පලිිගැනීම පලවා හැර ආදරයෙන් ලොවම දකිමූද?



මම නම් ඕකිව ඉතුරු කරන්නේ නැහැ. කොඩිවිනයක් හරි කරනවා. කොච්චර ආදරයෙන්ද මම ඒකිව හැදුවේ. ලබන ආත්මෙ සර්පයකු හරි වෙලා ඕකිව කා දමනවා. යනූවෙන් දෑඩි ආවේගකාරී ලෙස ඇය කියාගෙන කියා ගෙන යයි. මෙසේ දෙස් දොවොල් තියන්නේ අම්මාය. හොර රහසේ තරුණයකු සමග පැන ගිය තමන්ගේම දුවණිය වෙනූවෙනි.

තමන්ගේම අම්මා තම දරුවා වෙනූවෙන් මේ හැටි ද්වේෂ සහගතව කටයූතු කරන්නේ ඇයි. ඇයගේ සිතෙහි හටගෙන ඇත්තේ දුවගෙන් පලිගැනීමේ අදහසකි. දසමසක් කුසේ රඳවා ආදරයෙන් ලේ කිරි පොවා හදා වැඩූ දුවනිය වෙනූවෙන් ඇය මෙසේ කියයි. මෙතන ඇත්තේ ආදරය වෛරයක් බවට පත් වීමයි.

මිනිසූන්ගේ සිත්සතන් වලට පලිගැනීමේ චේතනාව පහල වන්නේ ඇයි?
තම ආදරයෙන් ඇති දැඩි කළ හෝ ආරක්ෂා කළ හෝ රැක බලා ගත් වස්තුවක් හෝ දෙයක් තම රුචිය නොවිමසා වෙනස් කෙනෙකු සතු වන්නේ නම් සාමාන්‍ය ජනතාව තුළ පලිගැනීම ඇති වෙයි. ඇතැම් අවස්ථාවල තමා හට ලැබෙන්නට ගිය ලාභය අන් අයකු විසින් වළකන ලද්දේ නම් ඒ අවස්ථාවෙහිද මෙම චේතනාව හට ගනී,

පලිගැනීම විවිධාකාරය. අන්‍යන්ගෙන් තමාට සිදුවූ හානියක් වෙනූවෙන් අලාභයක් කිරීම, තමාට කිසිම අලාභයක් නොවූණත් ඔවූන්ගේ සමගිය හෝ දියූණූූව ඉවසන්නට බැරි වීම, තම හිතමිත්‍රයකුට අලාභයක් කිරීම නිසා ඒ වෙනූවෙන් පෙනී සිටීම ආදී වශයෙනි. කොහොම මොන ආකාරයකට හට ගත්තත් පලිගැනීමේ සිතුවිල්ල පළමූව හානි කරන්නේ තමන්ටමය. සිය රුධිර ධාතුවට ප්‍රථමයෙන් හානි කරයි. ශරීර ශක්තිය අඩපණ කරයි. සිතුවිලි අපවිත්‍ර කරයි.

බොහෝ අවස්ථාවල තමන්ගේ සිත තුළ හට ගනූ ලබන මෙබඳු විෂම කල්පනා විසින් තමා ජීවත් වන පරිසරයද අපවිත්‍ර කරනූ ලබයි. එම චේතනාව සහිතව සිටින අවස්ථාවල තම හිත මිතුරන්ද තමන්ට අහිමිවිය හැකියි. තමාපිළිබඳව දෑඩි අභිමානයකින් සිටින අය හට නිතර නිතර අන්‍යන්ගෙන් පලිගැනීමේ සිතුවිල්ල හට ගනී,


මෙබඳු සිතුවිලි ඇතැම් විට ඉතා ඉක්මනින් අමතකව යයි. අමතක වීම පූද්ගලයාට කරන යහපත මෙයයි. තමා හට නරක නපූරු සිතුවිල්ලක් අති වූණද එය තමාටම නොදෑනූවත්ව තමාගේ සිත වෙතින් ප්‍රතික්ෂේප කරනූ ලබයි. බොහෝ යහපත් පූද්ගලයන් තුළ මෙම ගුණය පැහැදිලිව දක්නට ඇති අතර ඔවූන් සමාජය දෙස බලන්නේ සමාජ හිත කාමී බවින් යූක්තවයි. එසේම අයහපත් සිතුවිල්ලක් සිතෙහි තබාගෙන සිටීම මගින් තමාටම අයහපත සිදුවන බව ද්න්නා නූවණැත්තෝ එය අමතක කර දමති. එසේ කරන්නට වෙර දරති. එබඳු අවස්ථා සමාජය දෙස හා පූද්ගල චරිත පිළිබඳ අවධානය යොමූ කර බලන විට ඉතා පැහැදිලිව පෙනෙයි.


සමහර සිතුවිලි ගලේ කෙටූ අකුරක් මෙන් සිත තුළ කිඳා බැස සිටි. ඇතැමූන් එසේ ඒවා තැන්පත් කර ගනී. උපවිඳාානය දක්වා ගමන් කරන මෙබඳු වෛරී පලිගැනීමේ සිතුවිලි සිතයට තැන්පත්ව අමතකව යයි. එබඳු ඒවා පූද්ගලයාට නොදෑනීම චර්යාවන් බවට පත්වෙයි. ඇතැම් පූද්ගලයන් දුටූවිට කිසිදු සබඳකමක් නැතිවද දුටූ සැනින්ද පලිගැනීමේ අදහසක් තරහවක්, නොමනාපයක් පහළ වන අවස්ථා ඔබ අත් දෑක ඇත. මෙබඳු දේ පහළ වන්නේ එවිටයි. උප විඥානයන යන සිතුවිල්ල ඔහූට නොදෑනීම චර්යාවන් බවට පත් වෙයි. මෙය ඉතාමත් භයානක තත්ත්වයකි.


අනෙක් අවස්ථාව වන්නේ තරහ හිත යට තබා ගෙන ලද විරුමයෙන් සිය මන දොල සපූරා නැතිනම් හිතවත් කම් ලෙන්ගතු කම් පෙන්වමින් උදවූ පදම් කරන දුකට පිහිට ඔවූන් අඩූවක් දුටූ තැන වහා පලිගැනීම කරයි. ඒත් දෑඩි හිතවත් කමකින් සිටින බව අඟවයි. මෙබඳු අය මිත්‍ර ප්‍රතිරූපකයන්ය. ඔවූන්ගෙන් දෑඩි සේ ආරක්ෂා විය යූතුමය. තමදුකේදී තමාටත් වඩා දුක්වන තමනගේ ගුණ තමා ඉදිරියේම කියන පූද්ගලයන් ඇසූරු නොකළ යූතු අය ලෙස බණ දහමේ උගන්වයි.


පලිගැනීම ඒ හා සම්බන්ද අදහස් මනසේ තබා ගැනීම මානසික විකෘතිභාවට හා මානසික රෝගී තත්ත්වයන්ට ප්‍රධාන හේතුවයි. එම ස්වභාවය පසූව කායික රෝගි බවටද හේතු වෙයි. භවයෙන් භවයට ගමන් කරන මෙබඳු පවිටූ සිතුවිලි දුරන් දුරු කරලීමට ඥානවන්තයා සමත්වෙයි.

පාතේගම ඤානිස්සර හිමි


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment