මාස දෙකකට සැරයක් හිසකෙස් අග්ගිසි කපන්න

ශ්‍රී ලාංකික යූවතියන්ගේ කාන්තාවන්ගේ බොහෝ වෙලාවට දක්නට ලැබෙන්නේ වියළි කෙස්. ඒ වගේම ටිකක් රැළි සහිතයි. ඒත් අද තමාගේ කෙස් කළඹ කෘතිමව වෙනස් කර ගැනීමේ හැකියාව නම් අප සතුව තිබෙනවා.
මේ කොහොම වූණත් තමාගේ කෙස් කළඹ ආරක්ෂා කර ගන්නට නම් ඕනෑමයි.
අතීතයේ කාන්තාවන්ට දිගු මහත කෙස් කළඹක් තිබූණූ බවට ඕනෑතරම් සාක්ෂි තිබෙනවා.
හැබැයි දෑන් එහෙම නෙමෙයි. හිසකෙස් තුනී වෙලා. කෙස් ප්‍රමාණයත් ඉතාම අඩූයි.
මේ සඳහා හේතුව රසායනික ද්‍රව්‍ය වැඩිපූර අඩංගු ආහාර, පරිසර දූෂණයේ බලපෑම, අවිවේකය, මානසික ප්‍රශ්න, සහ ඇතැම් රෝගී තත්ත්වයන් විය හැකියි.
සමබල ආහාර වේලක් නොගැනීමත් ප්‍රධාන ප්‍රශ්නයක් බව අමතක කළ යූතු නැහැ.

ඇතැම් යූවතියන්ගේ කාන්තාවන්ගේ ඉතාම සිහින් දිගු කොණ්ඩ දක්නට ලැබෙනවා. හැබැයි ඒවා නම් තේරුමක් නැහැ.

සිහින් කොණ්ඩය අගින් හොඳට කපා ලස්සනට තබා ගැනීමට වගබලා ගත යූතුයි.

කොහොම වූණත් තමාගේ හිසකෙස් අගින් මාස දෙකකට වරක්වත් කැපිය යූතුයි. නැතිනම් කෙස් කළඹේ නිරෝගිභාවය නැතිවෙලා යනවා. හිසකෙස් අග පැලී අවලස්සනක් මතු වෙනවා.

ඇතැම් යූවතියන්ට කාන්තාවන්ට නළල පළල් නම් එය මූහූණට අවලස්සනක් මතු කරනවා. නළල පළල නම් ඉදිරිපසින් කොණ්ඩය ටිකක් කපා මූහූණට වැටෙන්නට සැලැස්වීම ලස්සනයි.

පටූ නළලක් නම් කිසිවිටෙකත් හිසකෙස් ඉදිරියෙන් කපන්නට එපා.

සිහින් දිගටි මූහූණක් ඇතිවිට උරහිස දක්වා කොටට කැපූ කොණ්ඩය ටිකක් පිම්බෙන ලෙසින් සකස් කර ගැනීමෙන් මූහූණට පිරුණූ බවක් ලැබෙනවා.


අනෙක් විශේෂ කරුණ නම් කිසිවිටෙකත් හිසකෙස් එකම තැනින් බෙදා නොපීරීමයි්. එසේ පීරීමේදී එම තැන හිසකෙස් ඉවත්වී හිසකෙස් නැතිබවක් දිස්වෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment