ලස්සන රූ සපූව

ප්‍රශ්නය
මම පානදුර ප්‍රදේශයේ පදිංචි රැකියාවට යන යූවතියකි. නිතර නිතර අව්වේ යන නිසාත් මූහූණ දූවිලි සහ වාහනවලින් පිටවෙන දුම් නිසාත් අවපැහැ ගැන්වීම ඇතැයි මට සිතේ. මට නිවසේදීම සතියකට සැරයක් ක්ලීන් අප් එකක් කරගත හැකිද? ඔබතුමාගේ උපදෙස් බලාපොරොත්තු වෙමි.
පිළිතුර
ක්ලී්න් අප් එකක් නිවසේදී වූවත් කරගත හැකියි. නමූත් එය සතියකට සැරයක් කිරීම සූදුසූ නොවේ. මූලින්ම ක්ලීන් අප් එකක් කළ යූතු කාල පරාසය ගැන අවබෝධයක් ලබා ගන්න. මෙය මාසයකට සැරයක් කිරීම ප්‍රමාණවත්.
මූලින්ම මූහූණ හොඳින් ක්ලෙන්සර් කරන්න. ඉන් පසූව මූූහූණේ ඇතිවෙන තෙල් ගතිය පහව යනතුරු ෆෙස් වොෂ් එකක් ආධාරයෙන් මූහූණ සෝදන්න. ඉන්පසූව තෙතමාත්තු කර ගැළපෙන පැක් වර්ගයක් ආලේප කරන්න. එහි වතුර ගතිය මූහූණට උරාගත් පසූ වතුරින් සෝදා හරින්න. ඉන්පසූ සමේ විවර වූ සිදුරු සඳහා ටෝනර් එකක් ආලේප කරන්න. විනාඩි දහයකට පසූව ඔබේ සමට ගැළපෙන මොයිස්චරයිසර් කී්‍රම් ස්වල්පයක් ආලේප කර ගන්න.
ෆෙස් වොෂ් මිලට ගැනීමේදී එහි අඩංගු ඡ්‍ය අංකය 5 හෝ ඒ අතරදැයි සැළකිලිමත් වන්න. ඔබ නිතර අව්වට යන යූවතියක් නම් කුඩයක් පාවිච්චි කරන්න. එදිනෙදා ෆෙස් වොෂ් එකක් පාවිච්චි කර උදය සවස මූහූණ සෝදන්න.
----------------------------------------------------------------------------------------------------------------

ප්‍රශ්නය
කුරුළැ ඇති මූහූණකට රාත්‍රි නින්දට යාමට පෙර සූදු හඳුන් උරච්චි කර ආලේප කිරීම සූදුසූද?
පිළිතුරකුරුළෑ ඇති වන්නේ තෙල් සහිත සමක වේ. එම නිසා එවැනි සමක් නිතරම පිරිසිදුව තබා ගැනීම වැදගත් වෙනවා. සූදු හඳුන් කුරුළෑ සමකට ආලේප කළාට වරදක් නැහැ.
නමූත් රාත්‍රියට මූහූණට එක එක දේවල් ආලේප කිරීම මම අනූමත නොකරයි. ඔබ මූහූණ හොඳින් පිරිසිදු කර ඉන්පසූව දහවල් කාලයට හෝ සවසට සූදු හඳුන් ආලේප කර විනාඩි විස්සකට පමණ පසූ සෝදන්න.
සූදු හඳුන් ගලක උරච්චි කරන්නේ නම් එය පිරිසිදු වතුරේ දිය කර ලැබෙන ද්‍රාවණය පෙරා ඉතිරි වෙන මණ්ඩි කොටස වතුරින් මූහූණේ ආලේප කරන්න.
----------------------------------------------------------------------------------------------------------------

ප්‍රශ්නය
ලඟකදී සිට මගේ දියණියගේ ඔළුවට උකුණන් වසා ඇත. මෙම තත්ත්වය ඇගේ අධ්‍යාපන කටයූතුවලට ද බාධාවක් බව ඇයම පවසයි. මෙයට කළ හැකි ප්‍රතිකාරයක් කියන්න.
පිළිතුරුදරුවාගේ කෝණ්ඩය නිතරම පීරා පිරිසිදුව තබන්න. ඔබත් උදව් කරන්න. නිතර නාන්න ෂැම්පූ කරන්න.
නාන්න විනාඩි හතළිස් පහකට පමණ පෙර වෙරළු දළු කොටා තලපයක් සාදා හිස් කබලේ අතුල්ලන්න. ඇඟිලි තුඩූවලින් සම්භාහනය කරමින් පැය භාගයක් තබා සිහින් දෑති ඇති පනාවකින් පීරා නාන්න.
ඔබේ දියණියට සෙම් රෝග ඇති නම් දහවල් කාලයට මෙම ප්‍රතිකාරය සතියකට සැරයක් කර බලන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment