හිසකෙස් ලස්සන කරගන්න ඔළුවට විතරක් සාත්තු කරලා හරියනවද?

හිසකෙස් ගැන සැළකිලිමත් වෙන කොට අපේ කාන්තාවන් වැඩිපූරම සැළකිලිමත් වෙන්නේ එහි බාහිර අලංකාරය ගැනයි. නමූත් කොණ්ඩය එහෙමත් නැතිනම් හිසකෙස් අලංකාරව තබාගන්න හිතන කෙනෙකු තමන්ගේ අභ්‍යන්තර පෝෂණය ගැනත් සැළකිලිමත් විය යූතු වෙනවා. ඒ කියන්නේ තමන් ගන්නා ආහාර හිසකෙස් වල පෝෂණයට බලපාන ආකාරයෙන් ගැනීම.

සමේ වගේම හිසේ දීප්තියට බලපාන ප්‍රධාන සාධකයක් තමයි. ජලය. හොඳින් ජලය පානය කිරීම හිසේ පෝෂණය වර්ධනයට බලපාන බව අපි අමතක නොකළ යූතුයි. අවම වශයෙන් දිනකට වතුර බෝතල් හය හතක්වත් පානය කිරීම කළ යූතු වෙනවා.

හිසකෙස් වල පෝෂණයට බලපාන ආහාර ගැන විමසීමට ලක් කළොත් කැල්සියම් සහ යකඩ අඩංගු ආහාර කෑම වේලට එකතු කර ගැනීම ඉතාම වැදගත්. පලා වර්ග, පලතුරු, කිරි, බිත්තර, හාල්මැස්සෝ, පොඩිමාලු, ඒවා අඩංගු ආහාරයි.

විශේෂයෙන්ම දියණියන් සිටින මව්වරුන් සිතිය යූතු කරුණක් තමයි තමන් ඉදිරියේ මේ ගොඩ නැගෙන්නේ අනාගත මවක් බව. ඒ නිසා කැල්සියම් යකඩ අඩංගු ආහාර කුඩා කාලයේම දරවන්ට පූරුදු පූහූණූ කළ යූතු වෙනවා.

සාමාන්‍යයෙන් අපේ රට කැල්සියම් සහ යකඩ ලබා ගැනීම සිදු කෙරන්න විටමින් වලින් නොවෙයි. වැඩිපූරම ආහාර වලින් තමයි මේ පෝෂ්‍ය කොටස් අපේ ශරීරයට එකතු කරගන්නේ. නමූත් කාන්තාවන් ගර්භණී සමයේදී පමණක් මේවා විටමින් මගින් ගන්නා බව අප කවූරුත් දන්නවා. ඒ සමයේදී හිස කෙස් ගැලවී නොයන්නට කැල්සියම් සහ යකඩ කොතරම් ප්‍රයෝජනවත් වෙනවාද?

අප බාහිරව හිසකෙස් අලංකාර ගැන හිතනවා වගේම හිසකෙස් පෝෂණයට බලපාන අහාර ගැනීමටත් උත්සූක විය යූතු වෙනව.විශේෂයෙන්ම එකක් කිව යූතුයි. මේ සඳහා විශාල මූදලක් වැය වෙන්නේ නැහැ. පලා ටිකක් අලුත් පලතුරක්, හාල්මැස්සන් කරවල ටිකකට තවමත් අපේ රටෙි ඉහළ මිලක් වැයවෙන්නේ නැහැ නේද?



ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිි තිරාණි පීරිස්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment