ඉස්සෙල්ලාම සාරි අඳින්නේ අද ද?


මූල්වරට සාරි අඳින යූවතියක් ගැනයි අද අපි කතා කරන්නේ. බොහෝ විට යූවතියක් ඉස්සෙල්ලාම සාරි අඳින්නේ පාසලේ පැවැත්වෙන සමූගැනීමේ සාදයට, එහෙමත් නැත්නම් ළඟම ඥාතියෙකුගේ මිතුරියකගේ විවාහ උත්සවයකට. මේ කොහොම වූණත් මූල්වරට නූහූරු ඇඳුමක් අඳින කොට ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්නට ඕනේ.
අපි බලමූ සාරියක් තෝරාගන්නේ කොහොමද කියල. ඕනෑම කෙනෙක් ඕනෑම ඇඳුමක් තෝරගන්න ඕන තමන්ගේ ශරීරයට ගැළපෙන විදිහට. පැහැය ගැන සැලකිලිමත් වෙන්නම ඕනේ. පැහැයෙන් අඩූ යූවතියකට තද පැහැති වර්ණ ඒ තරම් ගැළපෙන්නේ නැහැ. පැහැපත් යූවතියකට නම් ඕනෑම පැහැයක් ගැළපෙනවා. නමූත් තමන් සහභාගිවන උත්සවය හෝ දවසේ කාලය ගැන සැලකිලිමත් වෙලා සාරිය තෝරාගන්න ඕනේ.

බරින් අඩූ සාරියක් තෝරාගැනීමත් ඉතාම වැදගත්. නූහූරු ඇඳුමක් නේ. ඒක බරිනූත් වැඩි වූණොත් ඇවිදගන්නත් බැරි වේවි. ටිෂූ, ඔගැන්සා, නෙටි, වගේ සාරි නම් මූල්වරට සාරි අඳින යූූවතියකට හොඳින්ම ගැළපෙනවා. තනියම ඇඳගන්නවා නම් ටිෂූ සාරිය අඳින්න ටිකක් විතර අමාරුයි. අම්මාගේ හරි සොයූරියකගේ හරි උදව් ලබා ගන්නවා නම් ඒකත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
සාරිය තෝරාගත්ත වගේම සාරි හැටිටයත් යට සායත් හොඳින් මසා ගන්න ඕනේ. ලාබාල යූවතියක් නිසා හැටිටයට මෝස්තරයක් යොදා මසා ගැනීම ලස්සනයි. ශරීරයේ ගානටම මසාගත්ත හැටිටයක් ඇන්දම ලස්සන කැපිලා පෙනෙනවා.

සායත් ඒ වගේ. රැළි දාපූ සායවල් සාරියට අඳින්න එපා. එය අනවශ්‍ය විදිහට පිම්බිලා පෙනෙනවා. එයින් අවලස්සනක් එකතු වෙනවා. ඒ නිසා සායත් ඇඟේ ගානටම මහගෙන ඉදිරිපසින් විවරයක් හෝ රැල්ලක් තබා ගැනීමෙන් ඇවිදීම පහසූවෙනවා.

දෑන් අපි බලමූ නිවැරදිව සාරිය ඇඳගන්නේ කොහොමද කියල. මූලින්ම පාවහන් පැළඳගන්න. ඉන්පසූව සාරියේ පොට ඉණේ දකුණූ පැත්තෙන් සායට තබා කටූවක් ගසාගන්න. කටූවක් ගසා ගැනීම අවශ්‍යයි. එවිට සාරිය පෑගුනත් ගැළවෙන්නේ නෑ. සාරිය බිම මටිටම දක්වා තිබිය යූතුයි.

දෑන් සාරිය වටයක් කරකවා දකුණූ පැත්තෙන් ඉදිරියට ගන්න. වටෙිට සාරිය සායට යට කරන්න. දකුණූ පැත්ත පමණක් ඉතිරිකර නැවත රවූමක් කරකවා සාරියේ පොට දමාගන්න.
මූල්වරට සාරි අඳින යූවතියක් නිසා පොට රැළි තබා ගැනීම සූදුසූයි. නැතිනම් එය හිරිහැරයක් වේවි. දෑන් රැලිවල යටින්ම ඇති සාරියේ බෝඩරය ඉණ පිටූපසින් මදක් ඉහළට ගෙන ඉදිරිපසින් මදක් දකුණට වන සේ තබා කටූවක් ගසන්න. මැදින් මෙය රැඳ වීම සූදුසූ නැහැ. දෑන් දකුණූ පැත්තේ ඉතිරි කළ කොටසින් රැළි තැබීම ආරම්භ කරමූ. එහි පළමූ රැල්ල උසින් වැඩිවන සේ හා පළලින් වැඩිවන සේ තැබිය යූතුයි. එයට හේතුව ඉණ හා උකුල අතර මිමි ප්‍රමාණයන් වෙනස් නිසා රැළි ඇතිවීම වැළැක්වීමයි. පසූව ඉතිරි කොටස සමාන රැළි තබා ගෙන කටූවක් ගසාගන්න. රැළි එකතු කර කටූවක් ගසා ගැනීමෙන්ද එය ගැළවීමට ඇති ඉඩ ඇහිරෙනවා.
දෑන් එම කොටස සායට යට කරන්න. රැළි ටික පිළිවෙලට සකස් කරගන්න. රැළිවල පිටපැත්තෙන් කටූ ගසන්න එපා. පහතින් වැඩිපූර ඇති රැළි ද ඇතුළට කර කටූවක් ගසන්න.
මූලින් රඳවාගත් සාරි පොට නැවත නියමිත අයූරින් ගසාගන්න. එහි උරහිස මත හා එයට අඟල් 4 ක් පමණ පහතින් හැටිටයට අල්ලා කටූ ගසා ගත යූතුයි.
ඉදිරිපස රැළි වඩාත් දිගට හෝ කෙටිවට තබන්න එපා. වඩාත් දිගුවීමෙන් ඇවිදීම අපහසූ වේවි. ඇවිදින විට රැළි ඉදිරියට විසිවන ආකාරයට පය තැබීම නිසා ඇවිදීම පහසූ වෙනවා.
කුඩා හිස සැරසිල්ලක්, චාම් ආභරණ ඔබට තෝරාගන්නට පූළුවන්.
මේ විදිහට ඇන්දොත් ඉස් ඉස්සෙල්ලාම සාරි ඇන්ඳේ අද කියල කවූරුත් කියන එකක් නෑ.






රූපලාවන්‍ය ශිල්පිනි චන්දිමා සඳමාලි
සඳා බ්‍රයිඩ්ල් ඇන්ඩ් ඩ්‍රස්මේකින්
රද්දොළුගම

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment