බල්ලන්, බළලූන්ගේ මවිල් මොළයේ තැන්පත් වෙන්න පූළුවන්ද?

පූූංචි දරුවන් සූරතල් සතුන්ට හරිම කැමතියි. විශේෂයෙන්ම බල්ලන් පූසන්ට හරියට ආදරය කරනවා.

ඇතැම් දරුවන් පූස් පැටව්, බලු පැටව් ළඟින් තියාගෙන හූරතල් කරනවා විතරක් නෙමෙයි කොටිටෙි තියාගෙන නිදාගන්නා අවස්ථාත් තිබෙනවා.

බළල් මවිල් බලු මවිල් දරුවන්ට ඉතාම නූසූදුසූ බවට අපේ සමාජය පූරා නොයෙකුත් කතාබහ තිබෙනවා. ඒ වගේම මේ බළල් මවිල් බලු මවිල් දරුවන්ගේ මොළයට ගොස් ඒවා මොළයේ තැන්පත් වී දරුවන් මරණයට පත් විය හැකි බවට අප සමාජයේ භයානක කතාබහක් තිබෙනවා. ඇත්තටම එහෙම බලු මවිල් බළල් මවිල් මොළයේ තැන් වෙන්න පූළුවන්ද? එහෙම වෙලා දරුවන් මරණයට පත් වෙන්නට පූළුවන්ද කියලා අපි ළමා රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය වයි කුලසේකර මහතාගෙන් විමසූවා.

ඇත්තටම ඔය වගේ කතාවක් සමාජයේ තිබෙනවා. ඒත් එහි සත්‍යතාවක් නැහැ.

හැබැයි මෙන්න මේ වගේ දෙයක් නම් සිදු වෙනවා. බළලුන්ගේ බල්ලන්ගේ ඇගේ පහසූවේ දූවිලි එකතු වෙනවානේ. ඉතිං දරුවන් මේ සතුන් සමග නිතරම දෑවටීම නිසා දූවිලි නම් නාසයට යනවා. දූවිලි අසාත්මික වී ඇදුම වැනි තත්ත්වයක් නම් ඇතිවෙන්නට පූළුවන්.

මෙන්න මෙහෙම දෙයක් නම් සිදු වෙනවා බළලුන්ගේ සහ බල්ලන්ගේ මවිල් දරුවන්ගේ නාසයට යන්න පූළුවන්. එහෙම වූණාම කිවිසූම මගින් ඒවා පිටවෙනවා හැරෙන්නට වෙනත් දෙයක් සිදුවන්න් නැහැ.

සූරතල් සතුන් වගේම තමයි රෙදි වලින් සෑදූ වූල් සතුන්. දරුවන් මේ වූල් සතුන්ටත් හරියට කැමතියි. ඒවායේත් හරියට දූවිලි එකතු වෙනවා. දූවිලි සමග වූල් කෙඳි නාසයේ සිරවීමෙන් පෙර සේම එය අසාත්මික වී ඇදුම ඇතිවෙන්නට පූළුවන්.


ලොම්, වූල් වගේ කෙඳි වලින් හැබැයි මෙන්න මෙහෙම දෙයක් වෙන්නට පූළුවන්. ඒවා කලාතුරකින් කිිවිසූම මගින් පිට නොවී හෝ මූඛයෙන් ඇතුළු වී පෙනහළු වල තැන්පත් වන අවස්ථා නම් නැතිවා නොවෙයි. එවිට නියූමෝනියා වැනි තත්ත්වයක් ඇතිවෙනවා. මූල් අවස්ථාවේ ප්‍රතිකාර නොලැබූවොත් භයානක වෙන්න පූළුවන්.
ඊට අමතරව සූරතල් සතුන්ගේ ඇගේ කිනිතුල්ලන් හිටියොත් කිනිතුල්ලන් සපා කෑමෙන් ටික්ස් ෆීවර් කියන උණ රෝගී තත්ත්වය ඇතිවිය හැකියි.

ඒ නිසා කෙහොමත් සූරතල් සතුන් ඇති කිරීමේදී ඔවූන් අනවශ්‍ය ලෙස දරුවන් ළඟින් තබා ගැනීම නම් එතරම්ම සූදුසූ නැහැ.




ළමා රෝග විශේෂඥ
ශල්‍ය වෛද්‍ය වයි. කුලසේකර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment