දියණිය වැඩි වයසින් මල්වරවීම පියාට අගුණද?

පැරණි සමාජයේ දියණියක් මල්වරවීම පිළිබඳව පැවති විවිධ චාරිත්‍ර සූබ අසූබ පිළිබඳව එදා මෙන්ම අද ද පිළිගැනීම් පවතී.

දියණියක් මල්වර වීම නිසි වයසේදී සිදු නොවූණූ විට පියාට අසූබ ගෙන දෙන බවට පැරණි සමාජය තුළ පැවති මතය

පිළිබඳව අපි ජ්‍යෙතිෂ්‍ය මත විමසූමක් කළා.

පැරණි සමාජයේ අපේ වැඩිහිටි පිරිස මෙවැනි මත ඉදිරිපත් කර ඇත්තේ සමාජ පැවැත්මට විය යූතු අතර මෙහි කිසිදු විද්‍යාත්මක සත්‍යයක් නැහැ.

මල්වරවීම පිළිබඳව කතා කරන විට අපට ගැහැනූ දරුවන් ගැන පමණක් සිතිය නොහැක. අප සමාජයේ ගැහැනූ මෙන්ම පිරිමි ළමූන්ද ජීවත් වෙයි. මේ නිසා මල්වර වීම යනූ ගැහැනූ දරුවන්ට පමණක් සීම වූ දෙයක් නොවේ. මෙය පිරිමි දරුවන්ටද සිදුවන අතර දෙපක්ෂයේම කායික වින්දනයකට ශරීරය සූදානම්වීමක් මල්වර වීම යනූවෙන් අදහස් කරයි.

නමූත් මෙහි ඇති විශේෂය නම් ගැහැනූ දරුවෙක් මල්වර වීමෙන් ඇයට මාතෘත්වය සූදුසූ බව දෑන ගැනීමට හැකි නිසා වැඩිහිටි අය ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමූ කිරීමයි.

ගැහැනූ දරුවෙකුගේ මෙය අවූරුදු නවය හෝ දහසය වන විට සිදුවිය හැකි නමූත් කුඩා අවධියේදී පවා මල්වරවීම සිදුවන අතර වයස ඉක්මවායාමේදී සිදුවිය හැකිය.

වයස ඉක්මවා යාමේදී මල්වර වීම අසූබ යැයි පිළිගත්තද එහි සත්‍යයක් නොමැත. මෙය සිදුවන්නේ ඇයගේ ශරීරයේ යම් යම් අඩූපාඩූ නිසා විය හැකි අතර ජානවල අඩූපාඩූකම් හා පරම්පරාවේ ලක්ෂණ අනූවත් ප්‍රමාද විය හැක. මෙවැනි කාරණා හේතුවෙන් මිස මල්වර වීම ප්‍රමාද වීමෙන් පියාට අපල යැයි පිළිගත නොහැක.


පැරන්නන් අතර මේ පිළිබඳ තද බල ලෙස පවතින්නේ ඉන්දියාව වැනි පෙරදිග රටවල මෙය බහූලව විශ්වාස කරන නිසා විය යූතුය. නමූත් බටහිර රටවල මෙය විශ්වාස නොකරන අතර ඔවූන් මෙය පිළි නොගන්නේ කිසිදු විද්‍යාත්මක සත්‍යයක් නොමැති නිසා විය යූතුය.

මල්වර වීමකින් පියාට අසූබ යැයි පිළිගැනීම අපහසූය.

පාරම්පරික අසූබ යැයි පිළිගත්තද එවැනි සිදුවීමක් තුළින් පූද්ලගයෙකුගේ ජීවිතයට සිදු කරන බලපෑම අසූබ යැයි පිළිගත නොහැක.

ජ්‍යෙතිෂයට අනූව පිළිගත් මතය නම් කෙනෙකුගේ අසූබය තවත් පූද්ගලයෙකුගේ ජීවිතයට බලපෑම් ඇති කළ නොහැකි බවයි.

මන්ද දියණියකගේ ජීවිතයේ සිදුවන දෙවැනි සූන්දර සිදුවීම නම් ඇයගේ විවාහ විඳියි. විවාහ වන දියණියගේ කේන්ද්‍රයේ මල්වර ඵල බැලීමක් සිදු කරන්නේ නැති අතර එහිදී පරීක්ෂා කර බලනූයේ ජන්ම පලා පලයයි. මේ නිසා දියණිය නිසි කාලයේදී මලවර නොවීමෙන් අන් අයට අසූබ වේ යැයි මතය පිළිගත හැකිද?

පූද්ගලයෙකුගේ දෛවය හා පෙර කර්ම ශක්තිය අනූව අසූබ ඵල ලැබෙන අතර තව අයෙකුගේ ජීවිතයේ බලපෑමකින් සිදු නොවේ. තවද හොඳම උදාහරණයක් බලන්න. ඔබගේ දරුවා අංගවිකල ලෙස මෙලොව එළිය දුටූවිට ඔබ ඔහූව පවූලෙන් ඉවත් කර මගේ කරුමෙට හම්බවූණා යැයි පවසයි. නමූත් එය ඔබගේ කරුමය නිසා සිදුවිය හැකි අතර දරුවා උපදින විට කේන්ද්‍රයේ පියාට අපල යැයි තිබූණහොත් පියාගේ ජානවල දුබලතා ඇත්නම් පමණක් එය පියාට අපල විය හැක.

එය තමන් ගෙනා කර්ම ඵල අනූව සිදුවන අතර දියණියකගේ මල්වර වීමකින් කෙනෙකු ගේ (පියාගේ) ජීවිතයට බලපෑමක් කිරීමට නොහැකිය.

මෙවැනි මිත්‍යා විශ්වාස පසූපස නොගොස් අප ජීවත් වන දියූණූ සමාජයට ගැළපෙන ලෙස ජීවිතය හැඩ ගස්වා ගෙන බූද්ධ දේශනා අනූව නිවැරදි දෑකීමෙන් දෛවය ලෙස බැලීම වටී.



ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී ගත්කතුවර විජයසිරි විද්‍යාරත්න

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment