බූද්ධිය වර්ධනය කරන දෙළුම්


අතීතයේ සිටම සෑම නිවසකම දෙළුම් ගසක් සිටූවීමට අපේ පැරැන්නෝ අමතක කළේ නෑ. ඒ දෙළුම් පලතුරක් ලෙසත් ඖෂධයක් ලෙසත් භාවිතා කළ නිසා. දෙළුම් ගසේ සියලූම කොටස් ඖෂධ ලෙස ප්‍රයෝජනයට ගන්නා අතර දෙළුම් වෙළෙඳපොලේ මිල අධික පලතුරක් ලෙස හඳුන්වන්න පූළුවන්.

ශ්‍රි ලංකාව, ඉන්දියාව, අප්‍රිකාව, ඉරානය යන රටවල බහූලව වැවෙන මෙම පලතුර ලොකු කුඩා කවූරුත් ප්‍රියකරන පලතුරකි. සංස්කෘත භාෂාවෙන් දෙළුම් හඳුන්වන්නේ දාඩිම දන්ත බීජ ලෙසයි. දෙළුම් වලට දන්ත බීජ යන නම යෙදී තිබෙන්නේ දෙළුම් බිජ මිනිසාගේ දත් හැඩයෙන් යූක්ත නිසයි.

දෙළුම් රස අනූව ප්‍රභේද 03 න් යූක්ත වේ.

මධූරස - පැණි රස
මධූරාම්ල - පැණි රස සහ ඇඹූල් රස
අම්ල රස - ඇඹූල් රසය යනූවෙන්


දෙළුම් වල ඖෂධ ගුණ

කොළ - ඇස් රෝග වලදී දෙළුම් කොළ තම්බා ඇස් සේදීම ඉතා ගුණයි.


ඉතා පිරිසිදුව කළ යූතුය.


මල් -නාසයෙන් ලේ පිටවන අවස්ථාවේ දෙළුම් මල් යූෂ බින්දු කිපයක් නාසය තුළට දෑමිමෙන් සූවය ලැබේ.


පොතු හා ලෙලි- ලේ යන හා අර්ශස් රෝග අවස්ථාවලදී ඖෂධයක් ලෙස යොදාගනී.


මූල් -දෙළුම් මූල් වල පොතු පණූ රෝග හා පාචනය යන රෝග වලදී කෂායකර දෙයි.


දෙළුම් යූෂ - අතීසාර රෝග වලට මහඟු ඔසූවකි.


ආයූර්වේද ගුණය -ග්‍රාහී ගුණය ඇති දෙළුම් ග්‍රාව රෝග වැනි අතීසාරය, ඇඟ උණූකරවා යාම, රත්තය පිටවීම වැනි රෝගවලට සූදුසූ වන අතර මොළයට හිතකර බූද්ධිය වර්ධනය කරන ඔසූවකි.


විටමින් සී හා සීනි බහූලව ඇති අතර ලොකු කුඩා සැම කෙනෙකුටම සූදුසූ සෞම්‍ය ශ්‍රේෂ්ඨ පලතුරකි.




ආයූර්වේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය එච්.ඩී.තෙන්නකෝන්
ජාතික ආයූර්වේද රෝහල
බොරැල්ල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment