පිරිමි සිතේ රජ බිසෝ නූඹයි-ගැහැනූන්ට තරහා යන්නෙ මොන වගේ දේවල් නිසාද?


මෑතකදී ලොව කළ සමීක්ෂණයකට අනූව හදිසි කෝපයට පත්වන්නේ පිරිමින්ට වඩා කතුන්ය. එනම් ඇය ක්ෂණිකව කෝපයට පත්ව බැණ වැදී හෝ අමනාපයක් පෙන්වා ඒ සමගම සාමාන්‍ය තත්ත්වයටද පත් වේ. නමූත් බිරිඳක හෝ කාර්යාලීය සේවිකාවක් ලෙසින් කෝපයට පත්වීම ඉවසීමේ සීමාව ඉක්මවීම ඇගේ සබඳතාවලට ප්‍රබල බලපෑමට ඉඩ තිබේ. මන්ද පිරිමින්, එකට සේවය කරන්නත් හෝ ස්වාමියාට ඇගේ කෝපයට පත්වීම සිතේ රඳවාගෙන එය පදනම් කරගෙන පසූව ඇයට එරෙහිව කටයූතු කිරීමට හැකිවීමයි. ක්ෂණික කෝපයට පත්වීමෙන් ගිලිහී යන්නේ ගැහැනියකගේ ප්‍රතිරූපයය.

එහෙයින් ඔබ ක්ෂණිකව කෝපයට පත්වන අවස්ථා හඳුනාගෙන එය වළක්වා ගැනීමට පිියවර ගැනීම වඩාත්ම සූදුසූය.


ඔබ නිතර කෝපයට පත් වන අවස්ථා
1. සාප්පූ සවාරිවලදී අනවශ්‍ය දුරකතන ඇමතුම් හෝ වැරදි අංකවලට ඇමතීම, වෙළෙඳ පොළේදී සෙසූ පාරිභෝගිකයන් මඟ අවූරා සිටීම,

2. සෙසූ අය කෝපයෙන් කටයූතු කිරීම, දරුවන් හිරි හැර කිරීම.

3. ජීවන වියදම ඉහළ යෑම, රැකියාවක් නොමැති වීම හා මූදල් අඟහිඟතාව

4. අපරාධයක් සිදුවීම

5. සෙසූ අය විසින් අවමං කිරීම, පහත් කර සැළකීම, බොරු චෝදනා එල්ල කිරීම, හා නැති තැන යම් යම් දේ පැවසීම

7. අපිරිසිදු මාවත්, බල්ලන් හා බළලුන් පොරකෑම හා මිනිසූන් පදික වේදිකා අපවිත්‍ර කර තිබීම

8. සේවකයන් අනවශ්‍ය ලෙසින් කාලය විනාශ කිරීම

9.අනවශ්‍ය විහිළු කරන පිරිමින්

10. ආයතන ප්‍රධානීන් හා දේශපාලනඥයන්ගේ නොමනා පරිපාලනය

11. වැරදියට රිය දවන රියදුරන්

12. දඟකරන දරුවන් හා වැරදි කරන දරුවන්

13. නිවසේ අඩූපාඩූ තිබීම, ඇඳුම් මැසීමේදී වැරදියට මිමි ලබා ගැනීම, යමෙකු සිත් රිදවන දෙයක් කීම, හා පමණට වඩා කටයූතු කිරීමට සිදුවීම

14. වැරදිකරු බවට චෝදනා කිරීම දරුවන් වැඩිහිිටියන් හා සතුන් හිරිහැර කිරීම.

15. බොළඳ ගුවන් විදුලි වැඩසටහන්

මෙම කරුණූ සියල්ලම පාහේ ඔබවද ක්ෂණිකවම කෝපයට පත්කරන ඒවා බව ඔබටම වටහා ගත හැකිය.


ක්ෂණිකවම හා නිතර කෝපයට පත්වන කතුන් පිළිබඳව අධ්‍යනයක් ක ග්‍රන්ථය රචනා කළ ආචාර්ය හොවෙල් පවසන්නේ එසේ වීමට හේතුව අධික කළකිරීම හා පශ්චාත්තාපය බවය. අන් දෙයක් කෙරෙහි දක්වන නූරුස්නා බව තවත් සිද්ධියකදී පිටකිරීම ඇගේ සිරිතය. උදාහරණයක් ලෙසින් ඔබ සැමියාගේ මව හෝ සහෝදරියන් ප්‍රිය නොකරන්නේ නම් ආහාරයක ලුණූ මඳක් වැඩිවීමෙන් කෝපයට පත් වීමට හැකිය. යම් දෙයක් ඉල්ලා සිටි දරුවෙකුට තරවටූ කිරීමට හැකිය. ඒ කෝපය අන් ලෙසකින් පිට කිරීමකි.


විශේෂයෙන්ම වැඩට යන කතුන් රාත්‍රියේදී තම දරුවන් හා සැමියා සමග කෝපයට පත්වීම සාමාන්‍ය සිද්ධියකි.

එයට ඇගේ ගමන් වෙහෙස කාර්යාලීය පීඩනය හේතු විය හැකිය. එයට හේතු වන්නේ කාර්යාලීය සේවිකාවක හා ගෘහනියක සේ ඇය ගෙවන ජීවන දෙක ඒකාබද්ධ කර ගැනීමේ අසීරුතාවයය. නමූත් එය ප්‍රබල වරදක් වන්නේ එවිට ඇය එම තනතුරු දෙකෙහිම අසාර්ථකවීමේ හැකියාවක් තිබීමෙනි.


කෝපය විග්‍රහකර බලන්න
විවාහ හා පවූල් සබඳතා පිළිබඳව දිගු කාලීනව අධ්‍යයනය කළ මනෝ විද්‍යාඥවරයෙකු වන ආචාර්ය ෆෙඩ්රික් ජි හම්ප්‍රි පවසන පරිදි කතුන් කෝපයට පත්වීම සඳහා බලපාන ප්‍රධාන කරුණූ 5 ක් වෙයි.


අසාධාරණ පෞද්ගලික විවේචන

වරදක් නොමැතිව අසාධාරණ ලෙසින් තමාව විවේචනය කරද්දී කතුන් ක්ෂණිකවම කෝපයට පත් වේ.

විශේෂයෙන්ම මෙය ඇය සැමියා සමග දබර ඇති කිරීමට බලපාන ප්‍රධාන සාධකයකි.

සාමාජීය දෑක්ම

සමාජය ගැහැනිය සූළු කොට සැලකීම හෝ ඇයට හිරිහැර වන අන්දමින් හැසිරීම හා යම් යම් පැවතීමට එරෙහිවද ඇය කෝපයට පත් වේ.

විශ්වාසවන්තයන් ගැරහීම

තමා බොහෝ විශ්වාස හා ආදරය කළ පූද්ගලයන් තමාට ගැරහීම වැරදියට දෑකීම හා පහත් කර සැලකීම ඉදිරියේදී කතුන් ප්‍රබලව කෝපයට පත් වේ. ඇය එවිට සිතන්නේ ඔවූන් විශ්වාස කිරීමෙන් තමා මෝඩයකු බවට පත්වූයේ යැයි යන්නය.


තමාගේම හැසිරීම්
සෑම ගැහැනියකගේම ප්‍රාර්ථනය වන්නේ සමාජය ඉදිරියේ ගෞරවනීය හා සාඩම්බර චරිතයක් බවට පත්වීමටය. ඇය සියලු දේ කරන්නේද එම සූපිරි ගැහැනිය වීමට නමූත් තමාට හානිකර සිදුවීම් හෝ හැසිරීම් තමා අතින් සිදුවූ විටදි ඇය කෝපයට පත්වන්නීය.


නොසලකා සිටීම හෝ කෲර ක්‍රියා
තමාව සෙසූ අය නොසළකා සිටීම ආදරයෙන් නොසැලකීම හෝ කෲර අන්දමින් සැලකීම කෙරෙහිද ගැහැනූන් ක්ෂණිකවම කෝපයට පත් වේ.


පිරිමින් ක්ෂණික කෝපයට පත්වන කරුණූ 5 ක්
ඔබ කෝපයට පත් වන කරුණූ අධ්‍යයනය කළා සේම පිරිමින් කෝපයට පත්වන කරුණූූද අධ්‍යනය කිරීම වැදගත් වේ. එයින් ඔබට ඔහූ සමග යහපත් සබඳතාවක් ගොඩ නගා ගැනීම පහසූ වේ.


අන් අයෙකු පීඩාවට පත්කිරීම හෝ ප්‍රමාද වීම

අසරණයන්ට හිරිහැර කිරීම දෑකීමට පිරිමි එකඟ නොවෙති. එමෙන්ම යම් කටයූත්තකට පමා විමද එසේමය.

දයාවක් නොපෑම හෝ කෲර ලෙස සැලකීම

සෙසූ අය වෙතින් ආදරය සහයෝගය හා දයාව නොලබන විටදීද ප්‍රධානීන් හා සෙසූ සමීපතමයන් තමාට කෲරකම් කරද්දීද පිරිමි කෝපයට පත් වෙති.

රජයේ වැරදි තීරණ ශේ්‍රෂ්ඨ පූද්ගලයන්ගේ වැරදි ක්‍රියා හා ප්‍රධානීන්ගේ අසාධාරණ අණකිරීම්

ඉහත සඳහන් ක්‍රියාවලදී පිරිමි ක්ෂණිකවම කෝපයට පත්වන්නේ එය පිරිමිකමෙහි බලය හීන කිරීමක් යැයි සිතීමෙනි.

අනවශ්‍ය ඇඟිලි ගැසීම

පිරිමි අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලට ප්‍රිය නොවෙති. බොහෝ අවස්ථාවවලදී ඔවූන් තම බිරිඳ සමග ගැටූම් ඇතිකර ගැනීමට මෙය හේතු වේ.

අනවශ්‍ය බලපෑම් කිරීම

පිරිමින් අන් අයෙකු තමාට බලපෑම් කරනූ දෑකීමටද ප්‍රිය නොවේ.

කෝපය මඟහැර ගන්නේ කෙසේද?
බ්‍රිතාන්‍යයේ බර්මින්ග්හැම් සරසවිය කළ අධ්‍යනයකට අනූව සෑම ගැහැනිියකම අවම වශයෙන් සතියකට වරක් හෝ ප්‍රබලව කෝපයට පත් වේ. එම කෝපය හට ගන්නේද යම් සිද්ධියක් හෝ හැසිරීමක් පදනම් කර ගෙන ක්‍රමයෙනි. එවිට එය මඟ හැර අන් දෙයක යෙදීම හෝ අන් පැත්තකට යෑම වැදගත් වේ.


එයට අමතරව කෝපයට පත් වන සෑම අවස්ථාවකදීම එම හැඟීම අන් හැඟීමකට මාරු කර ගැනීමද ප්‍රතිඵල දායක ය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment