බිත්තර ආහාරයට ගැනීම ප්‍රවේසමෙන්

Prof. Yoshinori Mine holding three eggs
ඉතාම ලාබදායි මගකින් වැඩිම ප්‍රෝටීන ප්‍රමාණයක් සිරුරට ලබා ගැනීමේ හැකියාව බිත්තරවල අන්තර්ගතව තිබෙනවා. හැම හොඳ දෙයකම නරකක් ගැබ් වෙලා තියෙනවා, කියන අදහස අපට අත්හරින්න බෑ. ආහාර විෂ වීමේ ප්‍රවණතාවය බිත්තරවල ඉතාම ඉහළයි.

විශේෂයෙන් නොපිසූ හෙවත් අමූ බිත්තර වලින් ආහාර විෂවීමට තිබෙන සම්භාව්‍යතාවය බොහොම ඉහළයි. ගමන් බිමන් යන අතරතුර තිබෙන ආහාර පිසීමේ ගැටළුවලට පිළියම් ලෙස බිත්තර වලින් වේල පිරිමසා ගන්නත් එහි අතුරු විපාක අපි සිතන තරමටම සූළු පටූ නැහැ. ළදරුවන්ට වගේම ගර්භනී මව්වරුන්ට බිත්තර විසවීමේ පල විපාක දරා ගැනීම සාමාන්‍ය පූද්ගලයන් තරමටම ලෙහෙසි නෑ. අයිස්කී්‍රම්, පූඩිං, කේක් වැනි අතුරු ආහාර පීසීමේදී නරක් නොවූණ බිත්තර භාවිතයට ගැනීම ඉතාම වැදගත්. බිත්තර නිසා සිදු වෙන ආහාර විසවීමේ ක්‍රියාවලියෙන් ආරක්ෂාව ලබන්නට ඔබ විසින් අනූගමනය කළ හැකි ූපැස්චරිකරණය නොකළ බිත්තර සෙල්සියස් අංශක 70 ක උෂ්ණත්වයට තම්බා ගන්න. මෙහිදී සූදුමදය සහ කහ මදය එකම මටිටමකට ඝනවන පරිදි තම්බා ගන්න.

කැබලි කරන ලද හෝ බදින ලද බිත්තර එහි දියර ගතිය ඉවත් වන පරිදි පිළියෙල කරන්න. බිත්තර තම්බන විට ඒ වෙනූවෙන් මිනිත්තු 7 සිට 9 අතර කාලයක් තබන්න. එවිට කහමදය සහ සූදුමදය ඝන බවට පත් වේ.

අමූ බිත්තර සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය එකට ගබඩා කිරීමෙන් වැළකීම වැදගත්.

කිසිම දිනක බිත්තර ගබඩා කිරීමට පෙරාතුව සේදීම නොකළ යූතුයි. බිත්තර කටූව පිටත ලේ අසූචි තැවරී ඇත්නම් පිසීමට පෙරාතුව සෝදා ගන්න.

බිත්තරයක කටූව බිඳී ගියේ නම් හෝ පලූදු වූවා නම් එය ඉක්මනින්ම ආහාරයට ගන්න. බිත්තර කටූව බිඳී ගිය කාලය ගැන ඔබට වැටහීමක් නොමැති නම් එය ආහාරයට නොගෙන සිටීම වැදගත් බව සිත තබා ගන්න. ඔබගේ සූළු මූදලක් ගැන සිතමින් බිත්තරය අපතේ නොයවා ආහාරයට ගැනීම මගින් හදිසියේ හටගන්නා රෝගවලින් ඔබ ඉබේටම අසීරුවට පත්වනූ ඇත

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment