බීම වීදුරුවේ දෙහි රවූම ඔබටත් ප්‍රශ්නයක්ද?



මංගල උළෙලකට, උත්සවයකට සහභාගි වන අපිට මූලින්ම ලැබෙන්නේ බීම වීදුරුවක්. මේ බීම වීදුරුව විවිධ ක්‍රමයට සරසලා තියෙනවාත් දකින්නට පූළුවන්. බොහෝ විට එහි දෙහි රවූමක්, මිදි ගෙඩියක්, චෙරි ගෙඩියක්, අන්නාසි කැබැල්ලක් ගසා තිබෙනූ දෑකිය හැකියි.

බීම වීදුරුවක් විවිධ ක්‍රමයට හැඩ කරනවා. එය තීරණය වන්නේ බීම වර්ගය අනූවයි. බොහෝ විට දෙහි පෙත්තක් එකතු කිරීම දෑකිය හැකියි. එය වීදුරුව මත හෝ බීම බොන බටය වටෙිට දමා තිබෙනූත් දෑකිය හැකියි.

අපි බලමූ මේ බීම වීදුරුව සරසන ක්‍රම කීපයක් ගැන.


දෙහි පෙත්තක් ඕනෑම බීමකට එකතු කරන්න පූළුවන්. නිවසේ පාවිච්චි කෙරෙන සාමාන්‍ය දෙහි ගෙඩියක් පොත්ත පිටින්ම සිහින් පෙත්තක් ලෙස කපාගෙන එහි පැත්තකින් සිහින් කැපූමක් දමා වීදුරුවේ රඳවන්න. නැත්නම් මැදින් කුඩා විවරයක් සාදා බීම බටය ඒ තුළින් දමාගන්න.

ඇතැම් විට ලෙමන් නම් දෙහි වර්ගය බීමවලට යොදා ගන්නවා. එවිට පොත්ත ඉවත් කර රවූමක් කපාගෙන එහි මැද රේණූ සම්බන්ධ වන සූදු රවූමද කපා දමා දෙහි පෙත්තක තරම රවූමක් කපා ගෙන එය බීම වීදුරුව තුළට දමාගන්න.

බොහෝ විට බීම වර්ග සැරසීම සඳහා අන්නාසි යොදා ගන්නේ නෑ. යොදා ගත්තද ඒවා වර්ණ ගැන්වීමක් නම් නොකළ යූතුයි.

වීදුරුව තුළට ඇපල් කැබලි දෑමීමත් බොහෝ විට සිදුවෙනවා. එහිදී ඇපල් පොත්ත සමග ඉතාම කුඩා කොටස්වලට කපා දෙහි ඇඹූල් ටිකක් දමා කහට ඉවත් කරගෙන බීම වීදුරුවට දමාගත යූතුයි.

බෙලිවලින් බීම වීදුරුවක් පිළියෙල කරන විට එහි නියම රස ලබා ගැනීමට අවශ්‍යයි. ඒ නිසා එයට අයිස් කී්‍රම් ටිකක් පමණක් එකතු කරන්න. නැතිනම් කිසිවක් එකතු නොකොට සූදානම් කරගන්න.

දරුවන් සඳහා
කුඩා දරුවන් සඳහා බීම සූදානම් කිරීමේ දී කුඩා වීදුරු පාවිච්චි කරන්න. එය සරසා ගැනීමට ඔබට සීනි ටිකක් යොදා ගන්න පූළුවන්.

රතු හා රෝස පැහැති ආහාරයට ගන්නා කලරිං වර්ගවලින් සීනි වෙන වෙනම වර්ණ ගන්වා ගන්න. වීදුරුව හොඳින් පිරිසිදු කර වීදුරුවේ කට වටෙිට දෙහි ඇඹූල් ස්වල්පයක් තවරා එය සීනි මත නවාගන්න. එවිට වර්ණ කළ සීනි වීදුරුව වටෙි ඇලවෙනවා. මේ ආකාරයට අවශ්‍ය වර්ණ දමා ගන්න. ළමයින් සඳහා දිගින් අඩූ බීම බට භාවිත කරන්න.


බීම බටය

බීම වීදුරු සඳහා යොදා ගන්නා බට වර්ග දෙකක් තිබෙනවා. එකක් ඉහළින් හැඩයට නැමූණූ එකක්. මෙය භාවිත කළ යූත්තේ පැකටි කළ බීම සඳහායි. වීදුරු සඳහා කැමති බටයක් පාවිච්චි කරන්නට පූළුවන්.


වීදුරු වර්ග

පලතුරු බීම සඳහා පාවිච්චි කළ යූත්තේ උස වීදුරු. ඉහලින් පළල්ව හා පහළට යන විට පළල අඩූවන ලෙස ඇති වීදුරු මේ සඳහා තෝරාගන්න.

සාමාන්‍යයෙන් බීම වර්ගයක් පිළිගන්වන විට වයින් වීදුරු හැර වීදුරු වර්ග 4 ක් තිබෙනවා. එයින් තුන්වෙනි ප්‍රමාණයේ වීදුරුව තෝරා ගත යූතුයි. ඒ වගේම මෝස්තර මූද්‍රණය නොවූණූ පැහැදිලි පසූබිමක් ඇති වීදුරු තෝරා ගැනීමත් ඉතාම වැදගත්. ළමයින් සඳහාත් ප්‍රමාණයෙන් කුඩා පැහැදිලි වීදුරු තෝරාගන්න.


වීදුරුවේ දෙහි රවූම
බීම වීදුරුවක් සරසන්නට යොදා ඇති දෙහි පෙත්ත හෝ වෙනත් පලතුරු, කුඩා සැරසිලි ආදිය බොහෝ විට නොදන්නා කෙනෙකුට ගැටලුවක් වෙනවා. වීදුරුව මත ගසා ඇති දෙහි රවූම මිරිකා එහි ඇති දෙහි යූෂ බීම වීදුරුවට එකතු කිරීම කොහෙත්ම නොකළ යූතුයි. මේ දෙහි පෙත්ත ගසා තිබෙන්නේ සැරසිල්ලක් ලෙසින් වගේම පරිසරයේ ඇති විෂ බීජ බීම එකට උරා ගැනීම වැළැක්වීමටයි. ඔබ මේ දෙහි යූෂ එකතු කරගත්තොත් ඒ සමගම විෂ බීජත් වීදුරුවට එකතු වෙනවා.

වීදුරුව තුළ සිහින් කූරක් හා බීම බටයක් යන දෙකම රඳවා ඇති අවස්ථා ඔබ දෑක ඇති. එම කූර ඇත්තේ බීම කලවම් කර ගැනීමට. කලවම් කර ගැනීමෙන් පසූ එම කූර වීදුරුව තබා ඇති පීරිසි මතින් තබන්න. එම කූර වගේම කුඩා කෘත්‍රිම සැරසිලි තිබේ නම් ඒවා ඔබට බාධාවක් වන විට ගලවා පිටතින් තැබීමේ වරදක් නෑ. ඒ නිසා ඔබ මෙහිදී විශේෂයෙන් මතක තබාගත යූත්තේ බීම වීදුරුව සමග පීරිසියක් ද පිළිගැන්විය යූතු බවයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment