


දන්ත ව්‍යසනයට ලක්වී ඇත්නම් කෙරෙන ප්‍රතිකාර මොනවාද?

එනැමලයට හානියක් සිදුවීම තමයි මූලින්ම දකින්නට ලැබෙන්නේ දත් කුහර ඇතිවී තිබේ නම් දන්ත ව්‍යසන වළක්වා ගැනීමට කලින් කී උපදෙස් අනූව ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවා.

දතේ කුහර ඇතිවූණොත් දත පූරවන්න වෙනවා. ඉදිරිපස දත්වල පැහැයට සමාන වූ වර්ණ සහිත පිරවූම් ද්‍රව්‍යයකින් පූරවන්න පූළුවන්.

දතේ වේදනාවක් හට ගන්නා තත්ත්වයට පැමිණිය හොත් කලින් කී ආකාරයට පිරවීමෙන් සූව කරන්න අපහසූයි.ි සමහර අයගේ දත්වල කුහරය ඉදිරියෙන් කුඩාවට පෙනූණත් ඇතුළත කුහරය විශාලයි" මෙසේ වන්නේ එනැමලය ශක්තිමත් නිසයි. කුඩා සිදුරක් ඇති වූණොත් එනැමලයට හානි නොවී දන්තිතය දක්වා බැක්ටීරියා ක්‍රියා කර ඉන්පසූ කල්ක කුහරය දක්වා පැතිරීමයි සිදුවෙන්නේ. තවදුරටත් පැතිරෙන විට ඉහළින් ඇති පරිදන්ත පටලය මත බැක්ටීරියා ක්‍රියා කාරීත්වය ඇතිවූණොත් එය කල්යාමේදී විදුරු මස්වලට බලපාන්නත් පූළුවන්.

දන්ත ව්‍යසන වළක්වා ගැනීම සඳහා දෙමාපියන්ටත් පාසල් යන දරුවන්ටත් ඔබ දෙන උපදේශය කුමක්ද?
දෙමාපියන් කුඩා දරුවන්ගේ දත් පිළිබඳව විමසිලිමත්ව සිටිය යූතුයි. පාසල් යන වයසට පැමිණි කුඩා දරුවන්ගේ දත් මාස 6කට වරක් හෝ පාසල් දන්ත සායනයකට පෙන්වා පරීක්ෂා කරවා ගත යූතුයි.

හිතකර ආහාර පූරුදු ඇතිකර ගැනීමයි වැදගත් පැණිරස කෑම අඩූවෙන් ගැනීම කුඩා කල සිට පූරුදු කිරීම දෙමාපියන්ගේ වගකීමක්.

දත් මැදීම නිසි අන්දමට කළ යූතුයි. දිනකට දෙවරක් කෑමෙන් පසූ දත් මැදීම අත්‍යවශ්‍යයි. නිදා ගන්නා විට කටෙි කෙළ ශ්‍රාවය වන්නේ නැති නිසා රාත්‍රි ආහාරයෙන් පසූ නින්දට පෙර දත්මැදීම අත්‍යවශ්‍ය දෙයක්.




පේරාදෙණිය දන්ත වෛද්‍ය
රෝහලේ වෛද්‍ය නිල්මිනි අබේගුණවර්ධන

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment